(මහින්ද නිශ්ශංක)
වාර්ෂිකව ජූලි 1 වැනිදා සිදුවන බස් ගාස්තු සංශෝධනයේ දී රුපියල් 9 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 10 ක් දක්වා වැඩිවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මෙවර ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුවේ සුළු වැඩිවීමක් සිදුවන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම බස් ගාස්තු රුපියල් 10 කිව්වා. දැනුත් ඔය බස් වල ගන්නෙත් ඒ ගණනම තමා.....
සභාපතිතුමනි, අනේ බස් ගාස්තු ගැන විතරද බලන්නේ...? බස්වල ගමන් කරන මගීන් ගැනත් බලන්න. මම පසුගිය දිනක කිරුලපනෙන් රත්නපුරට යන්න පුද්ගලික බසයකට නැග්ග කොන්දොස්තර කෑගැහුවා ඇහැළියගොඩින් එහා අය විතරක් නගින්න කියලා.. අවිස්සාවේල්ලට ආවම දැක්කේ බස් එකේ ඉඳගෙන හිටි සියලුම දෙනා අවිස්සාවේල්ලේ අය කියලා. රත්නපුරයට යන වයසක අයත්, රෝගිනුත් හිටගෙන යද්දී අවිස්සාවේල්ලේ තරුණ උදවිය හොඳට ඉඳගෙන ගියා. හැමදාම බස් ගාස්තු ගැන පමණක් නෙමෙයි මේවා ගැනත් හිතන්න වෙනවා.
සයිටම් එකට රු ලක්ෂ 120ක් ගෙවන්න සල්ලි හොයා ගන්න ක්‍රමයකුත් තියෙන්න එපායැ..
10 කළාට කමක් නැහැ... දැනුත් 10 ක් ගෙවනවානේ... මිනිස්සුන්ට ඉක්මනට නගින්න කියල මගදී කොට කොටනේ යන්නේ...
අපි කොහොමත් දන්නවා, පෞද්ගලික බස් කොන්දොස්තර මහත්වරු , ලංකාවේ සමහර දොස්තරලාට වඩා ගුණ යහපත්කම් අතින් ඉහළයි කියලා....
දුප්පත් කොන්දොස්තර මහත්තයා නොදෙන ඉතුරු රුපියල ගැන අපේ හිතේ කහටක් නැහැ. ඒ වගේද, අසනීපෙකට බෙහෙතක් ගන්න පෞද්ගලික රෝහලට ගියාම දොස්තරලාගේ අයකිරිල්ල...
සෙනවි පරිස්සමට ඒ රැලේම යන්න, බැරි වෙලාවත් එහෙම ඒ රැල මග හැරුනොත් ඉතින් තනිවම පාර හොයා ගන්න බැරිවෙයි. එතකොට ඉතින් කොන්දොස්තර මහත්තයෙකුටවත් ඔබට පාර පෙන්වා දෙන්න බැරි වෙනවා. මොකද, භාෂා ප්රශ්නය හරස් වෙන නිසා.
සයිටම් ගැන හොයා ගන්න වෙන්න ඇති.
මේ අය ගන්න කොමිස් මුදල ගැන හිතන්න අපේ රටේ අයට නම් තාම අමාරුයි. කොන්දොස්තර මහත්වරු 1,2 කෑලි කීයක් ගන්නවාද?
දුප්පත් මිනිස්සු කොහොම උහුලන්නද මේවා...
ආපහු සැරයක් අරලිය ගහ මන්දිරෙන් කෑම කන්න හිතිලා වගේ...
මේ ආණ්ඩුව ඇවිල්ල දෙවෙනි වතාව බස් ගාස්තු වැඩිවන. වෙනදාට ඩීසල් වැඩි වුනහම තමයි බස් ගාස්තුව වැඩිවෙන්නේ නමුත් අද නික්කම්ම වැඩි කරනවා.
බස් ගාස්තු වැඩි කරනවානම් ඊට ප්‍රථම එම සේවයේ ගුණාත්මක භාවය රාත්‍රී සේවා ඇතුළු මහජනයාට බලපාන අහිතකර සියලු දෑ ඉවත් කරන්න. ඊට එකඟ නොවන සියලු බස් රථ කුලී පදනම මත රජයට පවරාගෙන සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කරන්න.
අවම ගාස්තුව නම් සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ... දැනටමත් දහයයි.