මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඇගේ ජනයාගේ මහත් ආදරයට ලක්වූ නායිකාවක් ලෙස ජයලලිතා හඳුන්වා ඇති ජනපති තමිල්නාඩු ජනතාවටත් ඇයට ආදරය කළ අයටත් තම ශෝකය පළ කරන බව කියයි.
මේ අතර තමිල්නාඩු මහ ඇමැතිනියගේ අභාවය පිළිබඳ තම දැඩි ශෝකය පළකරන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක සටහන් කර ඇත. දෙමළ ජනයාගේ දුක්ගැනවිලි වෙනුවෙන් ඇය ප්‍රබල හඬක් නැගූ බව ඔහු සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වත් වගේ බෙදුම්වාදීන්ගේ ආදරයට පාත්‍රවුත්, ශ්‍රී ලංකාවාසී අපගේ වෛරයට බඳුන්වුත් එකම නායිකාව. (නි)
බොහොම හරි සේනක. දුක්විඳින අහිංසක ජනතාවට ඇගෙන් සැනසිල්ල ලැබෙන්න ඇති නේද?මෝඩ නූගත් ජනතාව අන්දවා තමන්ගේ සුඛවිහරණය සළසාගත් තවත් කෙනෙක් පමණයි! (නි)
ප්‍රසන්න, හොඳ ප්‍රශ්නයක්. අපේ රටෙත් ඉන්නේ මොන වගේ අයද බව රහසක් නොවෙයි! (නි)
තමන්ගේ ජාතිය පාවා නොදුන් කෙනෙක් (ර)
කොහොම වුණත් තමාගේ වර්ගයා වෙනුවෙන් නැඟීසිටි ජන නායිකාවක්. අනිත් ජාතීන් එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ වගේ දේශප්‍රේමී ජන නායකයින් නායිකාවන් කවදා අපේ රටේ බිහිවේවිද. (නි)
සමහරු මහින්ද මහත්තය මත්තෙම නැහෙන්න හදනවා. නමුත් මහින්ද මහත්තයාගේ පුතා මෙතන ඔවුන්ට පිළිතුර දීලා තියෙනවා. පව් අහිංසක ජනයා. (නි)
හරිම දුකයි වගේ (නි)
තමිල්නාඩු දේශපාලකයන් පමණක් නොව සියලුම වට්ටෝරු නළුවන්ද ජනතාවද සිය ජාතිය වෙනුවෙන් පෙනී සිටිති . අපේ දේශපාලකයන් ජනතාව හා නළු නිළි කැල සිංහලකම ගැන පෙනී සිටින්නන් දඩු කඳේ ගැසීමට පුල පුලා බලාසිටිති. ජයලලිතා ජනයා නොමඟ යවා බලයේ සිටියත් බලය උදෙසා ජාතිය හා දෙමළ ජනයාගේ උරුමයන් පාවා නොදුන්නාය. ඔවුන්ගේ ඉදිරි පරපුරට කුස පුරා අහරක් නැතත් ජීවත්වෙන්නට බිමක් තිබේ. අපේ උදවිය බලය උදෙසා ජාතිය භූමිය හා දැයේ දරුවන්ගේ අනාගතයම බිල්ලට දෙති (නි)
ජයලලිතාට මිනිස්සු මෙච්චර කැමති ඒකනේ (නි)
තමන්ගේ ජාතිය පාවා නොදුන් කෙනෙක්ලු. ඒකට අපේ අය, ජාතිය විතරක් නොවෙයි අඹු දරුවොයි එක්ක රටත් පාවලා දේවි (නි)
ජයලලිත දෙමළ ජනයා වෙනුවෙන් හඬ නැගුවේ ඉන්දියාවේ. එ්කට අපට කමක් නැත. ලංකාවේ සිටින සිංහල අයියලා දෙමළ අය වෙනුවෙන් හඬනගන එකනේ ඉවසන්න බැරි. (නි)
තම ජාතිය වෙනුවෙන් කැප වුන කාන්තාවක්. අප රටට මොන දේ කලත්.. (ර)
ජයලලිතා නම් හදවත් දිනාගත්තා කියල ඔබතුමා පවසනවා. ඔබතුමා ඉතින් කවදාද මහජනතාවගේ හදවත් දිනාගන්නේ? (නි)
ඔය වගේ හදවත් දිනාගත් අය තව කොච්චර හිටියාද? (නි)
ඇගේ ජනයාගේ මහත් ආදරයටත් අපේ ජනතාවගේ මහත් වෛරයටත් පත්වූ නායිකාවක්. (නි)
අපේ රටට විනකරන අයට දඬුවම් ලැබෙනවාමයි (නි)
මහා තමිල්නාඩුවේ සිතියමට ලංකාවේ උ/නැ අයත්. ඒවා හැදුවේ ඔය අයම තමයි. ඉතින් මොන එහෙකටද අපි ශෝකය ප්‍රකාශ කරන්නේ? (නි)
ඔව් දිනාගත්තා තමයි. හැබැයි ඒ බෙදුම්වාදී තමිල්නාඩු ජනතාවගේ. (නි)
කාටවත් මුල මතක නැහැ වගෙයි. (නි)
ඇයව මහා ඇමතිනිය ලෙස සයවරක් ඔසවා තැබුවේ තමිල්නාඩුවේ දුක්විඳින අහිංසක ජනතාව බව ඔය කොයි කවුරුත් මෙනෙහිකළ යුතුයි. (නි)
ජයලලිතාව පැත්තකින් තියමු. අපේ ජන නායකයෝ ජනතා හදවත් දිනාගෙන ඇද්ද? (නි)
දැන් සිටින සමහර නායකයින් මෙන් තම ජාතිය පාවානොදුන් නායිකාවක් (නි)
ජන හදවත් දිනාගන්න එක හැමෝටම කරන්න බැහැ (නි)
අපේ රටිනුත් අවමඟුල් උත්සවයට යයිද? (නි)