“දින 100 අවසන් අවසන් අලුත් දේශපාලන ගමනකට පෙළ ගැසෙමු” යන්න තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ අද (13) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපට දි අත් පත්‍රිකා බේදීය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊට එක්විය.
“දින 100 අවසන් අවසන් අලුත් දේශපාලන ගමනකට පෙළ ගැසෙමු” යන්න තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ අද (13) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපට දි අත් පත්‍රිකා බේදීය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊට එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්වාස කළ හැකි එකම පක්ෂය ජේවීපීයයි. යම්කිසි දැක්මක් තිබෙන, පැහැදිලිවම අප වෙනුවෙන් පෙනීසිටින, වංචා දූෂණයෙන් තොර ,උගත් පිරිසක් එය වටා සිටීම ඊට හේතුව කියා මට සිතේ. (නි)
කොච්චර කෑ ගහුවත් තවම පාර්ලිමේන්තුවේ 5 දෙනෙක්වත් ඉන්නවාද ? ලංකාවේ මිනිසුන්ට කොලපාට නිල්පාට මිසක් රතුපාට පෙන්නන බැහැ (අ)
ලැම්බෝගිනි ගෙනත් තියෙන්නේ කුලියට, රේස් පැදලා අපහු ඇරලා. හොයල වැඩක් නැ....(බ)
මේ කට්ටිය මෙතෙක් නටපු නැටුමකුත් නැහැ එත් බෙරේ පලු දෙකමත් නැහැ. අනේ මන්ද මෙයාලට මේක තේරෙන්නේ නැත්තේ මොකද කියල. අර කිව්වා වගේ මේ සැරෙත් බලන්නකෝ මන්ත්‍රී ආසන 10ක් වත් ගන්න පුළුවන් වේවිද කියල. (අ)
කන කැස්බෑව විය සිදුරෙන් එලිය බලනවා වගේ වැඩක් .(අ)
දැන් නම් මිනිසුන්ට පැහැදිලිවම පෙනෙනවා එජාපයට කඩේ යන බවට (අ)
මම හිතන්නේ කෙසෙල් ගස් ටිකක් හිටෙව්වා නම් මීට වඩා හොදයි (අ)
උගත් බුද්ධිමත් ජනතාව නම් මෙවර ජවිපෙ ඉහලින්ම ඔසවා තබන බවට ලකුණු තියෙනවා.. (කේ)
යුඑන්පියේ තරුණ සංවිධානයේ වයසක මහත්තුරු ටික කල් ඇතුවම ඡන්දෙට පිටපොට ගසති. (කේ)
කල්තියා සූදානම් වෙන එක හොඳයි කෝකටත් (නි)
"ලෙඩා මළත් බඩ සුද්දයි" කිවුවලු. (නි)
එජාපයේ ජයග්‍රණය සඳහා කල්තියාම පාරට බැහැලා වගේ. (හේ)
බලමුකෝ මේ පාර මොකද වෙන්නේ කියලා.(හේ)
ලැම්බෝගිනි අර ගිනි මේ ගිනි කිය කියා විශ්ව විද්‍යාල ඇතුළුව රටම ගිනි තියපු නිසා බුද්ධිමත් ජනතාව මෙයාලව ඉහළින්ම ඔසවා තබාවි නිමල්.අනික ඩිල්ශාන් කියන්න වගේ මෙයාලා අරවා මේවා බෙදලා ඡන්දෙ කොල්ලකන්නේ නැහැ. (නි)
මෙවරවත් ජයග්‍රහනයක් ලබයිද කියලා බලමුකෝ.(හේ)
පෙර සුදානම කෝකටත් හොදයි.(හේ)
ගංවතුර ගලන්න කලින් එයට සූදානම් වෙන එක හොඳයි. ළඟදීම ඔය ගංවතුර එනවා (නි)
රහීම් හරි, ඇත්තටම ඒක එහෙම වෙන්නේ ඇයි.සමන්, ඇත්තටම ලැම්බෝගිනි ගෙනාවේ නැද්ද? මම ලංකාවේ නැති නිසා දන්නෙ නැහැ. (නි)
මෙවරවත් උත්සහයක් අරගෙන බලන්න.(හේ)
ලංකාවේ මුදල් භාණ්ඩ සඳහා පිටරටට ගෙවන්න විතරයි පුළුවන්. අන්තර්ජාල කටයුතු වලින් උපයන මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රමයක් නැහැ. මහබැංකුව සමග සාකච්ඡා කර ක්‍රමයක් සකස්කර දෙන්න. එය ලංකාවේ රැකියා ප්‍රශ්නයට හොඳ විසඳුමක් වේවි. (නි)
යම් මට්ටමකට හොඳයි. නමුත් මීටවැඩිය සමාජවාදී වැඩවල යෙදියයුතුයි (නි)
ජනතා විමුක්ති පෙරමුණ හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි දේට වැරදි කියනවා. ආසන 10ක් දුන්නොත් හොඳටම ඇති. හොරකම් බෑ. බොරුව නෑ, දාමරිකයෝ නෙමේ. (බ)
මොනවා වුණත් මේ මිනිස්සු මහජනයා අතරට එනවා, බටහිර රටවල ඡන්ද අපේක්ෂකයෝ වගේ. අනිත් කරුණ ඔවුන් තහඩු බෙදීම ආහාර බෙදීම, මොබයිල් දන්සල් වගේ ඡන්ද කොල්ලකෑම කරන්නේ නැහැ. ඒකත් හොඳයි. (නි)
කියල වැඩක් නෑ. මෙයාල වගේ අය රටක හිටියොත් , රට ඉවරයි. මහා අසමජ්ජතියෝ ටිකක්. එන්න එන්න දෙන්නම් ඔයාලට නැගිටින්න බැරි වෙන්න (බ)
මෙයාලගේ ඔය දෙපිටකාට්ටු ප්‍රතිපත්ති තිබෙනතුරු ඕක හරියන්නේ නැහැ. එජාපෙන් ඉල්ලන්න. ආසන දෙක තුනක් ගන්න පුළුවන් වෙයි (නි)