ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ බව කියන 35 දෙනකුගෙන් යුත් පිරිසක් බණ්ඩාරගම දී රැස්වී 1971 සහෝදරත්ව සංසදය නමින් නව දේශපාලන සංවිධානයක් පිහිටුවා ගත්හ.

71 කැරැල්ලට ක්‍රියාකාරීව සහාය වූ ප්‍රාදේශිය නායකයින් දෙදෙනකු මෙම පිරිස එක්රැස් කිරීමට මුල්වී ඇති අතර බණ්ඩාරගම මොරත්තුඩුව පැරැණි වලව්වකට ඒකරාශී වූ ඔවුහු 71 අරගලය ගැන සාකච්ඡා කර ඇත.

පිරිස ඒකරාශී කිරීමට මුල්වූ ප්‍රේමලාල් හේවාබටගේ, සෝමපාල ගුණසිංහ යන දෙදෙනා විශේෂ දේශන දෙකක් ද පවත්වා ඇතැයි කියති.