මෙරට ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා යුරෝ මිලියනයක මුල්‍යාධාරයක් ( ශ්‍රී ලංකා රුපියල් දහසය කෝටි හතළිස් තුන් ලක්ෂ හතළිස් හත්දහස් විසි හතරක මුදලක් ) ලබාදීමට ජර්මන් රජය තීරණය කර තිබේ.
ස්වාභාවික ව්‍යසන අවස්ථාවන්වලදී මීට පෙර ද ජර්මනිය ශ්‍රී ලංකාවට මෙවැනිම මූල්‍යාධාර ලබාදී ඇති බව ජර්මන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ප්‍රෑන්ක් වෝල්ටර් ප්‍රකාශ කර ඇතැයි මෙරට ජර්මානු තානාපති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ආපදාවෙන් විපතටපත් හා මියගිය පවුල්වල ඥාතීන්ට තම සංවේගය පළ කරන බව ද ජර්මන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂප් ඉකුත්දා නායයෑමට ලක්වූ අරණායක ප්‍රදේශයේ අද(25) සංචාරයක නිරතවීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජතුමා හිටියනම් අනික් රටවලින් අධාර නොලැබුනත් අනිවාර්යෙන්ම ස්වාසිලන්තයෙන්,උගන්ඩාවෙන් අධාර ලැබෙනවාමයි.අතිජාත මිත්‍රත්වයට. (බ)
ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන් නැද්ද? උගන්ඩාවටත් වතුර දෙන්න අපේ හිටපු අය සල්ලි වලින් ආධාර කළානෙ චීනයෙන් ණයට අරන්. (නි)
මෙහෙම ආධාර දෙන එක හුගක් හොඳ දෙයක්. ඒත් ඔය සල්ලි වලින් කීයෙන් කීයක් නියම අසරණ වෙච්ච මිනිස්සුන්ට ලැබෙයිද කියන එක තමා ලොකුම ප්‍රශ්නේ? පුළුවන් කට්ටිය එකතුවෙලා ලංකාවේ ඉන්න අමන ජඩ හොරු ගැන ජර්මන් රජය දැනුවත් කළ යුතු වෙනවා. බුද්ධිමත් ජනතාවනි, ඔය සල්ලි හොරු අතට පත් වෙන්ඩ දෙන්ඩ එපා...(බ)
අනේ පව් අප්පා. ජර්මනියත් රැවටුනා එහෙනම් ලොකු ලොක්කන්ට සාක්කු පුරවගන්ඩ මරු පල්ලම ආ.. ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි (බ)
ස්වාසිලන්තයෙන්,උගන්ඩාවෙන් කියක්වත් නැද්ද ? (බ)