එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා සඳුදා (25) ජිනීවා නුවර බලා පිටත් වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමෙන් සිදු කැරෙන යුද අපරාධ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ජනපති විශේෂ නියෝජිතයා ලෙස මේ ගමන යයි.
ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සඳහා එම කොමිසම අවසර ඉල්ලූ නමුත් එදා රජය ඊට එරෙහි විය.
මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරයට පසුව සිදුවූ ප්‍රගතිය ගැන ධනපාල මහතා කොමසාරිස්ට කරුණු කීමට නියමිතය.
යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ ගැන ශ්‍රී ලංකාවේ නව රජයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව නව විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජයන්ත ධනපාල ජිනීවා යයි
සත්‍යපාල Sunday, 25 January 2015 10:32 AM
අපේ අලුත් ජනාධිපතිතුමත් මොනවා කරනවාද මන්දා ඕකට යවන්න නියම සුදුස්සා සජින්ද වාස් මන්ත්‍රීතුමා විත්තිය මුළු රටම දන්නා එකේ.(හේ)
ඩි.වයි. Sunday, 25 January 2015 12:49 PM
වසර ගනණාවක විදේශ කටයුතු පිලිබද පලපුරුද්ද ඇති ජයන්ත ධනපාල මහතාගේ සේවය රටට අවශ්‍යයයි. (ර)
පියුමි ලක්මාලි Sunday, 25 January 2015 02:44 PM
මේ වගෙ අය රටට ඕනේ. ඒ වගේම මෙතුමා වසර ගානක් විදේශ කටයුතු පිළිබද පළපුරුද්දක් ඇති අයෙක්. මෙතුමන්ට තෙරුවන් සරණයි (නදී)
චමී Sunday, 25 January 2015 03:02 PM
මේ වගේ බුද්ධිමතුන්ගේ සහාය ලබා ගන්න ජනාධිපතිතුමා පියවර ගැනීම අගය කළ යුතුයි (නදී)
උයන්ගොඩ Sunday, 25 January 2015 06:16 PM
උගත් බුද්ධිමත් විදේශ සේවය අවංකව කළ , විශාල හැකියාවක් තිබෙන මහතෙක්. මා කාලයක සිට මොහු ගැන දන්නවා (නදී)
ලෝසා Sunday, 25 January 2015 07:29 PM
මේ වගේ කෙනෙකුට පුලුවන්ද මන්දා ගරු සජින් වාස් මන්ත්‍රී තුමා වගේ ජාත්‍යන්තරය ජයගන්න. (නදී)
රංජිත් Sunday, 25 January 2015 11:42 PM
දයාන් ජයතිලක වැන්න උන් ළගට ගන්න එපා. සමහර විට ඔබ තුමාගෙන් ජිනිවා හි තනාපති කම ඉල්ලයි. කරන්න පුලුවන් කෙන් ගෙඩියක් නැහැ බොරු කයිවාරු විතරයි. ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා රැවැට්ටුවා. උරුලෑවා ගියා වාගේ ගඳ විතරයි (නදී)
සමීර Sunday, 25 January 2015 08:44 AM
ඔබේ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දෙන් රටට යහපතක් කරන්න ශක්තිය ලැබේවා.(හේ)