එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා සඳුදා (25) ජිනීවා නුවර බලා පිටත් වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමෙන් සිදු කැරෙන යුද අපරාධ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ජනපති විශේෂ නියෝජිතයා ලෙස මේ ගමන යයි.
ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සඳහා එම කොමිසම අවසර ඉල්ලූ නමුත් එදා රජය ඊට එරෙහි විය.
මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරයට පසුව සිදුවූ ප්‍රගතිය ගැන ධනපාල මහතා කොමසාරිස්ට කරුණු කීමට නියමිතය.
යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ ගැන ශ්‍රී ලංකාවේ නව රජයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව නව විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අලුත් ජනාධිපතිතුමත් මොනවා කරනවාද මන්දා ඕකට යවන්න නියම සුදුස්සා සජින්ද වාස් මන්ත්‍රීතුමා විත්තිය මුළු රටම දන්නා එකේ.(හේ)
වසර ගනණාවක විදේශ කටයුතු පිලිබද පලපුරුද්ද ඇති ජයන්ත ධනපාල මහතාගේ සේවය රටට අවශ්‍යයයි. (ර)
මේ වගෙ අය රටට ඕනේ. ඒ වගේම මෙතුමා වසර ගානක් විදේශ කටයුතු පිළිබද පළපුරුද්දක් ඇති අයෙක්. මෙතුමන්ට තෙරුවන් සරණයි (නදී)
මේ වගේ බුද්ධිමතුන්ගේ සහාය ලබා ගන්න ජනාධිපතිතුමා පියවර ගැනීම අගය කළ යුතුයි (නදී)
උගත් බුද්ධිමත් විදේශ සේවය අවංකව කළ , විශාල හැකියාවක් තිබෙන මහතෙක්. මා කාලයක සිට මොහු ගැන දන්නවා (නදී)
මේ වගේ කෙනෙකුට පුලුවන්ද මන්දා ගරු සජින් වාස් මන්ත්‍රී තුමා වගේ ජාත්‍යන්තරය ජයගන්න. (නදී)
දයාන් ජයතිලක වැන්න උන් ළගට ගන්න එපා. සමහර විට ඔබ තුමාගෙන් ජිනිවා හි තනාපති කම ඉල්ලයි. කරන්න පුලුවන් කෙන් ගෙඩියක් නැහැ බොරු කයිවාරු විතරයි. ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා රැවැට්ටුවා. උරුලෑවා ගියා වාගේ ගඳ විතරයි (නදී)
ඔබේ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දෙන් රටට යහපතක් කරන්න ශක්තිය ලැබේවා.(හේ)