
(රංජිත් රාජපක්ෂ)
මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව ඇද හැලෙයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට 08 දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.
පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යළිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, ජනතාවගේ දුක දන්න දෙවියෝ අපිට වැඩිය පීඩා විඳිනින දෙන්නේ නැහැ. කොහොම හරි අපිට වැස්ස ලබා දෙනවා.