වංචා දූෂණ සම්බන්ධයෙන් තමිල්නාඩු හිටපු මහ ඇමැති ජයරාම් ජයලලිතා සිර ගෙන නියම කරමින් ඉන්දියා රුපියල් කෝටි සියයක දඩයක් ද නියම කරමින් ගිය වසරේ සැප්තැම්බරයේ චෙන්නායි අධිකරණයක් නියම කළ දඬුවම කර්නාටක විශේෂ මහාධිකරණය විසින් ඉවත් කැරිණි.
හෙළි කළ නොහැකි වත්කම් සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය කරනු ලැබීය.
මෙම තීන්දුව අනුව සියලු චෝදනාවලින් ජයලලිතා නිදහස් කැරේ.
ඇය නිදහස් කරන පුවත සැලවීමත් සමග ඇගේ ආධාරකරුවෝ සැනකෙලි ස්වරූපයෙන් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පරණ සෙල්ලම් ඔක්කොම ආයේ පටන් ගනී.(හේ)
පරණ සෙල්ලම් කියලා කිව්වේ තුවාන් මොකක්ද? (නි)
කොහෙත් එකම දෙය තමයි. හොරකම් කළ සල්ලි, දේපල වලට වෙච්ච දෙයකුත් නැහැ.ගත් කෙනෙකුත් නැහැ. අන්තිමට නිදහස්. (නි)
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඇගේ ඉල්ලීම් වලට දැන් මොනවා වෙයිද කියලා බලමුකෝ (නි)
දැන් ඉතින් ආයේ යුද්දේ පටන් ගනී.(හේ)
අපේ අය උඩ පැන්නා මතකයි ජයලලිත හිරේ ගියාම.එහෙ එහෙමයි,මෙහෙ මෙහෙමයි කියලා.දැන් තේරෙනවා ඇති එහෙත් මෙහෙ වගේම තමයි කියලා.අපි නොදන්නා ඉන්දියාව! (නි)
ලෝකේ පුරාම තිබෙන යහපාලනය ....ඕක තමයි ... (හේ)
කලින් ආණ්ඩුව කාලේ වුණා නම් කියයි මේ සිද්ධියට අපේ කෙනෙක් මැදිහත්වෙලා ඒ නිසා ජයලලිතා නිදහස් කළා කියලා. (නි)
ලංකාවේ උසාවි තීන්දු වාගේම තමා දැන් බැලුවහම ඉන්දියාවේත්. ප්‍රබල දේශපාලකයන්ට තීන්දු වෙනස්වෙනවා (නි)
මෙහෙටත් ආදර්ශයක් වේවිද?(හේ)
දැන් දෙපැත්තේම ඉන්නවනේ ගැලපෙන කට්ටිය අායේ පටන්ගනී (බ)
මේ ඉන්දියාවනේ ඉතින් (නදී)