ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ. ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ රෝහල් බලධාරීන් තහවුරු කරයි.
ඇය අසාධ්‍යව සිටිය දී රෝහල අසළට පැමිණි දහස් ගණන් ආධාරකරුවන් පාලනය කර ගැනීමට 15,000ක පොලිස් බලඇණියක් ද කැඳවා තිබිණි. ඇයට ඉක්මන් සුව පතා ආධාරකරුවන් දෙවියන් යදිද්දී තවත් පිරිසක් පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කර අලාභහානි කර තිබූ බව ද ඉන්දීය පොලිසිය කියයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරන ඕ.පන්නීර්සෙල්වම් මීළඟ මහ ඇමැතිවරයා ලෙස නම්කැර තිබේ.
(ඡායාරූප-ඒ.එෆ්.පී/රොයිටර්/ඒ.පී)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිංහල අය මෙයට නිවන් සුව පතනවා. අනේ මෙහෙමත් මිනිස්සු. (නි)
සිංහලයාගේ ජාතිය කන්නේ සිංහලයාමයි. (නි)
මෙයා අමරණීයයි කියලා වෙන්න ඇති ඒ රටේ මිනිස්සු හිතාගෙන ඉන්න ඇත්තේ. ඒකනේ වැළපෙන්නේ හරියට අපි කළා වගේ. එයා නම් දේපොල රැස්කළේ නොමැරෙන කෙනෙක් කියලා හිතලයි (නි)
ලංකාවට හතුරෙක් නැති වුණා. දැන් අපේ අයට සනීපද? (නි)
දැන් ඉතින් මොනවද යන තැනට ගෙනියන්නේ? දේශපාලනයෙන් හම්බකළ වස්තුවද? නැත්නම් අල්ලපු රටෙන් කඩා ගන්න හදපු කෑල්ලද? (නි)
අඬන්න නොදන්නම කට්ටිය.... (නි)
ඉන්ද්‍රජිත්, ඒක රෝගයක් ඉක්මනට බෙහෙත් ගන්න (නි)
මෙතනදී වැදගත් වන්නේ මරණය පිළිබඳ සංකල්පය නොව ජීවත්වන කාලය තුළ කළ කී දෙයයි. තමන්ගේ ජාතියට ඇද්දා හෝ මෙහෙවරක් කළා කියලා දේශපාලඥයෙකු පැදකුණු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අවසාන විග්‍රහයේදී තමන්ගේ අයටත් කියා කළ දෙයක් නැහැ. තමන්ට කරගත් දෙයක් විතරයි. නමුත් අවාසනාවකට වගේ අසරණවූ හා මුලාවූ මිනිසුන්ගේ වන්දනාවට මොවුන් මියගිය පසුත් ලක්වෙන්නේ සංස්කෘතිය විසින් උරුම කරන මනෝභාවයන් නිසාය. (නි)
සතුටු වෙන්න හිතෙන්නේ නැතිමුත් දුකකුත් නැත (නි)
කෙනෙකුගේ මරණයේදී සතුටු වෙන්නේ නැහැ. නමුත් මෙයා හරියට ලංකාවට කරදර අපහාස කළා. ලංකාවේ අයගේ හම්වලින් සපත්තු මහලා පළදිනවා කිවුවා මතකද? මට නම් දුකක් නැත. (නි)
ජයලලිත මියගියත් ඇය දැරූ පිළිවෙත මියගියේ නැහැ. ඒ නිසා සතුටු වෙන්නත් බැහැ. (නි)
අසාධාරනය වෙනුවෙන් සටන් කරපු, දුප්පතාට පිහිට වුනු, අපේ කාලයේ වීරවරිය. ඔබට නිවන් සුව. (ර)
ජයලලිතා භූමදාන කරන කොට ඇගේ හිස ලංකාව දෙසට හරවලා භූමදාන කරන්න කියලා ඉල්ලීමක් එහෙම කරලා තිබුනේ නැද්ද? (බ)
ඔයාල වගේ අය නිසා තමයි කවදා හරි අපේ රට කැලි වලට කැඩිලා යන්නේ. (ර)
වටිනා ජීවිතයක් වෙලාවට මැරුණා නම්. අපරාදේ මෙච්චර කල් හිටියේ සුදෝ. (හේ)
කමණි ප්‍රභාකරන්ගේ මරණය ගැන දුක් වුනාද (හේ)
