ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදි. පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක‍්‍රියාත්මක කරවිමේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී කර්මාන්තකරුවා වූ ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් බිලියන 2.5 ක් ආයෝජනය කරමින් මෙම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.
මෙම ව්‍යාපෘතියෙන් ගිගාවොට් 70 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ඇත. ප්‍රජා මූලික ව්‍යාපාර සංකල්පය යටතේ සපයා ගැනෙන කෘෂිකාර්මික අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම බලාගාරයේ විදුලිබල උත්පාදනය කෙරේ.
විදුලිබලාගාර ව්‍යාපෘතිය විවෘත කිරීමට එක්වු ජනපති ටෝකියෝ සිමෙන්ති සමාගම සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් පිරිනැමූ නිවාසවල නිවාසලාභීන් වෙත ඔප්පුද ප‍්‍රදානය කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙගා වොට්ද මෙගා වොට්ද?
නොරොච්චෝලේ වගේ හිටින්නේ නැත්තන් එච්චරයි... ජය වේවා!
මුළු ලංකාවේම තියෙන්නේ ගිගාවොට් 3ක් විතර ..එහෙව් එකේ කොහෙද මේකෙන් 70ක් දෙන්නේ ..මේ නිව්ස් එකේ වැරද්දක් තියෙනවා නේද?.