ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල‘ කෘතිය එළි දැක්වීම දෙසැම්බර් 20 වැනි අඟහරුවාදා සවස තුනට කොළඹ 05 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.
වසර 27කට පෙර පැවති ජවිපෙ දෙවැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විතය. ඡායාරූප 1289ක් ඇතුළත්ය. ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් බව කතුවරයා කියයි..
මෙම ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විත බව කතුවරයා පවසයි.
ධර්මන් වික්‍රමරත්න මහතාගේ 52 වැනි කෘතිය මෙයයි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන දරන පොත එළි දැක්වීමේ උළෙලේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර් ගාමිණී සමරනායක සහ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහත්වරු දේශන පවත්වති. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පාලිත පෙරේරා විසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක, මේගොල්ලන්ව අතුගාලා අරගොල්ලන්ට දාසකම් කරනවා. සමාජයේ වෙන වෙනස්කම් සමඟ ඉදිරියට යන්න. එකතැන පල්වෙන්න එපා. දැන් මේ 1989 නොවෙයි. ඔහොම සිතන එක ඔබේ වැරැද්දක් නොවෙයි සිංහල ජාතියේ වැරැද්ද. එක තැන පල්වෙන සිංහලයෝ. (නි)
මේ හැම එක්කෙනාම කතා කරන්නේ 1971,1989 වෙච්ච සිදුවීම්. ඒවා නිසා මිනිසුන් මැරුනා. එපමණයි. රට පාවාදීමක් ගැන කතා වුණේ නැත. නමුත් 2005 රටින් කොටසක් ප්‍රභාකරන්ට දෙන්න ලැහැස්ති වුණා නේද, මේ යුද්ධය දිනන්න බැහැ කියලා? ඒ ගැන කව්රුත් කතා නැහැ. මේ ආණ්ඩු දෙකම ඔවුන්ගේ මන්ත්‍රීන් සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. ඒ ගැන කව්රුත් කතා නැත. (නි)
චාමික, සිංහලයින්ට ජාතියක් වශයෙන් කවදාකවත් නැගිටින්න බැහැ. එ් බව දන්නා දේශපාළුවන් ඔවුන්ව හූරාගෙන කනවා. මෝඩ සිංහලයා එ්කෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත. (නි)
ඔව් එ්ත් එයාලා කියන්නේ යූඑන්පීයේ වැරදි ගැන විතරයි (නි)
ඔය පොත ලියපු අය පහුගිය වකවානුවේ කොහේද හිටියේ මොනවද කළේ කියලත් හොයලා බලලාම හිටියා නම් හොඳයි (නි)
කුමාර්, අරවින්ද මහත්වරුනි, පිපිරීමක විපාකය ගැන කතාකළත් එයට හේතුව බොහෝවිට අපි කතා නොකරන්නේ මන්දැයි නොදනිමු. පිළිතුරක් නොමැති ප්‍රශ්නයක් විසඳා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයක් සමඟ විනාශයක් අපි දුටුවෙමු. එහෙත් එම ප්‍රශ්නයට පිළිතුරක් තවමත් අපට ලැබී තිබේද? (නි)
