(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) රුපියල් කෝටි 6000ක ණයක් ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මා කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ ණය ආධාර යටතේ සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම ණය යොදාගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කොච්චර ණයවෙලා ග්‍රාමීය හෝ පළාත් මාර්ග හැදුවත් මහ ඇමතිවරුන් ඒවා නඩත්තු කිරීමට ප්‍රතිපාදන දෙන්නේ නෑ. මොකද ඒවායෙන් කොමිස් කුට්ටි නොලැබෙන නිසා. මීට පෙර ජබික් ආයතනයෙන් ගත් ණය ආධාරයෙන් සංවර්ධනය කරපු රත්නපුර කෑගල්ල ප්‍රදේශයේ මාර්ග වසර 5 ක් වත් නෑ දැන් සම්පූර්ණයෙන් කැඩී බිදී ගිහින්. පසු විපරම් කරපු එම ආයතනයේ අය මෙය රජයට වාර්තා කලත් ඉන් වැඩක් නෑ. රට තව ණය වෙලා කොච්චර පාරවල් හැදුවත් නිසි මාර්ග නඩත්තුවක් නැත්නම් එය මුදල් නාස්තියක් හා මහජනයාට තව තව බදු බර වැඩිවීමක් පමනයි.