(එච්. චන්දන)
පුත්තලම - විළුක වැව අසළ පාර්සලයක තිබූ ජීව උණ්ඩ තොගයක් සොයා ගත් බව පුත්තලම පොලීසිය කියයි.
එම ප්‍රදේශයේ ගම්වාසීන් පොලිසියට ලබා දුන් තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී මෙම ජීව උණ්ඩ සොයා ගෙන තිබේ.
මෙම පාර්සලයේ තිබී බොර 12 ගිනි අවියට යොදන ජීව උණ්ඩ 09 ක් හා බොර 16 ගිනි අවියට භාවිතා කළ හැකි ජීව උණ්ඩ 18 ක් මෙහිදී පොලීසය සොයා ගෙන තිබේ.
කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මෙම ජීව උණ්ඩ ලග තබා ගෙන සිටි අයකු , එම ප්‍රදේශයේ නිවාස පරීක්ෂා සිදු කරණ අවස්ථාවක හමුවේයැයි බියෙන් මෙලෙස ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසය සැක විශ්වාස කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd