
(අංජුල මහික වීරරත්න)
ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK) මුලස්ථානයේදී පැවැත්විණි.
එහි ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ සංවර්ධන ශක්‍යතා සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳව අදහස් පළ කළේය. විශේෂයෙන්ම වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර සහ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එම දේශනයේදී විශේෂ අවධානය යොමු කෙරිණි.
“ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම:ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා” යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාද මෙහිදී දේශනයක් සිදු කළේය.
මෙහිදී ජර්මානු සමාගම් විසින්, නිෂ්පාදනය සහ මූලාශ්‍ර, විදුලිබලය සහ පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, සැපයුම් සහ ප්‍රවාහනය, වෘත්තීය පුහුණුව, තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සුරක්ෂිතතාව ආදී කරුණුවලට අදාළව ඉදිරිපත් කිරීම් කළේය.මේ සඳහා Siemens Energy, Continental AG, GTAI, Giesecke+Devrient GmbH ආදී ඉහළ මට්ටමේ ජර්මානු සමාගම් සහභාගි විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න, ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගමයේ (DIHK) විධායක මණ්ඩල සාමාජික ආචාර්ය වොල්කර් ට්‍රියර්, ජර්මානු ෆෙඩරල් ආර්ථික කටයුතු සහ දේශගුණික ක්‍රියාමාර්ග (BMWK) දකුණු සහ අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු ඕෂනියා කලාපයේ අංශ ප්‍රධානී ටෝබියස් පියර්ලින්ස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජර්මන් ව්‍යාපාරික සංසදය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි
Rata Perata Saturday, 14 June 2025 04:00 PM
මේ වගේ ප්‍රධාන ජර්මන් ආයෝජන ටිකක් ලංකාවට ගන්න පුළුවන් වුණොත්, ඒක ලොකු ජයග්‍රහණයක්.