
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමි කම්පාවක් හට ගැනීමත් සමග හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40 ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
භූමි කම්පාව ඊයේ(08) එරට වේලාවෙන් රාත්‍රී 11.15 ට පමණ හටගෙන තිබූ අතර ඒ සමග එරට කාලගුණ විද්‍යා ඒජන්සිය කඩිනමින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ පළාත් සඳහා මෙම සුනාමි අනතුරු ඇඟවීම කාලගුණ විද්‍යා ඒජන්සිය නිකුත් තිබූ අතර අඩි 10 ක් දක්වා සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබිණි.
අමෝරි වෙරළට කිලෝ මීටර 80 ක් දුරින් මෙම භූමි කම්පාව හටගෙන ඇත. භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ජපාන වැසියන් දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබූ අතර අමෝරි පළාතේ හෝටලයක සිටි කීපදෙනෙක්ද ඉන් තුවාල ලබා ඇත.
භූමි කම්පාව හටගැනීමත් සමග ඊට මුහුණ දීම සඳහා අදියර තුනකින් යුත් ප්‍රතිචාරයක් ජපාන අගමැතිවරයා ප්‍රකාශයට පත් කළ අතර හදිසි කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබිණි. එසේම භූමි කම්පාව බලපෑ ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශයන්ගෙන් පිටවන ලෙස ජපාන රජය උපදෙස් ලබා දී තිබුණේය.
2025 දෙසැම්බර් මස 04
439
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
457
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපානයට සුනාමි තත්වයක්
අරවින්ද මොණරවිල Tuesday, 09 December 2025 10:23 AM
අපේ වගේ ගොන් විපක්ෂයක් ජපානයේ නැති නිසා ජපන් අගමැතිවරියට කරදරයක් නැතිව වැඩ කරන්න පුළුවන් ඇති.