IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජවිපේ කැරැලි කණ්ඩායම තහනම් නියෝගයක් ඉල්ලයි

ජනවාරි පළමුවැනි දා තිස්සමහාරාමයේ දෙබරවැව දී පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණු මහා සම්මේලනයට තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් ලබන 30 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ 22 දෙනකුට සහ මැතිවරණ කොමසාරිස්ට කොළඹ දිසා අධිකරණය නොතීසි නිකුත් කෙළේය. එම පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් දෙදෙනකු වන කැරැලි පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහා ජි. කුලරත්න විසින් ගොනු කැරුණු පෙත්සම් දෙකක් කැඳැවූ අවස්ථාවේ දී කොළඹ දිසා විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය කෙළේය.  මහ සමුළුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ව්‍යාවස්ථාවට පටහැනි බවත්, මධ්‍යම කාරක සභාවේ පූර්ණ ඡන්ද බලය හිමි තමන්ට ඉකුත් නොවැම්බර් 29 වැනි දා සිට පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් වලට සහාභාගීවීමට ඉඩ නොදුන් බවත් ඔවුහු කියති.



අදහස් (0)

ජවිපේ කැරැලි කණ්ඩායම තහනම් නියෝගයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site