(රංජන් කස්තුරි)
ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඩෙංගු හා වෛරස් උණ රෝගීන්ගෙන් පිරී පවතින අතර රෝහලට උණ රෝගීන් ඇතුළත් කර ගැනීම විටින් විට සීමා කිරීමට සිදුවනු ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසයි.
ජයවර්ධනපුර රෝහලේ ඇඳන් දහසක් තිබෙන අතර ඉන් ඇඳන් 460ක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බවද අධ්යක්ෂවරයා කීවේය.
ඉකුත් සති කිහිපයේදී රෝහලට ඇතුළත් කරනු ලැබූ උණ රෝගීන්ගෙන් 90%ක්ම ඩෙංගු රෝගීන් වීම විශේෂත්වයක් බවද වෛද්‍ය සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට හරි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් රෝහලට හරි යවනවලුද ඒ අසරණ මිනිස්සුන්ව?
මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා යහපාලනයේ අර්ථයෙන් උණ රෝගීන් වැට් බද්දෙන් නිදහස් කරන ලෙස අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.
ඩෙංගු වර්ධනයට ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම වගකිව යුතුයි. ආණ්ඩුවක් වශයෙන් මෙම ඩෙංගු තත්ත්වය පිළිබඳව ජාතික ප්රතිපත්තියක පිහිට කටයුතු කල යුතුයි. පෝලියෝ, මැලේරියා වගේ රෝග සදහා, කාලාන්තරයක් පුර ක්‍රියාත්මක වුනු වැඩපිළිවෙලකින් අද සාර්ථක ඵල නෙලාගෙන තියෙනවා. ජනතාව වශයෙන් තමන්ගෙන් සමාජයට විය යුතු යුතුකම් ගැන සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ වතුපිටි මදුරුවන් බෝ නොවන ආකාරයෙන් සකස් කරගැනීම ඉන් මුලිකම දෙයක්. අනික කසල බැහැර කිරීම. වර්ජනයක් පවතින අවස්ථාවක, එක දිනයක් නොදැනුවත්කමින් කසල බැහැර කරන්න ඉඩ තියෙනවා. නමුත් අනිත් දවසේ සිට වර්ජනය පිළිබඳව සැලකිලිමත් ව එම කටයුතු සිදුකල යුතුයි. තමන්ගේ නිවසේ කසල වෙනත් තැනකට දැමු පමණින්, ප්රශ්නය විසඳෙන්නේ නැහැ. එමගින් තමන්ට ඩෙංගු සැදෙන්නේ නැහැ කියල කියන්නත් බැහැ. එම නිසා ජනතාව වගකීමෙන් කටයුතු කලේ නම්, මෙය වසංගත තත්ත්වයකට වර්ධනය නොවන්නට තිබුණා.
දොස්තර සංගමය ඉල්ලුවේ සෛටම් සහ නෙවිල් ෆෙනාන්දු රෝහල වහන්න නේද? දැන් වහන්නේ අනිත් රෝහල් නේද? දැන් ඉතින් සියලුම පුද්ගලික රෝහල් රජයට පවරාගෙන ඒවාට ඩෙංගු රෝගීන් ගන්න කියල වර්ජන කරපල්ලා.