ඉන්දියාවේ අජන්තාවට සමීපව පිහිටා ඇති ජල්ගොන් නගරයේ ජිවත්වන ඉගෙනීමට දක්ෂ දරු දැරියන් 50 කට අතදීමට ජල්ගොන් මහින්ද විහාරය සැරැසෙයි.
මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදුත සංගමයේ මෙම සත්කාරය පිළිබඳව මහින්ද විහාරාධිපති නක්කාවිට සුගතවංශ හිමියන් මෙසේ පැවසිය.
අපි මේ සත්කාරය කරන්නේ 1970 සිට.1968 දි තමයි මම ඉන්දියාවට ආවේ. මේ අහිංසක දරු දැරියන්ට අත දෙන්න පටන්ගත්තේ බද්දේගම විමලවංශ අනුනායක හිමියන්ගේ උපදෙස් මතයි. සැම වසරකම ළමයි න් 50 ක් අපි බඳවා ගන්නවා. ඒ ළමයින්ට කෑම බිම ඉදුම් හිටුම් ඉගෙනීමට අවශ්‍ය පාසල් උපකරණ නොමිලේ දෙනවා. දහම් මඟ කියාදී බුදු දහම අනුව ජිවත්වන 20000කට අධික ඉන්දියානුවන් පිරිසකුත් මේ අවට ඉන්නවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ කටයුත්තක් මහා රාස්ට්ර ප්‍රාන්තයේ සංඝනායක සුගතවංස නාහිමියන් විසින් කරගෙන යන අතර උන්වහන්සේගේ උත්තරීතර කටයුත්තට අපගේ සුභපැතුම් (නදී)
මහා රාස්ට්ර ප්‍රාන්තයේ සංඝනායක සුගතවංස නාහිමිට මේ උතුම් සත්කාර්ය්‍ය කරගෙන යාමට තෙරුවන් සරණද පතමි. (නදී)
ස්වාමින්වහන්ස ඔබ වහන්සේටත් අනෙකුත් භික්ෂුන් වහන්සේලාටත් නිරෝගී සුවය ලැබේවා. සැරියුත් මුගලන් වැනි බුද්ද පුත්‍රයන් හට මගේ නමස්කාරය සාදු, සාදු සාදු (නදී)
බොහොම හොඳ වැඩක් බුදුසරණ වේවා (නදී)
මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් ඇති මානවීය ගුණ හඳුනාගත් මනස අවදිකරවන එකම දහම සම්බුදු දහමයි. එම දහමද කියා දෙමින් මේ ගෙන යන සත්කාරයට මාගේ හදපිරි පුණ්‍යානුමෝදනාව. බුදුදහම යලි ඉන්දියාවේ පිහිටුවිය නොහැකැයි දොඩවන අයට ඔබදී ඇත්තේ අසාමාණ්‍ය පිළිතුරක්. ඔබ වහන්සේලාට මේ උතුම් සත්කාර්ය්‍ය කරගෙන යාමට නිරෝගී සුවද තෙරුවන් සරණද පතමි (නදී)