මෙරට තොරතුරු තාක්ෂණ හා නාවික ඉංජිනේරු සේවා සම්පූර්ණයෙන් ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ සළසමින් අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම පිළිබඳව එක වචනයක් හෝ කතානොකරන තත්ත්වයට අද ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ කියයි.
‘‘සීපා ගිවිසුම අත්සන් නොකරන බව පාර්ලිමෙන්තුවේදී පැවසූ අගමැතිවරයා දැන් ඒ වෙනුවට ජූනි මාසයේදී ඉක්ටා නමින් සීපාම අඩංගු ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙනවා.ඉට්කා ගිවිසුම දෙරටේ රාජ්‍ය නායකයින් අත්සන් කිරීමට නියමිතයි.එසේ ගිවිසුම්ගත වූවායනි පසුව ශ්‍රීලංකාවේ සේවාවන් එකින් එක ඉන්දියාවට විවෘත වීම සිදුවෙනවා.මේක අපේ ආණ්ඩුව හිස් චෙක් පොතක් අත්සන් කරලා කැමති ගණනක් ලියාගන්න කියලා ඉන්දියාවට දෙනවාට සමානයි.‘‘
නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය ගත්තත් මෙවැනිම අවදානමක් තිබෙනවා. මේ ගිවිසුමත් සමග දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ‘හනුමන් පාලම’ ඉදි වීමට නියමිතයි. මන්නාරමේ සිට ත‍්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතයි. මේ සියල්ල සමග ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාවේ වරායක් බවට පත් වේවි. මන්නාරම සිට ත‍්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඉන්දියානුවන් විසින් පාලනය කරන මාර්ගයක් බවට පත් වෙනවා. එවිට ශ‍්‍රී ලංකාව කොටස් දෙකකට කැඩෙනවා. දැනටමත් ත‍්‍රිකුණාමලය වරායේ විශාල කොටසක් ඉන්දියාව විසින් දීර්ඝ කාලීන බදු පදනම මත අරගෙන තිබෙනවා. නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රයේ විවෘත කිරීමත් සමග මේ සියල්ල තවත් වේගයෙන් සිදු වෙනවා. අවසානයේදී ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත් වීමත් සිදු වේවි’’
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා පිටකෝට්ටේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ අය මේවට විරුද්ධ විය යුතු නැත (බ)
ඉන්දික, විජේරත්නලා සිංහල ගූගල් වල ටයිප් කරන්න ඉගෙනගත්තාට, රට දැය කියන සිංහල වචන වල තේරුමවත් හරියට දන්නේ නැති බව වාග් විලාශයෙන්ම පේනවා. එසැණ පුවතකට පාඨක අදහස් දැමීමට ලංකාදීපය ඉඩදී තිබෙන්නේ පුවත්පතකින් රටට වන සේවයේ ඉහළම සේවය ගොනුකිරීමට කියලයි මට හැඟෙන්නේ. ඉතින් මෙම අවස්ථාවෙන් නිසියාකාරව ප්‍රයෝජන ගෙන රටේ උන්නතියට ජනතා අදහස් උදහස් වලින් දායකවීමට නොදන්නා පිරිසක් සිටීම ගැන අපි කලබල නොවිය යුත්තේ සමාජයක විවිධ තරාතිරම් වල උදවියත් සිටිය යුතු නිසා කියා සැනසෙමු (නි)
