2013 දක්වා වූ වසර 7 ක කාලය තුළ කටාර් හි ජල පරිභෝජනය සියයට 70 කින් ඉහළ ගොස් ඇති බව රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවක දැක්වේ. කටාර් හි ජල පරිභෝජනය සම්බන්ධයෙන් මෙළෙස වාර්තාවක් පිළියෙළ කර ඇත්තේ පළමු වතාවටය.
2013 වසරේදී ජල කියුබික් මීටර් මිලියන 740 කට වැඩියෙන් පරිභෝජනය කර ඇති අතර එය 2006 වසරේ ජල පරිභෝජනයට වඩා කියුබික් මිලියන 437 ක ඉහළ යාමකි. සංවර්ධන සැළසුම් සහ සංඛ්‍යා ලේඛන අමාත්‍යාංශය විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදි රටේ ජල පරිභෝජනය වේගයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබේ.
රජයේ ජල පරිභෝජනයද ඉහත කාල පරාශය තුළදී සියයට 400 කින් පමණ ඉහළ ගොස් ඇති බව සංවර්ධන සැළසුම් සහ සංඛ්‍යා ලේඛන අමාත්‍යාංශය පවසයි.
කර්මාන්ත අංශයේ ජල පරිභෝජනය සියයට 200 කින් ඉහළ ගොස් ඇතත්, වැඩිම ජල පරිභෝජනයක් වාර්තා වී ඇත්තේ කෘෂිකාර්මික සහ ගෘහස්ථ අංශයෙනි.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජල පරිභෝජනය වසර හතක් තුළදී සියයට 70 කින් ඉහළ ගිහින්ලු