IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති

සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහමට යුරෝපියයන් වඩ වඩාත් නැඹුරු වෙමින් පවතින බව ජර්මනියේ ඔර්ඩන්බර්ග් නගරයේ  බුදුමඟ විහාරස්ථානයේදී ජර්මාන ජාතිකයින්   පිරිසක් බුදු දහම වැළඳගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදී අනුසාශනාවක් කළ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක  මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ කීහ.

බුදුමග විහාරස්ථානයේ ආගමික අධ්‍යක්ෂක හා මයින්ස් සරසවියේ කථිකාචාර්ය  රත්මලේ පඤ්ඤාරතන හිමියෝ මේ උත්සවය සංවිධානය කළහ. ඤාණිස්සර නාහිමියෝ මෙසේ ද කීහ.

" කාර්මික කරණයෙන් ඉමහත්සේ මානසික ආතතියකට පත්ව සිටින යුරෝපියයන්හට බුදුදහම මහා සිසිලක් ලබා දෙනවා. ඔවුන් ඒ මඟින් ලබාගන්නා මානසික සැනසිල්ල වෙනත් කිසිදු භෞතික වස්තුවකින් ලබාගත නොහැකි විය.

රත්මලානේ පඤ්ඤාරතන හිමියන් සැබෑ ධර්මදුත ස්වාමින්වහන්සේ කෙනෙකුගේ කාර්ය සාඵල්‍යය මැනවින් අවභෝධ කර ගනිමින් ජර්මනිය ප්‍රධාන කොට ගනිමින් යුරෝපය පුරා මහා ධර්මදුත මෙහෙවරක නියැලී සිටින බවත් අතිමහත් ජර්මන් ජාතිකයන් පිරිසක්  උන්වහන්සේ වටා රොද බැදෙමින් සිටින බවත් මෙවන්වූ සාශනික හිතකාමී ක්‍රියා  නිසා නිර්මල ථෙරවාද බෞද්ධ දර්ශනය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමේ හැකියාව ලැබී ඇති බවත්  ඤාණිස්සර නාහිමියෝ පැවසුහ.

ප්‍රංශයේ ධම්මචක්ක විහාරාධිපති   කොන්ගස්දෙනියේ ආනන්ද හිමියෝ මූලාසනයේ අනුශාසනාව කළහ.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ  විහාරාධිපති  මාර්තුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහාවිහාරාධිපති  ලෙඩියන්ගල සුදස්සී,  තම්මැන්නාවේ ධම්මානන්ද,  බටුවන්ගල සමිද්ධි,  මක්කානිගොඩ බුද්ධදත්ත,   මහදමනේ ජිනානන්ද,  මහදමනේ අස්සජි යන හිමිවරුන්ද වැඩමකර සිටියහ.



අදහස් (0)

ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති

අරවින්ද Saturday, 16 August 2014 06:52 AM

අපේ රටේ සිදුවෙන ශාසනික පරිහානිය දිහා බැලුවහම අනාගතයේදී බුදුදහම යුරෝපයෙන් ගෙන්න වෙයි.(අ්)

:       0       0

පද්මිණි Friday, 15 August 2014 06:39 PM

තවත් පද්මිණි කෙනෙක් ඉන්නවා වගේ. මම වැඩකරන ආයතනයේ මගේ යහළුවෝ කියන්නේ ලෝකයේ තිබෙන එකම අවිහිංසාවාදී ආගම බුදුදහම කියලා. (නි)

:       0       0

කිංස්ලි Friday, 15 August 2014 07:09 PM

බුදුගුණ අනන්තයි. සත්‍යය ජයගනී (නි)

:       0       0

සරණ Saturday, 16 August 2014 08:46 AM

බෞද්ධ දර්ශනය පිළිපදින කී දෙනෙක් විතර ලංකාවේ ඉන්නවා ඇති ද?(අ)

:       0       0

පද්මිණි Friday, 15 August 2014 10:34 AM

කොපමණ වටිනවද පින්තූර ටිකක් දැම්මා නම් (නදී)

