හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනයට ලක්වූ බෝම්බ ප්‍රහාරය ගැන නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු පත්කර එවන ලෙස අධිකරණ සේවා කොමිසම් සභාවට දන්වා යවන බව ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(4) එම නඩුව කැඳවු අවස්ථාවේදී විවෘත අධිකරණයේදී පැවසීය. පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත් ඔහු කීවේය.

නඩුව පෙබරවාරි 2 වැනි දා යළි කැඳවීමට නියමිතය.