ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බල කණු වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, දි.මු.ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨයනට ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලැබී නැත.
පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂමන් යාපා, ලලිත් දිසානායක, සී.බී.රත්නායක යන පිරිසට රාජ්‍ය ඇමැතිකම් හා නියෝජ්‍ය ඇමැතිකම් දක්වා පහළ වැටී ඇත.
නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් විපක්ෂ නායක වශයෙන් සිටිනු ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක මහත්තයට වයස කීයද? ඔයා ලංකාවේ දේශපාලනය ගැන දේශපාලකයෝ ගැන ටිකක් ඉගෙනගන්න.මෙච්චර කාලෙකට කවුද ඡන්දෙ ඉල්ලලා අඩි 6ක් යට වැළලුනේ? (නි)
පිටබැද්දර ජයා, අපි යහපාලනේ ආ දවසේ ඉඳලම දැක්කේ දුම විතරයි.ගින්දර නැහැ (නි)
මේ තනතුරු ගත් අයට ඉදිරි මැතිවරණයේදී කරන්න ඕනෑ දේ අපිත් දන්නවා. (නි)
චානක, ඔයා නොදන්නා දේ දන්නාදේට වඩා වැඩියි. (නි)
මට මතක් වෙන්නේ දීඝීති කෝසල ජාතකය. (ත).
මහින්ද භීතිකාව වැලඳී තිබෙි. ජාතික ආපදාවකදි නැති ජාතික ආණ්ඩුව දැන් කුමකටද ? යුද්දෙට නැති කඩුවෙන් කොස් කොටනු ලැබෙි (ත)
කෝ අර රතු හැට්ට කාරයෝ ටික (නදී)
සමන් කියන කතාව හරියටම හරි. ඒ විදිහට වැඩ කරන්නම ඕනෑ. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ ලෝකෙම දන්නා කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න පුළුවන් ඍජු නායකයෙක් (නි)
ලංකාවේ මිනිසුන් ගැන දැන්නම් දුකයි (නි)
නිලන්ත, ඔයාගේ අදහස හරියටම හරි (නි)
අපිට බුවල්ලෙන් ගහන්න ඕනෑ.රට ගැන ලැජ්ජයි.මේවා කරන්නද ඡන්ද දුන්නේ? රට යන විදිය පේනවා හොඳට (නි)
ඔන්න බලන්නකෝ යහපාලනයේ රඟ! අහිංසක රටවැසියාට කොලේ වහලා වැඩ කරන්න නම් එපා (නි)
යහපාලනය?? අනේ මන්දා සිද්ධවෙන දේවල්! (නි)
ඒ වුණාට අපේ මිනිස්සු මෝඩ නැහැ (නි)
මේ ගැන කලබලවිය යුතු නැහැ. උපක්‍රමයක්. මෙහෙම නොකර අර ගිරිය පුප්පන අයව පාලනය කරන්නේ කොහොමද? (නි)
දැනට 79 යි. ඔතනින් නවතීද? (නි)
ආණ්ඩුව කරපු හොඳම වැඩේ තමා සරත් ෆොන්සේකාට සධාරණයක් ඉෂ්ට කිරීම. (ම)
මට මේක හතරබීරි ආණ්ඩුවක් වගෙයි දැන්නම් පෙනෙන්නේ (නි)
ඉතින් දැන් මුළු ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව කීයද? පටන් ගනිද්දී කිව්වේ 25යි කියලා. දැන් ගණන දැනගන්න කැමතියි. (නි)
මෙන්න තවත් හයේ පහරක්! (නි)
"අනේ දෙවියනේ!" කියලා මට හිතුණා (නි)
අපිට නම් හේතුව හිතාගන්න පුලුවන් (නි)
