කැලණි ගං මිටියාවතේ කොළොන්නාව, වැල්ලම්පිටියේද, කඩුවෙල ඇතැම් ප්‍රදේශවලද ගංවතුර බැස ගිය තැන් තැන්හි ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කිරීම අද ඇරැඹිණි.
ජනතා විමුක්ති පෙරමුණ කඩුවෙල සුද්ධ පවිත්‍ර කිරීම් කරගෙන යයි. කොළොන්නාව, අංගොඩ නිවැසියෝ ඔවුන්ගේ ගෙවල් පිරිපහදු කරගත්හ.
මේ අතර කොළඹ ප්‍රදේශ රැසකට බලපෑ ගංවතුර අඩුවෙමින් පවතින බැවින් ජනතාව දැන් යළි නිවාස කරා යමින් සිටින බව කොළඹ කඩුවෙල හා කොළොන්නාව ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
තම නිවාසවල පදිංචියට යන ජනතාවට නිවාස පිරිසිදු කරදීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇතැයිද ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 650 දෙනෙක් යොදවා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ රතු තරුව සහන බලකාය කළ සේවය විශිෂ්ටයි (බ)
ඊළගට එන වසංගත ලෙඩ වලට සුදානම් පිට හිටියොත් හොඳා. (ර)
විල්පත්තුව විනාශ කිරීම වහාම නවත්වන්න අවශ්‍ය පියවර ගන්න ආණ්ඩුව පියවර ගතයුතුයි. ගිය රජයත් දැන් තියන රජයත් දෙකම මේ ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. එළිපෙහෙළි කර ඇති කැලෑව නැවත ගස් සිටුවා ඇති කළයුතුයි. ස්වභාව ධර්මයට එරෙහිව කරන මෙම එළිකිරීම් වලින් ගෝලීය උෂ්ණත්වය වැඩිවී මහා විපත් ඉදිරියේදී බලාපොරොත්තු විය හැක. (නි)
පුලුවන්නම් ලොකු කල්දෙරමකට වතුර උණු කර. විසබීජ නාසක දමා සැම දෙයක්ම සෝදා ගන්න. (ර)
කෝ අපේ මේ කඩුවෙල සංවිධායක දෙපළ? ඔන්න දැනුයි තමන්ගේ කැපවීම ජනතාවට අවශ්‍යවෙලා තියෙන්නේ. ජනතාවගේ සංවිධායක කියලා පෙනෙන්නේ එතකොටයි. දැනට නම් සද්දයක්වත් නැහැ වගේ. (නි)
පුළුවන්නම් දැන්වත් අපේ පරිසර පද්ධතිය රැක ගන්න. සුදුසු ස්ථාන වල ගෙවල් හදාගන්න. පරිසරය අනවශ්‍ය ලෙස විකෘති කිරීමෙන් වලකින්න. (බ)