සමහරුන්ට කණගාටුදායක සමහරුන්ට සතුටුදායක ආරංචියක්ලු. මට නම් මාසයක් පාටි දාන්න තරම් එකක්. (නි)
මෙහෙම අඬන්න තරම් මිනිස්සු තවත් ලෝකේ නැතුව ඇති. අපේ අය නම් රබන් ගගහා කිරිබතුත් දුන්නා. (නි)
ඒ රටේ ජනතාව දුක් වෙන්නේ ඒ අය වෙනුවෙන් ඇය හොඳක් කල නිසා වෙන්නතිනේ. (ර)
පොදුවේ මරණය කාටත් උරුමය .එත් මැය ලංකාව දෙස බැලුවේ වපර ඇසිනි ඒ ගැන අපට දුකයි (ර)
බෞද්ධයකු ලෙසට නිවන්සුව පතමි (ර)
දුප්පතාගේ දුක දන්නා ජයලලිතා ජයරාම් මහා ඇමතිතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ඕ.පන්නීර්සෙල්වම් මහතා සාදරයෙන් පිළිගනිමු! (නි)
මට නම් දැනුනේ ලොකු සැනසිලිදායක හැඟීමක් (නි)
ඉන්දීය ජනතාව වෙත අපගේ බලවත් කණගාටුව මෙයින් පළකරමු. (නි)
සතුටුවීම වරදකි. නමුත් දුකක් නම් නැත (නි)
තම මිනිසුන්ට ඉතසිතින් සේවය කළ ඇය, ජාතිය පාවාදෙන අයට වැඩිය අගනේය. (නි)
මරණය ඇයට මෙන්ම අපටත් පොදුය (නි)
කෙනෙකුගේ මරණය ගැන අසා සතුටුවීම හොඳ දෙයක් නෙමෙයි (නි)
සාධාරණත්වය වෙනුවෙන් නිතරම පෙනීසිටි ජයලලිතා මැතිනියට අපේ උත්තමාචාරය. (නි)
සමහරුන්ට කණගාටුදායක සමහරුන්ට සතුටුදායක ආරංචියක් (නි)
සාධාරණත්වය? හොයලා බලන්න කොහොමද මෙයා ඔච්චර සල්ලිකාරියක් වුණේ කියලා. තමිල්නාඩුවේ ඉන්න අන්ත දුප්පත් මිනිස්සු දැක්කහම පෙනෙනවා මෙයා කොච්චර නම් මිනිස්සු දුප්පත්ව ඉන්නවට කැමතිද කියලා. දුකක් නම් නැත. සතුටක්ද නැත (නි)
මරණය ගැන නොව ජයලලිතා ගැන හිතන ලංකාවේ අය කවුරු වගේද කියලා හිතන්න පුලුවන්ද? (නි)
අප රටට යම් සැනසීමක් ලැබෙන නිසා මට නම් මේ ගැන දුකක් නැහැ (නි)
ලංකාවේ හොද මිතුරෙක් නැති වුනා,ඔබට නිවන් සුව මැතිනියනි (ර )
සතුටු වීමනම් වැරදි. මොන වුනත් ජිවිතයක්. (ර)
මනා අවබෝදයක් නැති බොහෝ ලාංකිකයන් එතුමියගේ මරණය පිළිබඳව ශෝකය නොදැක්වුවත්, සැබෑ සත්‍යනම් පසුගිය 30 වසර තුල එතුමිය එල් ටී ටී ඊ සංවිධානයට තමිල්නාඩුවේ ප්‍රභලම තර්ජනය විය. එතුමියගේ පාලන වකවානු තුල එල් ටී ටී ඊ යට තමිල්නාඩුවේ සංවිදානය වීමට කිසිම් ඉඩක් නොලැබිණ. (ර)
මරණය හැමෝටම නියතයි. (ර)
අනේ බොරුවට කිඔුල් කදුල හෙලන අයත් ඉන්නවනේ්. මැරුනු ගමන් කවුරුත් සත්ගුණවත් වෙන්නේ නැහැ. ඉන්න කම් කල දේවල් තමයි රැව් දෙන්නේ. (ර)
ඉන්නකම් ජාතිවාදය අවුස්සලා ඒකෙන් තමන් සැප විදලපු කපටි දේශපාලඥයෝ මැරුනම හොද වෙන්නේ කොහොමද? (ර)
වෙලාව ආවම කොහොමත් යන්න වෙනවා.(හේ)
මෙයා අප රටට හරියට කරදර කරා (ර)
ප්‍රියන්ත හරි රෝහිනී ඉන්නේ වෙන ග්‍රහ ලෝකෙක.අපේ රටට ඇඟිලි ගහපු කෙනෙක් එයා (ර)
රෝහිණි ! දැන්වත් නින්දෙන් නැගිටින්න. (ර)
අපරාද වංචා කොතරක් කරලා නීතියෙන් ගැලවෙන්න පුළුවන් නමුත් මරණයෙන් ගැලවෙන්ට බැහැ (ර)