මේ පොතෙන් දැන් තොරතුරු එළිවී තිබෙන නිසා මානව හිමිකම් කඩකරපු අයට විරුද්ධව කටයුතු කළොත් නේද හොඳ? (නි)
රටේ අනාගතය අනාථ කළ පක්ෂයක පොතක්. තව ටිකෙන් මෙයාලගේ වැඩ නිසා යුද්ධයත් අතරමඟ නවතින්න තිබුනා. (නි)
පවතින කිසිම ආණ්ඩුවකට දෙයක් කරන්න දෙන්නේ නැති, කයිවාරුකාරයන් දේශපාලනයෙන් අතුගෑවිලාම යාමයි අපේ නම් බලාපොරොත්තුව (නි)
තුන්වෙනි කැරැල්ල එහෙම නොවෙයි නේද? (නි)
චින්තක, පවතින ආණ්ඩුවල හොර බොරු වංචා අපිට දැනගන්න මෙහෙමවත් එළියට දෙන්නේ මේගොල්ලෝ. එ්කත් මතක තියාගන්න (නි)
මහේෂ් මහත්මයා, ජවිපෙ කථනයට දක්ෂ වෙන්නේ සහජ හැකියාවකින් නොවෙයි. කතාකරන කරුණු සත්‍ය හා තර්කානුකූල නිසාත්, ලංකාවේ දේශපාලනය ගැන හොඳ දැක්මක් තියන නිසාත් පමණයි. 88,89 යනු අවුරුදු 79ක අදුරදර්ශී දේශපාලනයේම එක කොටසක් පමණයි. එහි වගකීම සම්පුර්ණයෙන් ජවිපෙ පිට පැටවීම අසාධාරණයි. 88 පසුකර අප අවුරුදු 29 පමණ දැන් විත් තිබෙනවා. 29 අවුරුද්ද් ඇතුළත ජවිපෙ එක වරදක් දේශපාලනිකව, තර්කනුකූලව පෙන්නා දෙන්න ඔබට පුලුවන්නම් මා පුද්ගලිකව ජවිපෙ කෙරෙහි ඇති පැහැදීම ඉවත් කර ගන්නම්. (නි)
වින්සන්ට් මහත්තයෝ, මහජනයා බිය නොවද්දා තමන්ගේ දේශපාලන අදහස් මහජන ඡන්දයකදී ඉදිරිපත්කර දේශපාලන බලය ලබාගැනීම නේද ශිෂ්ටසම්පන්න ක්‍රමය? (බ)
මේ ජේ.වී.පි. කට්ටිය කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්න දෙන්නේ නැහැ. හැමදාම පෙළපාලි උද්ඝෝෂණ. මෙයාලා කරපු දේවල් පොත් ගණන් ලියන්න පුළුවන්. (නි)
88/89 කාලේ පොහොර සංස්ථාවට ගිනි තියපු සමහර අය අද කියනවා ගොවියාට ලැබෙන පොහොර සහනාධාරය මදිලු. (නි)
"දෙවැනි වතාවටත් ඇන්දවීම" මගේ පොතත් හෙටම පිටකරනවා. (නි)
89 තිබුනේ තනි කර ත්‍රස්තවාදයක්. (බ)
මේක කියවල හිටපල්ලා කොමන්ට් දාන්න කලින්. වින්සන්ට් මහත්තයාගේ කතාව ඇත්ත. (බ)
දකුණේ හෝ උතුරේ තරුණ තරුණියන් ආයුද අතට ගත්තේ ,ලංකාවේ දේසපාලනේ තියන වැරැද්දෙන්. ඉස්සල්ල ඒ වැරැද්ද නිවරදි කරන්න ඕනේ. (ර)
අරවින්ද, ඔයා කියන එක හරි වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ තැනට තල්ලුවුණේ ඇයි කියලා තාම හරියට කවුරුවත් කතා කරලා නැහැ. උඩින්පල්ලෙන් අතගානවා විතරයි. මේ ගැන කතාකරපු වාර්තාව, මීට කලින් මේ ගැන ලියවුණ එකම පොතේ වුණත් ඒ ගැන පුළුල් කතිකාවතක් නැහැ කියලා තමයි මගේ හැඟීම (නි)
