19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළු සහගත කරුණු නැවත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් ජනාධිපති සහ අගමැති අද (02) පැවැති විධායක සභාවේ දී එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම පොරොන්දු ඉටු වන තෙක් බලා සිටින බවත්, ඒවා ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරි පියවර ගැන සලකා බලන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න ගැන විධායක සභාවේ කතා නොකරන කට්ටිය එළියේ බොරුවට සද්දෙ දානවට අපි නම් විරුද්ධයි (නි)
19 යනු කොහොමටත් රටට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස මම දකිමි. ජාත්‍යාලයට වෙළෙඳපොළක් ඇතැයි පෙනෙන අවස්ථාවන්හිදී ජාතිකත්වයක් පෙන්නුම් කළත් සමහරුන්ට කොහොමත් ජාතිකත්වයක් නැත. එතුළ හුන්, එයට ජාතිකත්වයක් දීමට තැත්කළ පුද්ගලයන්ට ඉන් ඉවත්වන්නට වුයේ එබැවිනි. (නි)
හරියට හරි ඇසළ. කොච්චර නම් තරුණ ජීවිත නොමඟ යවලා නැතිනාස්ති කළාද? (නි)
සේනාදීර, මහේෂ් වගේ අය කොහේදෝ මඩ වගුරක ගිලිලා ඉන්නවා වගේ මට හිතන්නේ. (නි)
ඕනෑම පුද්ගලයෙක්, ආයතනයක්, පක්ෂයක් සහ රටක් වෙනස් වන සමාජයත් සමඟ එයට හැඩ ගැසිය යුතුයි. නැතහොත් පැවැත්මක් නැත. පරණ (හිටිය) ජනතා විමුක්ති පෙරමුණ 1972 සහ 1989 වැනි කාලයේදී ජනතාව ප්‍රතික්ෂේප කලා. ජනතාවගේ සහභාගීත්වයක් නැතිව විප්ලවයක් ඇතිවන්නේ නැත. එයට ලෝකයේ සාර්ථක වූ සියලු විප්ලව සාක්ෂි දරයි. වි්‍ශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා ශිෂ්‍යයින් පමණක් විප්ලවයක් ඇති කිරීමට මදිය. (ස)
පහුවෙලා හරි කමක් නැහැ, දෙන්නකෝ (නි)
අපි නම් දවල් හීන බලන්නේ නැහැ (නි)
මේ රටට වඩාත්ම විපත් කළ දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි.(දිල්)
කැපුවත් පාට රතු! අනේ ඇත්තට? (නි)
ජවිපෙ කවදාත් සිටියේ සත්‍ය එළිදරවු කරමින් ජනතාවගේ පැත්තේය. (නි)
ජ වී පෙ කවද්ද ඉස්සරහට. රටත් පස්සට ජ වී පෙ තියන කල්. (ස)
එමෙන්ම එදා ඉන්දු - ලංකා ගිවිසුම මගින් සම්මත කළ 13 වැනි සංශෝධනයට එරෙහිව විජේවීරගේ නායකත්වයෙන් දහස් සංඛ්‍යාත තරුණයින් මරු වැලඳ ගනිද්දී එයටත් එහා යන එනම් 13 වැනි සංශෝධනයට වඩා බලවත් පාලන ක‍්‍රමයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයි ඉන්දිය අගමැති මෝදි ශ‍්‍රී ලංකාවේදී ඉකුත්දා පැවසීය. ලංකාවේ ආණ්ඩුවෙන් එයට එරෙහිව කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ එය ඉදිරියේදී ඉඹලා වැලඳගන්නා සැටියෙකි. මේ ෆෙඩරල් ක‍්‍රමය පිළිබ`දව ජවිපෙ අද වන තුරු මුනිවත රැකීමෙන් පසක් කළ හැක්කේ 13 ටත් එහාට උතුරට බලය බෙදන යෝජනාවකට ජවිපෙ අමනාපයක් නැති බවය. (ස)
ජවිපෙ ගැන විතරයි බලාපොරොත්තුවක් තියන්න පුලුවන් (නි)
කඩවුණු පොරොන්දු සහ අවසානයක් නැති බලාපොරොත්තු. ඔහොම යමු. (ර)
ජවිපෙ තමයි අපේ බලාපොරොත්තුව (නි)
සමහර වෙලාවට අපිට හිතෙනවා මේ හිටිය ජවිපෙමද කියලත් ..... (නි)
මෙතන සමහරු කියන්නේ එදා ජේවීපි එක ගැන වෙන්න ඇති.. (නි)
විවේචනය හැරුණුකොට ජේ වී පි එකෙන් කරපු වැඩක් නම් අපි දැකලා නැහැ (නි)
ජවිපෙ මේ වෙලාවේ ඉතා විමසිල්ලෙන් හා අවදියෙන් සිටිය යුතුය. (නි)