ලංකාවට යම් තාක් දුරට තර්ජනයක් උනාට , එතුමිය තමාගේ ජාතිය වෙනුවෙන් කල සේවය ඉතා උසස් . මුල් වකවානුවේ ඉන්දීය ජනප්‍රිය නිළියකි.ඉන්දියීවේ එතුමිය වෙනුවෙන් ශෝක වෙන විදිය ඇහුවාම පුදුම හිතෙනවා. (ර)
මේකේ සමහරක් අදහස් දාන අය ජයලලිතා ලංකාවට කරන්න ගිය දේවල් දන්නේ නැතුව ඇති එකයි මේ දුක් වෙන්නේ. (ර)
මරණයක් ගැන අසා සතුටු වීම වැරද්දක් (ර)
රෝහිනී - නව දිල්ලිය 2016-12-06 02:42:44 ඇයගේ 2001-2005 ධුර කාලය තුල එවැනි ලක්ෂණයක් තිබුන නමුත් 2014 ධුර කාලයේදී ය තනිකරම කොටි හිතවාදී ස්ථාවරයක් ගත්තා. එම කාලය අතරතුර ඇය ඉතා අශික්ෂිත ලෙස භික්ෂුන් වහන්සේලාට හා සාමාන්‍ය සිංහල ජනතාවට අඩත්තේට්ටම් වීමට ඉඩහරියා. ඇයට තිබෙන අයතා මුදල් උපයගැනීම් චෝදනා අති විශාලයි. (ර)
සරත් සහෝදරයා, තමිල් නාඩුවේ විතරක් නෙමේ ලංකාවෙත් එහෙම තමා. (ර)
කිරිබත් හදන්න යන අයට මගෙන් පොඩි අදහසක් .. උදේ බුද්ධ පූජාවටත් කිරිබත් ටිකක් තියල වඳින්න.. තව තවත් ඔයාලට පින් රැස් කරගන්න පුළුවන් වෙයි... (ර)
ලංකාවට සිටි හතුරෙක් නැතිවුණ එකටයි මට සතුටු (නි)
තමිල් නාඩු ජනතාව වැඩි වාර ගණනක් තම මහා ඇමතිනිය හැටියට පත්කර ගැනීමටත්, ඇය වෙනුවෙන් පන දීමට උනත් සුදානම් නම්, එයින් ගම්‍ය වන්නේ ඇය පොඩි මිනිසාගේ සිත් ගත්, ඔවුන්ගේ දුක දන්නා ඔවුන් වෙනුවෙන් අගනා සේවයක් කල හොඳ දේශපාලන චරිතයක බවයි. ඇයට නිවන් සුව පතමි. (ර)
ඉන්දියාවේ ජනතාව කම්පා වෙන අයුරු දැක්කමන්ම් හිතෙන්නෑ වැරදි කල අයෙක් බවනම් (ර)
මට අද දින අසන්නට ලැබුන හොඳම ප්‍රවෘත්තිය (නි)
මනුෂ්‍යයින්ගේ බුද්ධි මට්ටම පිළිබදව ඇති වන්නේ මහත් කළකිරීමකි. එය ඉන්දියාවට විතරක් පොදු වූ කරුණක් නොවේ. හොරුන්, මිනිමරුවන් හිරේ ගිහින් එනවිට ඔවුන් හරි උජාරුවෙන් මල් මාල දමා පිළිගන්නට යන්නේද එහෙම පිරිසකි (නි)
සත්ගුණවත් ජයලලිතා උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා !!!! (නි)
සමහරුන්ට නම් මේක දරාගන්න බැරුව ඇති (නි)
එයාල අපට මොන කෙනෙහිලිකම් කළත් බෞද්ධයන් වන අපට කරුණාව කියන දේ හිතේ මොහොතකට හෝ පහල වෙනවා මෙවැනි අවස්ථාවක.ඇයත් දැන් මළවුන් අතර.මේ ටික සැවොම තේරුම් ගෙන ජිවත් වෙනවනම් කොතරම් වටිනවද?නිවන් සුව පතමි. (බ)
ඉන්දියාවේ නූගතුන්ට වැළපෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මෙයා ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවේ තමිල්නාඩුවේ ඡන්ද ටික කඩාගෙන යහතින් වැජඹෙන්න. (නි)
රතිඤ්ඤා පත්තුකළේ එහෙම නැද්ද දන්නෙ නැහැ කවුරුවත් (නි)
ඇය රුපියල් බිලියන ගණනක් රාජ්‍ය මුදල් වංචාකොට තහවුරුවී හිරගතවීමට සිටි අයෙක්. නමුත් සමාව ලැබී නැවතත් මහ ඇමති විය. හැඟීම් වලට වහල්වූ ජනතාවක් හඬා වැළපෙන අයුරු පුදුමසහගතය (නි)
එයා වරද කළේ තමිල්නාඩු ජනතාවට නෙමෙයි අපිටයි (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
