තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාවය වාර්තා කර ඇති අතර වෙනත් ප්‍රධාන මාධ්‍ය මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් පළ කර නැත.
ඇය 68 වැනි වියේ පසුවූවාය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කැර තිබිණි. චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා උණ හා විජලනය ඇතිවී අසනීප තත්ත්වයෙන් රෝහල්ගත කැර සිටි අතර එසේ සිටියදී සිය මහ ඇමැති බලතල ද ඇගේ පක්ෂයේ සාමාජිකයන්ට පැවරුවාය.
ඇපලෝ රෝහල ඉදිරිපිට දහස් ගණනින් ජනයා රැස්ව සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චෙන්නායි හි ඇපලෝ රෝහල අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කියති. 15000ක පොලිස් බළ ඇණියක් එහි කැඳවා ඇත.
මේ අතර ජයලලිතා මිය නොගිය බවත් ඇය ඉතා බරපතල තත්ත්වයෙන් චෙන්නායිහි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරු ඇයගේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවත් එම රෝහල මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කරයි. එන්ඩීටීවී පුවත් සේවය එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.
ඇය ජීවිතාරක්ෂක උපකරණ බලයෙන් ජීවත්වන බව එම නිවේදනයේ සඳහන්වේ.
කොටි හිතවාදීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඉන්දීය මධ්‍යම රජය හරහා ශ්‍රී ලංකාවටද බලපෑම් කළ ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස සිටි සෑම අවස්ථාවකම ලංකාවේ දේශපාලනයටද විවිධ අතපෙවීම් සිදු කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වසර සීයක් ඉන්න ඕනේ කෙනෙක් (බ)
යම රජ්ජුරුවෝ වත් භාර ගන්න එකක් නැහැ ලංකා එතනටත් කඩාගෙන පහත් වෙලා ඊලමක් ඉල්ලාවි කියන බයට ! (බ)
ආයේ කතා දෙකක් නැහැ,අන්තවාදය වපුරලා බලය ලබා ගන්න හා බලයේ රැඳෙන්න උත්සාහ කරන හැමදෙනාම මියයන්න ඕනා දවස් ගණන් නෙමේ, අවුරුදු ගණන් පණ ඇදලම තමයි. ඉන්දියාවේ එවුන්ට විතරක් නෙමේ, ලංකාවේ එවුන්ටත් වලංගුයි. (බ)
ලොකු දෙයක් දෙවියෝ අද මුණ බලල (බ)
මම කිරිබත් උයනවා , දුර්ජනයා ගැන කණගාටු වෙන්නේ නෑ (බ)
ඇයට නිවන් සැප ලැබේවා! (බ)
කනගාටුවෙන් වුණත් මේටිකකියන්නම ඕන දුෂ්ටකම් කරන කාට වුනත් ඔයටික වෙනවා .දිට්ඨ ධම්මවේදනීය කර්මවිපාක විදිහට මාස ගානක් පණ අදිනවා .අපේ රටට කොච්චර කෙනෙහිලි කම්කළාද ? මරණෙන් පස්සේ කල්පගානක් නිරයේ .පව් මොනවාකරන්නද? අනිත් යටත් අාදර්ශ.(බ)
මෙයා ලංකාව දෙකඩ කරන්න හැදුවේ මේ රටේ ඉන්න දෙමළ මිනිසුන්ට තියන ආදරයට නෙවෙයි. එයාගේ සැප පුටුවට එන්නයි. ඇයගේ අනුගාමිකයෝත් කරන්නේ ඔය ටිකමයි ....(බ)
ලංකාවේ දේවල් වලට අනවශ්‍ය විදියට බලපෑම් කරපු කෙනෙක් . එහෙත් , ඉක්මන් සුවය පතමු .(බ)
විකුම් වසරේ හොදම ප්‍රකාශය (බ)
විකුම් ඔයාගේ කතාව ඥානසාර හාමුදුරුවන්ට හරියට ගැලපෙනවා (බ)
ඇය දැන් මරණාසන්නයි..... වෛරයෙන් වෛරය නොසන් සිඳේ......දැහැමිව සිතමු..සිත කිලිටි කරගන්නාවූ සිතිවිලි වලින් බැහැර වෙමු. (බ)