:       0       0

නුවන්ත Friday, 15 August 2014 10:49 AM

ජර්මනියේ පන්සල් බෙදා ගෙන දෙකට බෙදිලා ඉන්න අය සමගි කිරීමත් කල යුතුයි නේද? (නදී)

:       0       0

සිල්වා Friday, 15 August 2014 10:50 AM

බුදු දහමේ වටිනා කම බුද්දි මතෝ ඉක්මනින් වට හා ගනිති. අද යුරෝපේ සහ ඇමරිකාවේ මේ බිලිබදව විශේෂ උනන්දුවක් පවතිනවා (නදී)

:       0       0

වසන්ත Friday, 15 August 2014 10:56 AM

සත්‍ය වටහා ගැනීම අගය කරමි. බුදුසරණයි (නදී)

:       0       0

පත්බේරියේ විමලඥාන නාහිමි. Friday, 15 August 2014 11:51 PM

රත්මලේ හිමියන්ගේ ධර්මදූත සේවාව අපි අගය කරමු.චරථ භික්ඛවේ චාරිකං ..... (නි)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Friday, 15 August 2014 11:14 AM

අපි ලංකා ඉතිහාසය ගැන සලකා බැලුවොත් අපිට පෙනෙන දෙයක් තමයි බුදු දහම අත්හැර වෙනත් ආගම් වලට හැරවි ඇත්තේ තාන්න මාන්න වලට, තනතුරුවලට, මුදලට. දැනුත් සිදවන්නේ එයයි. නමුත් බුද්ධ දර්ශනය ඇදහීමට පටන් ගන්නේ මුළු හදවතින්ම පැහැදීමකින් බව මේ වාර්තාවෙන් හොඳට පේනවා. බලකිරීමක් නැහැ තනතුරු නැහැ පගාව නැහැ මුළු හදවතින්ම පැහැදීමකින්. බුදු සසුන ලොව අමරණීයයි (නදී)

:       0       0

චමින්ද Saturday, 16 August 2014 01:37 AM

පද්මිණි,මෙතන චමින්දලාත් කීප දෙනෙක් ඉන්නවා. ගණන් ගන්න එපා.ආතර් සී.ක්ලාක් මහත්මයා අනාවැකියක් කියලා තිබුනා තව අවුරුදු පනහකින් පමණ ලෝකයේ ඉතුරු වෙන්නේ බුදුදහම පමණයි කියලා.ඒ ඉලක්කය කරා ලෝකය සෙමින් සෙමින්,ගමන් කරමින් සිටින බව, මේ කරුණු කාරණා වලින් පෙන්නුම් කරනවා. (නි)

:       0       0

උපුල් Saturday, 16 August 2014 01:52 AM

අපේ අය නිර්මල බුදුදහම විනාශ කරන්න හදනකොට යුරෝපියන්ට එහි වටිනාකම දැනිලා. සාදු සාදු.. (නි)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 16 August 2014 01:56 AM

පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ යුරෝපයට වැඩම කළ අවදියේ සිටම ඉටුකරන ශාසනික හා සමාජ සේවය මෙතකැයි කියා නිමකරන්න බැහැ. ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල් වලින් වෛද්‍ය විද්‍යාලයට බැඳුන දරුවන් 800 කට වඩා පිරිසක් දේශයේ වෛද්‍යවරුන් ලෙස බිහිවුයේ ඒ හිමියන් ලබාදුන් ශිෂ්‍යත්ව ආධාර වලින්. ප්‍රංශය අවට තිබෙන ප්‍රධාන රටවල් ගණනාවක සිටින විදේශිකයින් මේ හිමියන්ගේත් පැරිස් නුවර ලා කුර්නේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේත් ධර්ම දේශනා වලින් උපරිම ඵලයක් ලබා ගැනීම අප කාගේත් සතුටට හේතුවක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 August 2014 12:38 PM

බුද්ධ දේශනාවට අනුව ගත්තත් බුදු දහම ගැඹුරුයි. උගතුන්ට බුද්ධිමතුන්ට මිසක් මේ දහම තේරුම් ගැනීමට අපහසුයි. මොනවා වුණත් අපේ හාමුදුරුවන් වහන්සේලාගේ උත්සාහයට අපේ නමස්කාර පුර්වක ස්තුතිය! (නි)

:       0       0

මුලනේ ගුණානන්ද හිමි Friday, 15 August 2014 12:44 PM

පූජ්‍ය රත්මලේ නාහිමියන්ගේ විදේශීය ආගමික සේවාව මෙන්ම "කරුණා සමාධි" පදනම හරහා මෙරට සිදුකරන සාමාජික මෙහෙවර ද පැසසුමට ලක්විය යුතුය. (නදී)

:       0       0

හෙසා Friday, 15 August 2014 12:44 PM

ජර්මනියේ පන්සල් විතරක් නෙමෙයි හාමුදුරුවන්වත් බෙදා ගෙන තියෙන්නේ. ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් දාන දෙන්නෙත් පින් කරන්නෙත් තරඟකාරිතත්වයකට. (නදී)

:       0       0

කමලා Friday, 15 August 2014 12:43 PM

මෙහි ලියන නුවන්ත මහත්තය කිවා වගේ ඉතාලියේ වෙරෝනා, මිලානෝ, රෝමයේත් එහෙමමයි. එ් නිසා තමන්ගේ රටේ අයට දහම උගන්වලයි අන් අයට බෙදාහරින්න ඕනා. (නදී)

:       0       0

නන්ද Friday, 15 August 2014 12:58 PM

හිතට ලොකු සතුටක් දැනුනා (නි)

:       0       0

උපාලි Saturday, 16 August 2014 02:53 AM

පින්බර ඔබ වහන්සේගේ කැපවීමේ ප්‍රතිපල නිසාවෙන් මුළු මහත් ලෝකයාටම සත්‍ය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

අනුර Friday, 15 August 2014 01:41 PM

සාදු සාදු සාදු!! (නි)

:       0       0

සංජීව Friday, 15 August 2014 01:42 PM

හරිම සතුටුයි අපිට (නි)

:       0       0

චන්ද්‍රා Friday, 15 August 2014 01:44 PM

සාධු , සාධු, සාධු!!! සත්‍ය ජයගනී (නි)

:       0       0

රවින් Friday, 15 August 2014 02:29 PM

බුදුදහම සැමදා සත්‍යයයි (නි)

:       0       0

සිල්වා Friday, 15 August 2014 02:35 PM

ජීවිතය තුළින් නිර්වාණය ළඟාකරගන්න නම් බුදු දහම ඔස්සේ ගමන් කළයුතු වෙනවා. නිර්වාණය යනු සසරෙන් එතෙරවීමයි (නි)

:       0       0

ඉන්දික Friday, 15 August 2014 03:29 PM

මේවා දුටුවහම හිතට පුදුම සතුටක් දැනෙන්නේ (නි)

:       0       0

අපොන්සු Saturday, 16 August 2014 04:56 AM

එහෙනම් උපසම්පදාව ජර්මනියෙන් ආනයනය කරන්න වෙන දිනයකුත් එන්න පුළුවන්. සාදු සාදු. (දී)

:       0       0

සෑම් Friday, 15 August 2014 03:50 PM

සැමට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 05:02 AM

බුදුන් මග අනුගමනය කරන ඕනෑම කෙනෙක් ධර්මයෙහි ජිවත් වෙති. (දී)

:       0       0

සුපුනි Friday, 15 August 2014 03:59 PM

කමලා සහ නුවන්තලාගේ කතා වලින් අපට වැඩක් නැහැ. "බල්ලෝ බිරුවට කදු පහත්වෙන්නේ නැහැ" මේ තරම් ඉමහත් පින්වත් පුණ්‍යකර්මයක් ගැනත් සමහරු නිගාකරන හැටි (නි)

:       0       0

අමිල Friday, 15 August 2014 04:19 PM

බුදු දහම සත්‍යයයි. ආතර් සී ක්ලාක් මහත්තයා කියූ අනාවැකිය සත්‍ය වෙනවා. (නි)

:       0       0

සීලා Friday, 15 August 2014 04:37 PM

බොහොම හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1040 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 324 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 560 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 980 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 679 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 856 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1199 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site