
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු එම රෝහලට පීසීආර් යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇතැයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට පැවැසීය.
පරිත්‍යාග කෙරුණු පීසීආර් යන්ත්‍රය හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න යැයි ද හේවගේ මහතා සඳහන් කළේය.
මෙම පීසී ආර් යන්ත්‍රය මඟින් මේ වනවිට දිනකට දෙවරක් පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් මේ අනුව දිනකට පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකි බවත් අධ්‍යක්ෂවරයා කීය.
මේ අනුව එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත් බවත් පැවසූ අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර අංශයට ගොස් ඕනෑම අයෙකුට පීසීආර් පරීක්ෂණයක් කරවා ගැනීමට හැකියාව ඇතැයි ද සඳහන් කළේය.
කොවිඞ් ආසාදිතයෙකු නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා ද එසේ නොවන්නේ නම් පැය 48කට පසු පස්වරු 3.00 සිට 4.00 දක්වා රෝහලේ විමසීම් කවුළුවෙන් ද වාර්තාව ලබා ගතහැකි බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම සඳහන් නොකළ පරිත්‍යාගයට දෙවි පිහිටයි.
අනේ ඉතින් ලෙඩ නැති මිනිස්සු ආයෙත් රෝහලේ රෝගීන් එන කවුළුව ළඟට ගෙන්නන්නේ නැතිව ඊමේල් කරලා රෝගියාගේ ජංගම දුරකථනයට හරි ග්‍රාමසේවකගේ ඊ මේල් එකට හරි යවන්න බැරිද? ඔතනට ඇවිත් ආයෙත් ලෙඩ්ඩු ගොඩේ පොරකාලා වෙන ලෙඩක් හදාගත්තොත්...!!!
මෙන්න මේ වගේ රටට, ජාතියට ලෙන්ගතු තම ධනය මහජන යහපත උදෙසා යොදවන්න පුද්ගලයෝ තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ.
ඔබට සහ ඔබගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගිමත් දිවි පැවත්මක්ම වේවා...!!!
මේ පරිත්‍යාගයට බොහොම ස්තුතියි. විශිෂ්ඨ මිනිසුන්...
හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්... එතුමාට දියුණුවෙන් දියුණුවම පත්වේවා.
මම දවල් හීනෙන් දැක්කා නවලෝක මුදලාලි, ජනක පෙරේරා වගේ අයත් මේ විදිහට කරදරේ වැටිලා තියෙන ජාතියට උදව් කරනවා.
මේ වැඩේ ඉතාම ඉහළින් අගය කරන ගමන් ඒ රෝගියා තාම සුවපත් වෙලා නැත්නම් ඉක්මණින් සුවපත් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අච්චර අරමුදලක් ගොඩනැගිලා තියෙද්දිත් රටේ සෞඛ‍්‍ය බලධාරින් හා දේශපාලකයින් පීසීආර් යන්ත්‍ර ගෙනත් අහඹු පරීක්ෂා හෝ වෙනත් ක්‍රමවේදයකට පරීක්ෂා නොකර මේ තරම් මේ වසංගතය පැතිර යනකන් බලා සිටිම ගැන බලවත් අප්‍රසාදය පලකර සිටිනවා.
අප ඔබගේ සද්ක්‍රියාව හදවතින්ම අගය කරන්නෙමු. ඔබට මෙන්ම ඔබගේ පවුලේ සැමට යහපතක්ම වේවා. ඔබගේ ප්‍රාර්ථනයන් සාර්ථක වේවා..!!! ඔබට හොඳක්ම වේවා..!!!
හොඳ මිනිස්සු හොඳ දේ කරති. ඔබලාට අපගේ ආචාරය!!!
මේ රටේ කොච්චර නිහතමානී මිනිස්සු ඉන්නවද කියන්න ඔබතුමා හොඳම උදාහරණය.. මේක දේශපාලකයෙක් කරා නම් .. නම යන්තරේ ලියලා... ඔක්කොම මීඩියා ගෙන්නලා... සද්භාවයෙන් නමවත් සඳහන් නොකළ මේ වටිනා පරිතාගය මිලකළ නොහැකියි.
නිවන් දකිනා ජාති දක්වා ඔබටත්, පවුලේ සැමටත් නිරෝගි සම්පත්තිය උපරිමයෙන් හිමිවේවා! කෙලවර නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා!
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.