ලංකාවට කෙලවන්න හදන එවුන්ට දෙවියෝ දඬුවම් දෙනවා. ලෝකේ කොහේ හිටියත් එක වෙනවා. ලංකාවේ ඉන්න එවුනුත් පරිසමෙන් හිටියොත් හොඳයි. (බ)
තව පණ අදින්න දෙන්න ඕනා... ලෙඩෙක් පණ අදිනවාට සතුටුවෙන්න හොඳ නැහැ තමයි. නමුත් මුන් ඉන්නකන් අපිට කෙරුවෙම හතුරුකම්. ඊළඟට කරුණානිධියත් ඔහොමම ගියානම් නියමයි.මුන් දෙන්න මට්ටුවෙන්නේ අපායෙන් වෙනම ආණ්ඩුවක් ඉල්ලලා සටන් කරන්න ගත්තම. (බ)
අපි බෞද්ධයෝ හැටියට අපි දන්නවා දිට්ටධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙන බව. කොහොම වුනත් කෙනෙක් අසරණ වුනාම හොදයි කියලා කියන්න හොද නැහැ. නමුත් ඉතින් තමන් වපුරන දේවල්වල අස්වැන්න නෙලාගන්න වෙන්නේ තමන්ටම තමයි. මේවා ඉතින් දේශපාලනේ කරන හැම කෙනකුටම හොද පාඩම්. කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (බ)
යම් කෙනෙක් ටහම් සිද්ධ කරගන්නාවූ කුසල සහ අකුසල කර්ම හැටියට පල දෙනවා. අපි සාප කරන්න හොඳ නැහැ. අපි මොන විදියට මිය යාවිද දන්නැහැ (ර)
මෙම ප්‍රතිචාර දෙස බලනවිට බුද්ධාගම අවුරුදු 2500 ක් තිබියදීත් ලංකාවේ බොහෝදෙනෙකුට එහි මූලික සංකල්පවත් ශරීරගත වී නැති බව කණගාටුවෙන් පිළිගැනීමට සිදුවේ. (ර)
බුදුන්ට පුදපූ රට දෙකඩ කරන්න හදන ඕනෑම කෙනෙක් දෙවරක් සිතිය යුතුයි (ර)
විජයපාල, බොක්කේ දඩ මස් තියාගෙන හක්කෙන් බුදු රැස් පිටකරන්න හදන අමනොඥ මිනිසුන් මේ දවස්වල වැහි වහලා. ඔබතුමා උනත් ආත්ම වංචාවක් කර නොගෙන, අර විකුම් රංගන කියල තියනවා වගේ හිතට එකඟව ලියන්න.උත්සහ කරන්න..(ර)
සැම දෙනාටම පොදු ධර්මතාවයක් මරණය. ඒත් මේ ටික තේරුම් නොගෙන දනයට බලයට කෑදරකමින් ජීවත් වෙන අය තමා ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ. (ර)
මට නම් පුදුම සතුටක් ඇති දවසක් (නි)
අරුණ, ඔය මෛත්‍රී භාවනාව පැත්තකින් තියන්න. (නි)
නිලියක් නිස මම ජයලලිතව අගේකරනවා (ර)
එතුමියගේ දේශපාලන දැක්ම අනුමත නොකලත් ඇයට ඉක්මන් පතමි. (ර)
අපි ඇයට අනුකම්පා කරමු (නි)
මරුට නොමැත කිසි විටකදී බාධා.. එකයි මිනිසුනේ ඉන්නට බැරි වන්නේ නොතිර සසර සාගරේ.. (ර)
ජයලලිතාගේ දේශපාලනය මම කිසිවිටකදිවත් අනුමත කරන්නේ නැහැ (ර)
අපි බෞද්ධයන් විදියට මෙතුමියට වෛර නොකර සිටිමු (ර)
මහජනතාවට විනකරන කාටත් කර්මය පළදෙනවා (නි)
සෙල්වරාජ් දුක්වෙන්නේ නැතුවය ඕගොල්ලන්ගේ කෙනෙක් නේ (හේ)
බීබීසී එකෙන් අපි ඇහුවා හැමදේම. දැන් කලින්ම නත්තල් කමු (නි)
බලනකොට සිංහල අපි එච්චරම පවු කරලා නැහැ එහෙනම් (නි)
දැන් සියල්ල අවසානයිනේ! (නි)
මෙතන ලියලා තියන අදහස් බලන්න කලින් නම් මමත් මෙතුමිය ගැන වැඩි සතුටකින් නෙමෙයි හිටියේ. ඒ වුණාට අපේ යාලුවන්ගේ ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරිලා. ජයලලිතා ගැන ආදර භක්තියක් පහළවී තිබෙන නිසා, මගේ ආකල්පත් වෙනස් වුණා. ඉතින් ඇය මතු දිනෙක අප අතරම ඉපදෙන්න ප්‍රාර්ථනා කළා. (නි)
ඔන්න ස්වභාව ධර්මය විසින්ම දඬුවම් ලැබුනා. තව එක් කෙනෙක් ඉන්නවා උතුර පැත්තේ. දෙවිවරු තවමත් අපේ රට ආරක්ෂා කරනවා. කවුරු කවුරුත් මේවා දැනගෙන වැඩ කළොත් හොඳයි (නි)