ඉන්දික - ගම්පහ, ලලිත් සිල්වා, රූපසිංහ, අනේ ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක් මට කියනවද ඉන්දියාවේ පැනමා ඇළ වගේ ඇළක් කැපුවොත් අපේ වරායවල් ටිකට මොකද වෙන්නේ කියලා. දන්නේ නැති නිසා අහන්නේ. ඔය තුන්දෙනා මහා ලොකු බුද්ධිමතුන් තුන් දෙනෙක්නේ නේද? අපේ රනිල් මහත්තයාට වැඩේ කරන්න දෙන්න. එතුමා දන්නවා එතුමා කරන්නේ මොකද්ද කියලා. (නි)
පවතින දේශපාලන සංස්කෘතිය නිසා මිනිස්සු වල්මත්වෙලා දේශපලනක්චයන්ගේ අදුරදර්ශි තීරණ ඔහේ කටපාඩමෙන් කියවනවා. විජේරත්නගේ නෙවෙයි වරද ඒ අයට උපදෙස් දෙන දේශපාලන තක්කඩින්ගේ වැරදී. (බ)
ඔව් ඔව් ඔය අර මහත්තය වැඩේ කරන්න දන්නා හින්ද තමයි අර 80 ගණන් වල තරුණ අය අද මහලු වෙන්න නැතිව ගියේ . හිතල බලන්න උගත් වැඩිහිටියෝ නැතුවම වෙන දේ. ඔය ලියන අය හුග දෙනෙක් ඒ කාලේ ඉන්න නැතිව ඇති. මම අදත් ඒ ගැන දුක් වෙනවා..නොදන්නා අය ඉන්නවනම් ඒ කාලේ උන්න අද වැඩිහිටියෙකුගෙන් අහල බලන්න මොනවද වුනේ කියල. සමාවෙන්න වැරද්දක් තියනවනම්. (බ)
ජවිපෙද රට පාලනය කරන්නේ ? (ර)
දවල් හීන දකින පිස්සු දේශපාලකයෝ. ලංකාවට කම්පියුටර් හඳුන්වා දෙන කොට කිව්වෙත් මේ වගේ ඒවා. රුපවාහිනිය ගේන කොට කිව්වෙත් මෙ වගෙම ඒවා. ඉන්ටනෙට් ලංකාවට ආවෙත් රනිල් මැතිතුමා නිසා. අනාගතය දකින නායකයෝ රටට වැඩක් කරන කොට මේ වගේ අය බයිලා ගහනවා. (ර)
මේවට උත්තර දෙන්න. (ර)
හේරත් , අපි හිතන්න පක්ෂ පාට ගැන හෝ නොවේ රට ගැනයි , රටේ අනාගතය ගැන හා අනන්‍යයතාවය ගැනයි . සීපා ගහන්න ආවේ 2012 , මහින්ද රජය කෙලින්ම ප්‍රතික්ෂේප කළා , 2015 ජන 8 , එම රජය පාරාජ කළා ඩයස්පෝරාව හා එක්වී , ජන 9 ම සීපා එලියට ආවා . ඉන්පසු දොස්තර වරුන්ගේ වර්ජන නිසා සීපා වලින් දොස්තර වරු අයින් කර ඉක්ටා ගැහුවා ,(බ)
ඇත්ත මේ ගිවුසුමෙන් ලොකු හානියක් වෙනවා..(හේ)
මේ දේ නැවැත්විය යුතුයි.(හේ)
විජේරත්න මොනවද කියවන්නේ හීනෙන් නැගිටලා වගේ . ඉන්ටනෙට් ලංකාවට ආවේ 1977 - 94 කාලේද ? 2002 - 2004 කාලේද ? යෝජිත ගිවිසුම මගින් ලංකාවේ සියලුම ශ්‍රම හමුදාව ඉන්දියාවට යට වන බව නොතේරෙන්නේ ඔබ ඉන්දියාව ගැන නොදන්නා නිසා . (බ)
විජේරත්න, ගැතිකමේ ඉමක් තියනවා.. ආර්ථිකය ගැන පුංචි හරි වැටහීමක් තියනවනම් අනාගතය දකින නායකයෝ රටට වැඩක් කරනවද රට කනවද කියල අවබෝධ කරගන්න පුළුවන්. ආර්ථික විද්‍යා න්‍යායන් ගැන කප් ගැහුවයි කියපු ඇමතිලා ඉන්න ආණ්ඩුවක් මේවගේ ඔලමොට්ටල වැඩ කරන එකයි කණගාටු. ඉන්දියන් ගිවිසුම් මොකටද? වැඩකාරයෙක් නම් අපේ කොල්ලොන්ට ජොබ් හොයා දෙන්නකෝ (බ)