ජයලලිතා තමිල්නාඩු හිටපු මහ ඇමැතිනියගේ අවමඟුල චෙන්නායි නුවර සිදුවෙද්දී යාපනයේ කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා ඇය සැමරිණි.
කඩසාප්පු වසා දැමූ යාපනයේ වෙළඳ සමාගම් වෙළෙන්දෙන් කියා සිටියේ ජයලලිතා මහ ඇමැතිනිය දෙමළ ජනතාව වෙනුවෙන් මහත් සේවයක් කළා සේම උතුරේ ජනතාවගේ ගැටලු වෙනුවෙන්ද පෙනී සිටිම නිසා ඇයට ගරු කිරීමක් වශයෙන් එම පියවර ගත් බවයි.
වව්නියාවේද ස්වේච්ඡා සංවිධාන කිහිපයක් වව්නියාවේ ගුඩ් ෂෙඩ් මාර්ගයේ පුහුණු මධ්‍යස්ථානයකද ඇගේ ඡායාරූපයකට මල් මාලා දමා පහන් දල්වා අවසන් ගෞවර දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ සංවර්ධන වැඩ එහෙම කරලා දෙන්න ඇති නේද? (නි)