කෙනෙක් ගැන ආදරයක් හෝ වෛරයක් ඇතිවෙන්නේ තමන්ගේ සිතුවිලි වල ස්වභාවය අනුව. පූර්ව නිගමනයකින් තොරව අනෙක් කෙනා දිහා බලා කුසල් සිත් ඇතිකරගමු (නි)
කෙනෙකුගේ මරණයකදී සතුටුවෙන තරම් පහත් සිත් අපිට නැත (නි)
හම්බ කරපු සල්ලි, ඉඩම් එහෙමත් අරගෙනද ගිහින් තියෙන්නේ? මේවා දැකලා හරි ඉන්න කට්ටිය හැදෙනවා නම් මොනතරම් දෙයක්ද..? (නි)
ජන හද දිනාගත් බව නම් පේනවා. මට මතක හැටියට මිට වසර කීපයකට පෙර ඇය සිරගත වූ විට 29, දෙනෙක් සියදිවි හානිකර ගත්තා කියා පුවත්පත් වල තිබුනා. (නි)
ජයලලිතා කියන්නේ මුලින් කලාවට ( චිත්‍රපට ) තරුවක්. ඒ දීප්තියේ පිහිටෙන් ඇය දේශපාලන තරුවක් වුණා. ඇයගේ අනුගාමී බහුතරයෙන් වැඩි කොටස මුල් තරුවේ අනුගාමිකයෝ. ඇය ඉතා උපක්‍රමශීලීව එරට අහිංසක ඡන්ද දායකයන්ව ඇගේ දේශපාලන මායම් දැලේ පටලවාගෙන සය වරක් මහා ඇමතිනිය වුණා. ඇය විචක්ෂණශීලී පාලිකාවක් විදියට නවදිල්ලි පාලනය තක්සේරු කළ බවක් පෙනිලා නැහැ. ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ අනාගත සුරක්ෂිතභාවයට ඉදිරිය බලා කර ඇති සේවය අල්පයි. ඇය පරමාදර්ශී නායිකාවක්, යුග මාතාවක් ලෙස ඉන්දීය ඉතිහාසයට ඇතුළත්වීම සැකසහිතයි. (නි)
සාමදානයේ සැතපේවා! (නි)
ඉන්දියාවේ ඉන්න මගේ යාලුවෙක්ම තමයි මට කිවුවේ මෙතුමිය වෙනුවෙන් සියදිවි නසාගත් අයගේ ඇත්ත. මගේ යාළුවා කී විදියට නම් එතුමිය වෙනුවෙන් ජන රාශිය එක්වෙන තැන් වලට බොහෝ අය යන්න කැමති නැහැ, මොකද කවුරු කොහෙන් ඇවිත් ගිනි තියයිද කියලා බයට (නි)
රටේ අය දුප්පත් වෙද්දී ඇය රුපවාහිනි සේවා ගණනක් තබාගත්තේ ඇයි? (හේ)
රෑට රෑට ගෙවල් බිඳලා, ඒ සල්ලි වලින් උදේට ඒ මිනිසුන්ටම පොඩි ගානක් බෙදලා දුන්නම මංකොල්ලකාරයා මහා වීරයෙක්. මොකද මිනිස්සු දන්නේ නැහැ මේ බෙදන්නේ ඊයේ රෑ අපේම ගෙදරින් මංකොල්ලකාපු සල්ලි කියලා. ඒ වගේ තමයි මෙයා කළෙත් ජාතිවාදය වපුර වපුරා ජනතාවගෙන් සුරා කාලා සුරසැප වින්දා. මෝඩ මිනිස්සු තවත් මොවුන්ට වඳින හැටි දැක්කම සමස්ත ඉන්දියාව ගැනම දුක හිතෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීතල විරසකයට මුල තමයි මේ තමිල්නාඩුව සහ එ්කේ ඉන්න මිනිස්සු. (නි)
මට නම් මේ දුක කියාගන්න බැරිතරම් සතුටක්. (නි)
මට නම් මේ දුක කියාගන්න බැරිතරම් සතුටක්.
දැන් ඉතින් මේ මිනිස්සු, ගිනිතියා ගනීවි, කෝච්චි වලට පනීවි. ඒ රටේ සමහර මිනිසුන්ට දේශපාලකයෝ දෙවියෝ වගේ තමා. (නි)
කළකම් කවදා හෝ පළදෙනවා (නි)
සාධාරණය කවදා හෝ ජයගන්නවා (නි)
තම ප්‍රාන්තයේ කිසිදු සංවර්ධන වැඩක් නොකර සියලු මුදල් තමන්ගේ ගිණුමට බැරකර ඡන්දයකදී මිනිසුන්ට මුදල් ගෙවා මැතිවරණය දිනන මෙවැනි නායකයන් ගැළපෙන්නේ ඉන්දියාව ලංකාව වැනි රටවලට පමණි... (නි)