දුන් පොරොන්දු කඩකිරීම ජනතා විශ්වාසය කඩකිරීමක් (නි)
ඇයි ඉතින් මෙහෙම මේ දේවල් සිදුකරලා තිබෙන්නේ? (නි)
දැන් ඉතින් එතුමලාට මොකද වෙන්නේ? (නි)
පරන රූකඩ දැන් නටවනවා (නදී)
මේක තමයි යහපාලනය කියන්නේ (නි)
මම නම් කියන්නේ ජනතාවට සේවය කරන්න තනතුරු අවශ්‍ය වෙන්නේ නැහැ කියලයි (නි)
අනේ ඇයි අපේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඇමතිකමක් නැත්තේ. බලය තියෙද්දි ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක් අවවාදයක් දෙන කොට "අනෙ යනව ඔියි යන්න, තමුසෙ කවුද මට අවවාද දෙන්න" කියල ගෞරවයෙන් කථා කලානෙ.(නදී)
සමහරු නම් ඉවත්කළ එක හොඳයි (නි)
මෙගා ටෙලියක් ද ? (නදී)
තාම නොලැබුනේ මැරුණ අප්පච්චිගේ කට්ටිටයටද ? (නදී)
චානක ලොස් ඇන්ජලිස්- ලංකාවේ දේශපාලනේ ගැන දන්නේ මොනාද? එයාම නේද කීවේ 8 වෙනිදා එයාර්පෝර්ට් එක වහනවා කියලා. නෑ මම එහෙම කීවේ නෑ කියල දැන් කියයි (නදී)
අම්මෝ....(බ)
පසුගිය ආණ්ඩුවේ හිටපු ජනතාවට එපා වුණූ පවිත්‍රා, දිලාන් , එස්. බී , ජගත්, වැනි අයට තනතුරු දීම විශ්වාසය පලුදු කිරීමක් ලෙස දකිමි. (ම)
හොඳයි. ඔහොම යමුකෝ එහෙනම් (නි)
සමහරු නම් නැති එකම හොඳයි (නි)
සිංහලයන් රැවටෙන ජාතියක් ලෙස ලොවම පිලිගන්නවා .මමත් සිංහල තමයි.(ම)
ඇමතිකම් ලැබුනේ කොහොම අයටද කියලා අපිට පැහැදිලිව පෙනෙනවා. නියමයි. යහපාලනයට ජය වේවා! (නි)
හැම බයටම වැඩිය මෙතන බය, ඡන්ද බය...... (නි)
දැන්නම් අර ඉවක් බවක් නැතුව කෑගහන කෙනාටත් එකක් දුන්නත් අපි තරහා නැහැ! (නි)
ජ්‍යෙෂ්ඨ අය වයසට ගිහින්නේ, වැඩ කරන්න අමාරු ඇති (නදී)
නව රජයට මාගේ ප්‍රසංශාව. හේතුව අනවශ්‍ය විය හියදම් කපා හැරීම හා නීතිය හා සාමය ලොකු පොඩි කා හටත් එක සේ කිරීම. සෑම දෙයක්ම විනිවිද පෙනෙන සේ කිරීමත්, යහපාලනයක් සේ කා හටත් දැනෙනු ඇතැයි කියා සිතමි. රටේ සැමට එකසේ සෑම දෙයක්ම ඉටුවිය යුතුයි. රාජ්‍ය අංශයේත් පුද්ගලික අංශයේත් මුළු මහත් ජනතාව රැකියාවලින් 55, 60 විශ්‍රාම යත්දී දේශපාලඥයන්ට විතරක් ඇයි විශේෂත්වයක්. ජ්‍යෙෂ්ටයන් වැනි ඔවුනුත් විශ්‍රාම යන හරි කලදී යා යුතුයි. ඔවුන්ටත් අන් අයට මෙන් විශ්‍රාම වේතනයක් ලැබෙනු ඇත. මෛත්‍රී රනිල් සංයෝගය රටට සහ මහ ජනතාවට දියුණුවක් යහපතක් උදාවී ලෝකයේ සදාචාරාත්මක මිනිසුන්ට නිදහසේ ජීවත් විය හැකි දියුණු රටක් වේවා යනුවෙන් පතමි. ජය සතුට සාමයෙන් පිරි රටක් වේවායි පතමි. ත්‍රිවිද රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවායි මගේ ප්‍රාර්ථනය. (නදී)
