2016-06-01-ent-36

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන Alita:Battle Angel හි ප්‍රධාන චරිතය සඳහා රෝසා සලසාර් තෝරාගෙන ඇති බැව් වාර්තාවෙයි. %Maze Runner "TheScorch" චිත්‍රපටයෙන් මෑතකදී පෑ විශිෂ්ට රංගනය මීට හේතු වී ඇති අතර, තිස්හැවිරිදි රෝසා මීට පෙර "The Divergent Series : Insurgent" චිත්‍රපටය හරහාද ජනප්‍රිය වූ නිළියකි. යුකිටෝ කිෂෝරෝගේ "Manga" කෘතියේ අනුවර්තිත තිර පිටපතක් ලෙස ජේම්ස් කැමරන් මෙය රචනා කර ඇති නමුත් කිෂිරෝට එම තිර පිටපත අධ්‍යක්ෂණය කිරීමට පළමුව අවශ්‍ය වී ඇත. එහෙත් පසුව එම අදහස ඔහු අත්හැර දැමුවේ ඔහුට ඉදිරියේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත "Avatar" චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය කෙරේ අවධානය යොමු කිරීමට සිදුවූ නිසාය. මේ අනුව මෙහි අධ්‍යක්ෂවරයා ලෙස රොබට් රොඩ්රිගෝස් තෝරාගෙන ඇති බැව් පැවසෙයි.

 

2016-06-01-ent-35
2016-06-01-ent-34