ජනවාරි පළමුවැනි දා තිස්සමහාරාමයේ දෙබරවැව දී පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණු මහා සම්මේලනයට තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් ලබන 30 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ 22 දෙනකුට සහ මැතිවරණ කොමසාරිස්ට කොළඹ දිසා අධිකරණය නොතීසි නිකුත් කෙළේය. එම පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් දෙදෙනකු වන කැරැලි පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහා ජි. කුලරත්න විසින් ගොනු කැරුණු පෙත්සම් දෙකක් කැඳැවූ අවස්ථාවේ දී කොළඹ දිසා විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය කෙළේය. මහ සමුළුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ව්‍යාවස්ථාවට පටහැනි බවත්, මධ්‍යම කාරක සභාවේ පූර්ණ ඡන්ද බලය හිමි තමන්ට ඉකුත් නොවැම්බර් 29 වැනි දා සිට පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් වලට සහාභාගීවීමට ඉඩ නොදුන් බවත් ඔවුහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd