ජර්මනියේ ෆ්‍රෙට්‍රික් නියුමන් පදනමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සාගරිකා නීලමනී දෙල්ගොඩ රුපියල් ලක්ෂ පනහක බැ දුම්කරයක් අත්සන් කිරීමෙන් පසු ගෙදර යෑමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇය සිය කැමැත්තෙන්ම මේ බැඳුම්කරව අත්සන් කළාය.
රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැන්වූයේ රජයට තර්ජනයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නමුත් ඇය සැකකාරියක නොවන බවයි. ඉදිරියේදී ඇය සැකකාරියටක කිරීමට ඉඩ ඇතැයි ද, පසුගිය සිකුරදා ඇගේ එතෙර ගමන වැළැක්වීයැයි ද ඔහු කීවේය.
ඇය බැඳුම්කරයක් මත එතෙර යන්නේ නම් ඊට විරුද්ධ නොවන බව අබේසේකර මහතා කීවේය. මහේස්ත්‍රාත් පිලපිටිය මහතා පැවසුවේ ඇය සැකකාරියක නොවේ නම් බඳුම්කරයකට ඇතුළු වන ලෙස ඇයට දැන්විය නොහැකි බවයි. ඇය කැමතිනම් එවැන්නක් කළ හැකි බව ද මහේස්ත්‍රාත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔන්න ගාමිණී-සිරිලට, සිසිරලට නෝනා ගැන සත්වකරුනාව පහල වෙලා. මම හැමදාම කියනවනේ ලංකාවේ ගොඩක් අයට දුක හිතෙන්නේ වැරදි කාරයට, සැකකාරයට, තරුපටිකාරයට කියලා. නෝනට රට යන්න ඕන, මහත්තයට රට යන්න ඕන නම් ඇප දිය යුතුය. ගමේ බබානිස් හරමානිස්,සොපි අක්කා නොකරපු දෙයකට උනත් හොද වැඩේ ජීවිතේටම හිරේ යවන්න ඕනා, එල්ලන්න ඕන කියනවා. මේක පුදුම ලෙඩක්. ගමේ දුප්පත් එකාට විතරද හිරගෙවල්. රුපියල් සියගණන් හොරකම්කලොත් හිරේ. හොරකම මිලියන ගණනනම්, ටයි කෝට් ඇදලනම් පවු රට යන්න දෙන්න. (නදී)
මස් මාළු නොකා නිර්මාංශ ආහාර පමණක් ගත් හිට්ලර් ජීවිතේට මත්පැන් කටේවත් නොතිබ්බත් යුද්දේ පැරදුණා. (අ)
මෙතුමිය එතම හොඳ මහත්මියක් (අ)
මේ විදේශීය පදනම් වලින් අප දේශයට කොරන දේශපාලන හානිය හොයන්න දක්ෂ නිලදාරීන් මේ අපරාද අංශ වලින් බලාපොරොත්තු වෙන්න බැහැ. රාජ්‍ය ආරක්ෂාවට පොලිස් දේශපාලන ත්‍රස්ත විමර්ශන නිලදාරීන් පුහුණු කරන්න ඕනෑ. (නි)
අනේ කාලේ
එතෙර නෙමෙයි ගෙදර... (නි)
නෝනා රට ගිහිල්ල වැඩේ නියමෙට කරාවි. ඔන්න හැබැයි ඊට පස්සේ නෝනා ඇල්ලිලි බොරු..... (නි)
පසුගිය දිනවල එක්තරා නාලිකාවකින් ඔය කියන පදනම ගැන පට්ටා ගැහැව්වා.සැක කාරියක් හෝ වැරදි කාරියක් නොවන්නේ නම් ඊට පෙරාතුව කල විවේචන හොඳ මදිනේද ? (අ)