අපේ රටට දළදා හිමි සරණයි ! අපි අනාථවෙලා වගේ අපට දැනෙනවා බුදුහාමුදුරුවනේ! (නි)
දෙන යහපාලනය ට ඡන්දෙ දීපු සියලු දෙනාට ම හොඳට සනීපයි නේද. හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට කියල කියන්නේ නිකන් නෙවෙයි නේ.(ම)
අපරාදේ මහින්ද හිටියනම් හොදයි කියල හිතෙනවා දැන්නම්, කොටින්ට රටත් දීල, සංවර්ධනෙත් නවත්වල, රූකඩ සිරිසේන චන්ද්‍රිකාගේ පදේට නටනවා. මදැයි වෙච්චි දේ. (ම)
දෙගොල්ලොම ඡන්දෙට යන්න බයයි. එකයි මේ වැඩේ කරේ. මහින්ද භීතිකාව !!! (ම)
නාමල් මහත්මයට මොනවද දෙන්න පුළුවන් ? (නදී)
එස්.බී අයියෝ ? (නදී)
අාණ්ඩුවක් වැරදි කරනවා නම් ඒක පෙන්වලා ජනමතයක් ගොඩනඟන්න ප්‍රබල විපක්ෂයක් ඕනෑ. දැන් මෙයාලට පුලුවන් ඕනෑ දෙයක් කරන්න. කිසි බයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අාරක්ෂා වෙන්න ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි කියලා අමතකද? (නි)
කෙනෙක් පොරොන්දුවක් වෙන්නේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න පුලුවන් නම් පමණයි. රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. අපි වෙන මොනවා කියන්නද? (නි)
ලංකාවේ දේශපාලනය ගැන හරිම කණගාටුයි (නි)
පිටබැද්දර ජයා, ජනවාරි 9 ඉඳන් අරව තියෙනවා මේවා තියෙනවා කියනවා. දැන් ඩුබායි වල මොනවද තියෙනවලු. කෝ ඉතින් මොකක්වත් පෙන්නුවේ නැහැනේ. ඔය තියෙනවා කියපුව එකක් හරි පෙන්නන්න කියන්නකෝ. හැබැයි මේගොල්ලෝ පටන් ගත්ත ගමන් ගේම ගහන්න අරගෙන. ඒවා ගැන නම් සද්ද නැහැ !!! (බ)
කට්ටිය එහෙනම් නැවත බලයට පත්වුණා. තව ටික දවසනේ! ඔහොම යමු. (නි)
මේක කරගන්නද අපි විශ්වාස කරලා පාලනය බාරදුන්නේ? (නි)
මේ ගැන මිලානෝ ජයන්ත ඇතුළු ඉතාලි කණ්ඩායමෙන් සහ හිතවත් සත්‍යාගේ අදහස් දැනගන්න කැමතියි. (නි)
මේ ඇමතිකම් ලැබුව කට්ටිය පසුගිය ජනාධිපතිවරණයේදී සිරිසේන මහත්තයත් එක්ක එජාපයට පනින්න හිටිය කට්ටියද කියලත් මටනම් සැකයි.(ම)
නියමයි. ඔන්න වෙනස. දෑනවත් තේරෙනවා නේද දේශපාලනය කරන්නේ අපිට හෝ රටට ආදරේට නෙමෙයි කියාලා.මහින්ද මහත්තයා අඩුගානේ යුද්ධය අවසන් කරලා ටිකක් හරි සංවර්ධනය කළා. (නි)
හොරකරපු විදිහටනේ තානාන්තර දුවන්නේ (ම)
ශ්රී ලංකා කාරයොත් අනාථයි යු.ඇන්.පී කාරයොත් අනාථයි (නදී)
මහින්ද මහත්තයාගේ සංවර්දනේ අන්න ඩුබායි වලින් මතුවෙනවා දැන් ? (නදී)
තානාන්තරකම් දුන්නේ මොන අනුපිළිවෙළටද (ත)
නිකන් බොරුවට කෑ කෝ ගහන අයට වඩා රටට වැඩක් කරන මිනිස්සු තෝරලා බේරලා තනතුරු පිරිනැමුවා නම් හොදා තමයි.(නදී)