ලංකාව දෙකඩ කරන අයට හොඳ පාඩම් (නි)
දැන් ඉතින් සතුට දරාගැනීමට බැරි අය කිරිබත් උයාගෙන සතුට බෙදා හදාගන්න. මොකද අපි සදාකාලයටම ඉන්න ආ අයනේ! (නි)
සමහරුන්ට නම් මේක දරාගන්න බැරුව ඇති (නි)
ලංකාවට කෙනෙහිලිකම් කරපු අයට වෙන දෙය දැක්කා නේද. හිලරි අත උඩින් දිනුව කියලා හීන මව මවා හිටියා. දැන් මෙයා. මෙයාට යන්න අමුතු අපායක් ඕනෑ වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා. (නි)
ලංකාවෙත් කී දෙනෙක් වස බීලා ජීවිත විනාශ කරගනීවිද දන්නේ නැහැ (නි)
අද අපි මේ ප්‍රීතිය සමරන්න පොඩි උත්සවයක් දානවා. (නි)
මෙයාට හාට් ඇටෑක් එක හැදිලා තියෙන්නෙ ලංකාවේ මුහුදේ මාලු අල්ලන්න දුන්නෙ නැහැ කියලා වෙන්න ඇති. කච්චතිව් දුපත තමිල්නාඩුවට දුන්නෙ නැහැ කියලා වෙන්න ඇති. අනේ ජයලලිතා! (නි)
වෛර කළාම නරක්වෙන්නේ අපේ ජීවිතය රැකගන්න තියෙන අපේම ලේ මිසක් ජයලලිතාගේ ලේ නෙමෙයි. ජයලලිතා කරගත් දේ එයා ගෙනියයි. අපි අකුසල් නොකර ගෙන ඉඳිමු (නි)
වටිනා සාරි දොළොස්දහස් ගණන අපරාදේ ඇඳගන්න බැරිවුණා. වයස 68 කියන්නේ මැරෙන වයසක් නෙමෙයි. නමුත්...? (නි)
මෙතන සමහරු ජයලලිතාට විරුද්ධව ලියන අයටත් බනිනවා වගේම සිංහල අනතවාදයක් ගැනත් කියනවා. කරුණාකරලා මතක් කරගන්න සිංහලයන් නෙවෙයි අන්තවාදයක් ඇති කළේ කියලා. ජයලලිතා අපේ රටට කරපු වින ගැන කියන්න බයවෙන්න ඕනෑ නැහැ. (නි)
ජීවත්ව හිටියොත් තමයි ගැටළු විසඳාගන්න පුළුවන්. එහෙම නැතුව ජීවිතය හැරගියොත් එය කරගන්න බැහැනේ. ඇය සටන් කළේ තම පිරිස වෙනුවෙනුයි. (නි)
ඇයත් කාන්තාවක්. අගෞරව කරන්න එපා (ර)
විකුම් රංගන.ඔබගේ අදහස 100 % සත්‍යයි. (ර)
එතුමිය මිය ගිය බව නිවේදනයක් කෙරුවා. ඇයට නිවන් සුව. (ර)
ජනහිත එයාලා සටන් කළේ එයාලගේ පිරිස වෙනුන් නම් ඇයි අපේ රටේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න දගලන්නේ.අපේ රටේ ප්‍රශ්න අපේ රටේ උදවිය බලාගනිවිනේ නේද එහෙනම් ? (බ)
අපිට මොනතරම් වැරදි කළත් ඇයද මනුෂ්‍යයෙකි (නි)
කෙනෙක් මැරුණම එම කෙනාට ගැරහීම සිංහලකම නොවුණත් මැය ලංකාව දෙකට කිරීමට ගත් උත්සාහයට මැයට කවදාවත් ශාන්තියක් නොලැබේවි! (බ)
යන්තම් යමරජ්ජුරුවෝ මේ ගැනිව බාරගන්න කැමතිවෙලා! (බ)
ජය වේවා (බ)
අනේ සාදු (බ)
ජයලලිතා ගැන දුකයි අපිට නම් (නි)
කනගාටුයි .. එක අතකින් සතුටුයි..(බ)
දෙවියන් බැලුවේ පරක්කු වෙලාද (බ)
ඔය ගෑනි ඉන්නකන් අපිට කෙනහිලිකම් කළා. දැන් හම්බකරගත් සේරම වස්තුව දාල ගිය. ඔයටිකට තමා දැඟලුවේ..(බ)
ලංකාවට විරුද්ධව වැඩ කරන හැමෝටම වෙන්නේ මේ ටික, නමුත් මනුෂ්‍යත්වයෙන් බලන විට දුකක් දැනෙනවා..(බ)
නොමළත් මළා වැනිය. මාගන්දිය ගැන කිව්වේ අපේ බුදුන් වහන්සේ. එය මාගන්දිය පමණක් නොව එවැනි වෙනත් අය ගැනත් බලපායි (බ)
එකතු කර ගත් ධනය,රත්තරන්,ඉඩකඩම්, ඔක්කොම දාල ගියා.මේක තමයි ජීවිතේ යථාර්ථය? (බ)
සමහර පුද්ගලික රෝහල් ලෙඩා මළත් ඔක්සිජන් දිදී තියාගන්නවා. චාජ් කරන්න පුළුවන්නේ. (බ)