ලංකාව හොර කල්ලියක් විසින් ගිනිතියපු ගෙයක් වගේ. එකේ ඇතුලේ ඉන්න මිනිස්සු ,ආර්ථික ,දේසපාලන, සමාජීය ගිනිවලින් පිච්චිලා මැරෙන්න වැටිලා ඕජස් ගලනවා . ජවිපෙ මේ පිච්චිලා මැරෙන මිනිස්සුන්ව , ඒ ගිනිගොඩින් එලියට ගන්න මැරීගෙන දගලනවා , ඒ පිච්චෙන සම(හරක්) ජවිපෙන් අහනවා , ගිනිගන්න ගෙදරින් එලියට එන්න , එළියේ වායු සමනය කරලද තියන්නේ කියල. (අ)
ජනතා විමුක්ති පෙරමුණ යනු, තමන්ගේ සහජ කථනයට ඇති හැකියාවෙන් සත්‍ය අසත්‍ය කිරීමත්, අසත්‍ය, සත්‍ය කිරීමත් හැරුනකොට කිසිවක් නොමැති ඇතුළත හිස් බංකොලොත් පක්ෂයක් ලෙසින් හැඳින්විය හැක. (නි)
එහෙම එන්නේ කොහොමද චමික? 88-89 කාලේ ජීවත්වුණු මිනිස්සු තාම ඉන්නවා. (නි)
බලමුකෝ එහෙනම් එහෙම දෙයක්වත් කරලා (නි)
මෙයාලා ලයිට් කණුවල ගැටගහලා මිනිස්සු මරපු හැටිත් මේ පොතේ තියෙනවාද? (බ)
ලක්ෂ ගාණකට පාසල් අධ්‍යාපනය අහිමි වුන හැටි... මට (බාලාංශයේ) පාසල් යන්න වුනේ දවස් 52ක්ලු.. (බ)
ලංගම බස් 550 ක් පිළිස්සීම, මිය ගිය අය දණහිසෙන් පහලට පමණක් එසවීම, රාත්‍රී කාලයේ ගෙවල් වලට කඩා වැදී පුද්ගල හැදුනුම් පත් සොරකම් කිරීම ආදී දේද මේ පොතේ සඳහන්ව තිබිය යුතුයි. (බ)
3 වන් කැරැල්ලට හිතකර පසුබිමක් හැදෙමින් පවතින නමුත් එහි නායකත්වය ගැනීමට සුදුසු කෙනෙක් පේන තෙක් මානයක නෑ (බ)
අනේ රතු අයියේ, මින්පස්සේ අපි වෙනුවෙන් ජීවිතය දෙන්න හදන්න එපා. අපි අපි ගැන බලාගන්නම්. (නි)
පොතට දෙවැනි කැරැල්ල කියලා නම දැම්මට ඒ කාලේ අපි අත්දුටුවේ නම් දෙවැනි භීෂණය. කවුරුහරි දන්නා කෙනෙක් පුළුවන් නම් කැරැල්ලටයි භීෂණයටයි අර්ථපූර්ණ නිරූපනයක් දෙන්නකෝ. (නි)
මේ දේශපාලන පක්ෂයේ අදුරදර්ශි ක්‍රියාමාර්ග නිසා සිංහල ජාතියේ කොන්ද බිඳුනා, සිංහලයාට ලැබුන දෙයක් නැහැ දුක් සෝසුසුම් හැරුනුකොට. ඒ මිය පරලොව ගිය සහෝදරයෝ රට දැය වෙනුවෙන් දිවි දුන්නා (නි)
අපි නම් හදවතින්ම සුබ පතනවා! (නි)
ගංගාවල මළමිනී පාවීම, බටලන්ද ආදී වධකාගාර, වධක ක්‍රම, ප්‍රා දොස්තර, කහ බළල්ලු ආදිය පිළිබඳවද මෙම පොතේ අඩංගුවී ඇතැයි සිතමි. (නි)
ජවිපෙ ගැන මේ කාලේම පොතක් පිට කරන්න ගන්න උත්සාහය පස්සේ ඉන්නේ කවුද කියලා හොයලා බලන්න ඕනෑ. ජවිපෙ සමාජගතවන හැම මොහොතකම එක්කෝ ප්‍රදර්ශනයක්, නැත්නම් වෙනත් සංදර්ශනයක් මඟින් ජවිපෙට පහර ගහන්න ගන්නා උත්සාහය අපි කාලයක් තිස්සේ දැක්කා. මෙයත් එවැනිම උත්සහයක්ද. මෙවැනි පොඩි පොඩි කෙණෙහිලිකම් වලින් ජවිපෙ ගමන නැවැත්විය නොහැකි බව කවුරුත් දැනගත්තොත් හොඳයි. (නි)