රටට වැඩදායක පියවරක්. වැරදි කරන්නන් ඒ කාලේ වගේ හංගන් ඉන්න එපා. මේ රජයට මගේ සුබ පැතුම්. (ත)
මඩු වලිග නොමිලේ බෙදාහැරීමට සුදානම් !අඟේ ඉදන් කන කාපු නිවටයන්ට සංග්‍රහ කිරීම සඳහායි (ත)
පසුගිය කාලේ වුණ හොර දුෂණ වල හැටියට මේ කට්ටිය මදි. එකම ඇමතිකම තුන් දෙනෙකුටවත් දෙන්න වෙයි. (නි)
දැන් ඉතින් ඕනි දෙයක් බය නැතුව කරගන්න පුලුවන්. පාර්ලිමේන්තුවේ විපක්ෂයත් ආන්ඩුවේ නේද දැං. රටට දෙයියන්ගෙම පිහිටයි. (නදී)
ඔක්කොම හොරු කියල සිනමා පටියක් අපි හදමු (නදී)
අප්පච්චි මලෝ! මාවත් ඕකට ගනියෝ ! (ම)
ලංකාවේ දේශපාලනය ගැන කණගාටුයි. (නදී)
නාමල් මහත්තයට දෙන්න වෙන්නේ කාන්තා අමාත්‍යංශය තමයි. (බ)
අපිට ශ්‍රීලනිප කාරයෝ කියන්නත් ලැජ්ජයි දැන්. එ්ක නිසා මේවගේ ගුණමකුවෝ ඉන්න පක්ෂයක් අපට එපා. මහින්ද නැතුව ශ්‍රීලනිපය මේ ගමන රනිල් එක්ක යන්න හදනවා නම්, අපි මහින්ද මහත්තයා ඉල්ලන ඕනෑම පක්ෂෙකට ඡන්දේ දෙනවා (නදී)
එස් බී ටත් දීලා කෝ මේ චන්ද්‍රිකා පේන්න නැහැ (බ)
නාමල් ඔයා හරි (නදී)
ඔයාල හැමෝම හරියට මේ වෙච්ච දේ තේරුම් අරන් නෑ වගේ. මෙහෙම නොකර ඡන්දෙකට ගිහින් මහින්ද අායෙත් අවොත් සුවර් එකටම මොන ක්‍රමේකට හරි ජනාධිපති වෙන්න පුළුවන්. එතකොට යහපාලනයත් ඉවරයි ව්‍යවස්තා වෙනසත් ඉවරයි. ඒ නිසා ජාතික රජයක් විදියට රට කලොත් විතරයි සේරම සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කරන එක ගැන කල කිරෙන්න අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ. (නදී)
වැරදි කරපු අය හංගන්නේ නැතුව දැන් නියමෙට එළියට දායි. විපක්ෂෙයි, ආණ්ඩුවයි දෙකම ඒගොල්ලමනේ. රංජිත් සිල්වා මහත්තයා දන්නා තරම තමයි ඔය.(බ)
එතකොට ඊලඟට වෙන්නේ ජේයඨයෝ මේකට ප්‍රශ්ණ ඇතිකරගෙන මේ ප්‍රශ්න විසදන්න කාලයක් ගතකරනවා. ජනතා ප්‍රශ්න විසදන්න කියා පත්වෙන නියෝජිතයන්ගේ එම ප්‍රශ්ණ විසදෙන තුරු ජනතාවට වෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්ණ දිහා බල බල පටි තදකරගෙන පාඩුවේ ඉන්නයි.(නදී)
නාමල්, ඔබ කියන ලෙස මහින්ද මෙතරම් හොඳ නම් ඇයි මෛත්‍රී ජනපති කියන්නේ ඔහු නිකන් හරි ජනපතිවරණයෙන් පැරදුනා නම් ඔහුවයි, මුළු පවුලයි අඩි ගානක් පොලොව යට තමයි කියලා? ඔබ මහින්ද ගැන දන්නවද මහින්දගේ ලගින් හිටි මෛත්‍රීට වඩා හොඳට? (නදී)
අපේ රටට වෙච්ච දෙයක් (නදී)
යහපාලන හවුල කියල අපි කියමු. (ත)
උසස් අධ්‍යාපන ඇමැතිකම එස්බීටම දෙන්න තිබුණනේ. අපිත් දුන්නනේ ඡන්දේ (ත)
වත්මන් ලංකාවේ මී හරක් ගහනය = 6200079
දුමින්ද සිල්වාටයි, මර්වින් සිල්වාටයි ඇමතිකම් දෙන්නේ තව පහුවෙලාද ? (නදී)