රටේ ජල කලමනාකරණ ප්‍රතිපත්තියේ දුර්වලතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජලයට අයිතිකරුවන් රැසක් සිටින බව කී ජනාධිපතිවරයා ජල කලමනාකරණයේ වගකීම එක් ආයතනයකට පැවැරිය යුතු බවද සඳහන් කළේය.
තම රටට ලැබෙන වැසි ජලය රටවල් 10කට ප්‍රමාණවත් යැයි ද ඔහු කීවේය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල විකිණුම් ප්‍රතිපත්තිය ආපහු ගේන්න වගේ. (නදී)
මේකට "ජලය විකුණන්න යනවෝ" කියලා සමහරු කෑ ගැහුවට ජලය සුරැකුමටත්, අවභාවිතය වැළැක්වීමටත් ඉතා හොඳ දෙයක්. දියුණු රටවල මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මකයි. අපිට සැකයක් තියෙනවා නිලධාරිවාදය නිසා හැමදේම අවුල් වෙන එක. එය වළක්වා ගතයුතුයි. (නි)
කිය, කිය ඉන්නේ? (ර)
සඳුන්, ඔය කියන ජල ප්‍රතිපත්ති ගැන දැනගෙනද කතා කරන්නෙ? 2000-2004 දී ගේන්න හදපු ජල ප්‍රතිපත්ති පණත් කෙටුම්පත් වල පැහැදිලිවම ලිං වලින් ගන්නා ජලයටත් ,ගොවිතැනට ගන්නා ජලයටත් අයකරන්න සුදානමක් තිබුණ බව දන්නෙ නැද්ද? (නි)
අපේ රටට එකාදිපති පාලනයක් හැර වෙන කිසිම පාලනයක් හරියන්නේ නැහැ මහත්තයෝ.ඔබ තුමා තනි තීරණ අරන් හිතේ තියෙන දේවල් කරන්න රටට සුදුසු. (ස)
අනේ මන්දා මහත්තයෝ, අපිට මේවා තේරෙන්නේ නැහැ (නි)
මේ තත්වය බොහෝ කාලයක් තිස්සේ අප කියා තිබෙනවා. හැකි ඉක්මනට බලතල සහිත ජාතික උපදේසක මඩුල්ලක් පත් කරන ලෙස අප ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා. දැනට ජලය හා සම්බන්ද සියලුම ආයතන එහි උපදෙස් පිළිපැදිය යුතු වෙනවා.(නදී)