මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවෙතත් ඒ කාරිය කිරීම සඳහා සේවකයන් දෙදෙනකු බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසේ.
මෙම තනතුර ‘ජීව හරණ‘ යනුවෙන් නම් කැර ඇත.
එහි තේරුම ජීවිතය අහිමි කිරීම යන්නයි. මීට පෙර එම රාජකාරිය හැඳින්වූයේ අලුගෝසුවා නාමයෙනි.
මෑත දී දෙවතාවක් ම එම තනතුරට සේවකයන් බඳවා ගැනීම අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීව හරන නෙවෙයි මොනවා උනත් කමක් නැහැ වැඩේ කරනවා නම් එච්චරයි (නදී)
අලුගෝසුවෝ හැමතැනම ඉන්න හින්ද එයාට වෙනත් නමක් දැන් එක හොඳයි (අ)
මේවා ආණ්ඩුවේ මුදල් නාස්ති කිරිමවල් නිකන් අපරාදේ මහජනයාගේ සල්ලි !(අ)
ඔව් එක හොඳයි, නැත්නම් ඒ තනතුරට කරන අගෞරවයක්! (අ)
හැම තැනම දැන් ඉන්නේ පරිපාලන සහකාර කියල කට්ටිය නේද? මේකටත් "ජීව හරණ පරිපාලන සහකාර" , "විධායක ජීව හරණ නිලධාරී" , වගේ නමක් දැම්මනම් ගොඩක් කට්ටිය කැමැත්තෙන්ම ඉල්ලයි.ලංකාවේ ගොඩක් මිනිසුන්ට වැඩ කෙසේ වෙතත්, නම තමයි ලොකුවට ඕනේ. (අ)
අනිවාර්යෙන්මේ යහපත් රටක් සමජයක් ඇති කිරිමේ අපේ රටේ මෙවැනි තීරණයක් ගත් ජනාධිපතිතුමාට අපේ උත්මාචාරය (අ)
සුදුසුකම් මොනවද? (ස)
ටෙලි නාට්‍යක නමක් වගේ. (අ)
ඕකට හරියන නම වෙන්නේ ආයුධ පෙන්වීමට යාම.(අ)
මොන අති පණ්ඩිතයා හැදුවත් ඔය වචනය ගැලපෙන්නේ නැහැ. ජීවිතය අහිමි කෙරීම යන තේරුම ඔය වචනයෙන් ලැබෙනවා කියලා මොන පඬිතයාද කියන්නේ? එහෙමනම් එයා සිංහල භාෂාව දන්නේ නැති පණ්ඩිතයෙක්. (අ)
මේකට නම් කල යුතේ, රජයේ කොන්ත්‍රාත්කරු, යනුවෙන්. (අ)
මේ නම හොඳ දේශපාලකයන්ට. නම ඉස්සරහින් දේශමාමක දානවට වඩා ටිකක් ලස්සනයි වගේ.(ස)
ඔය එක නමක්වත් ගැලපෙන්නේ නැහැ. පොලිස් රාජකාරිය කියා දැම්මනම් හරිනේ. (ස)
අලුත් දෙයක්, අලුත් කෙනෙක් නොවේ. මේ ජීව හරණලා. ඕන තරම් ඔය ඉන්නේ හැම තැනම. (ස)
මොන නම දාලා ගත්තත් අහිංසක හොරු මැරෙනවා. ලොකු හොරු වැජඹෙනවා. (ස)
ඇයි මේ බර වචන? 'එල්ලන්නා' එහෙම නැත්නම් 'එල්ලුම්කරු' කීවානම් එල්ලුම් ගහ යන්නටත් ගැලපෙනවා නේද. ජීවහරණ කියන්නේ මිනීමරු කියන එකමනේ එක අතකට. (ස)
කිංස්ලි කියන දේ මට තේරුනේ නැහැ.(ස)
කියලා දැම්මා නම් හොඳ නැද්ද? (නදී)
හැබැයි දැන් පටන් හැකියි. මොකද එල්ලන්න 2000 ක් විතර පෝලිමේ ඉන්නවා. ලොකුම අපරාදය තමයි අසරණයෝ එල්ලන එක. හරියට සාක්කි හොයල කරොත් නියමයි (නදී)
කුමුරෙන් බැරිනම් හේනෙන් කියන්නෙ මේ වැඩේට තමයි (ස)
කසුන් තරංග, පිපිංඥා නෙවෙයි පිපිඤ්ඤා, මම දන්නා තරමින්. (ස)
එතකොට දැනට ඉන්න ජීව හරණලා සද්ගුණවත් ජීව හරණ ලෙසට නම් කරමු නේද ? (ස)
අලුත් නම හොඳයි (නි)
නිකම් කල් මරණ එක නවත්වලා මොන නමින් හරි කමක් නැහැ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා නම් තමයි හොඳ . (නදී)
"ජීවානුහරණ" නෙමෙයිද? (නදී)
මැරයා කියලා දැම්මා නම් හොද නැද්ද ? (නදී)
ජීව හරණ ගෙනෙයි මරණ.... පොඩි උන්ටයි නොමැති සරණ.... (නි)
චුත කිරීමේ නිලධාරී කිව්වා නම් වඩා හොදයි නේද ? (නදී)
එල්ලා මැරීම ක්‍රියාත්මක නොවන නිසා එයාලට නිකන් ඉඳලත් වැටුප් ලැබෙනවා නේ (නි)
ජීව හරණ වෙනුවට ජීව උන්ඩ ආවා නම් හරි. එතකොට හැංගිලා ඉඳල කොකා ගස්සන්න පුළුවන්. මැරෙන එක්කෙනාට පේන්නේ නැහැ කව්ද මරන්නේ කියලා. මරණ එක්කෙනාට තේරෙන්නේ නැහැ මරන්නේ කවද කියලා. (නදී)
පිටිගල,මටත් කිංස්ලි කියන දේ තේරුනේ නැහැ.ඒ කියන්නේ දැන් මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවද....? (නි)
මොන නමින් තිබ්බත් එකම දේනේ වෙන්නේ. හිනා යන කතාවක් මේක. එ්ත් මේක ක්‍රියාත්මක කරනවා නම් හොදයි. මානව හිමිකම් සංවිදාන මොනවා කිවත් රටේ අපරාද නවත්තන්න මේක ක්‍රියාත්මක කරන්නම වෙනවා. (නදී)
මොන විදියට ආවත් එකම දේනේ වෙන්නේ. (නදී)
ආයුර්වේද අවුසදයක නමක් වගේ. බලමුකෝ මේ පාරවත් හරියයිද කියලා. (නදී)
මේ නම ආන්දෝලනයක් ඇතිකරන්න පුළුවන්. මොකද ජීවිතය අහිමි කිරීම කරන අය පාර්ලිමෙන්තුවෙන් පටන් බොහෝ තැන් වල ඉන්න නිසා. (නදී)
මෙයාට රාජ්‍ය ජීවහරන නිලධාරී කියල තනතුරක් දෙමු. දේශපලකයෝ අතරත් ජීවහරනලා ඉන්නවනේ (නදී)
මට මතක් වෙනවා 1990 ගණන් වල තැපැල් හා විදුලි සංදේශ අමාන්ත්‍යංශය යටතේ " ටෙලිෆෝන් එක්ස්චේන්ජ්" යන ඉංගිරිසි බෝඩ් එක සිංහලෙන් ලියලා ප්‍රසිද්ධ කරපු හැටි. " දුරකථන විනිමය මධ්‍යස්ථානය " කියලයි පරිවර්තනය වෙලා මේ මෑතක් වන තුරුම තිබුණා. (නදී)
කව්රු ආවත් වැඩක් නෑ නීතිය හරියට ක්‍රියාත්මක නැත්නම් (නදී)
පිපිංඥා කියා ලියන්න බැහැ ඔන්න මම කැකිරි කියා ලිව්වා.(නදී)
මොන නම දාල හරි කමක් නැහැ මිනී මරුවන්ට නම් මරණ දඩුවම දිය යුතුමයි.(නදී)
ඕකට මොන දේ කිව්වත් සිදුවන්නේ එකම ක්‍රියාවලිය නොවේද? (නි)
මේවා දැක්කාම හිනා වෙනවද අඬනවද කියලා හිතා ගන්න බැහැ එල්ලුම් ගහටත් "ජීවානු හරණ ශාඛය" කියලා දැම්මා නම් තවත් හොඳයි.(නදී)
කොහොමද අයදුම් කරන්නේ? (නදී)
මොන නම දාල හරි කමක් නැහැ මිනී මරුවන්ට නම් මරණ දඩුවම දිය යුතුමයි(දී)
ඒ නම නම් හොඳයි (නි)
එතකොට ඉංග්‍රීසි නම මොකද්ද.........? (අ)