ශ්රී ජයවර්ධනපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද (11) සිට දින නියමයක් නොමැතිව වසා දැමූ බව එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පවසයි.
විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර දෙකක බදාදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් වෛද්‍ය පීඨයේ හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු පෙර පරිදිම සිදුවන බවත් අභයසුන්දර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොඩනැගිලි ගබඩා කාමර කරන්න (නි)
මෙහෙම බලන කොට චින්තනෙයි, යහ පාලනෙයි වෙනසක් නැහැනේ?(ම)
දුමින්ද කැම්පස් ගිහින් තියෙනවද වැස්සකටවත්? (නි)
අද සිටින විශ්ව විද්‍යාල සිසුන් බොහොමයක් සමාජය වගේම විනය අතින් පිරිහිලා. ඒකයි මේ වගේ ප්‍රශ්න. (නි)
ලසිත, වැස්සකට කැම්පස් යන අය තමයි තමාගේ ඉගනීම පාඩු කරගෙන විකාර කරන්නේ.අන්තිමට විෂය දැනුමත් නැති ප්‍රයෝගික දැනුමත් නැති මෝඩයෝ ටිකක් එළියට එනවා. රස්සාවක් කරන්න තව ලක්ෂ ගානක් දීලා වෙන වෙන තැන් වලට ගිහිල්ල ඉගෙනගන්න ඕනෑ
මෙයාලට තියෙන්නේ පහසුකම් වැඩිවීම... (නි)
බැරිද දෙකේ දෙකේ පොලු තොග ගණන් හැම විශ්ව විද්‍යාලයකම ඕනෑම ශිෂ්‍යෙකුට ලෙහෙසියෙන් ගන්න පුළුවන් විදියට ගබඩා කරලා තියන්න. එතකොට අපිට වර්ග කරන්න පුළුවන් වේවි හොඳ යහපත්, ඉවසීම ප්‍රගුණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ කොයි කොයි විශ්ව විද්‍යාල වලද කියලා. (නි)
විශ්ව විද්‍යාලයට එන්න කලින් මේ අයට නේද නායකත්ව පුහුණුව දුන්නේ? උපරිම දඬුවම් දුන්නොත් තමා හොඳ. අද ප්‍රායෝගික පුහුණුවවද්ද? (නි)
ඕක සදහටම වහලා දැම්මා නම් ඉවරයි. නිකන් මිනිසුන්ගේ සල්ලි නාස්ති කරනවා විතරයි (නි)
හැමදාම ප්‍රශ්නයක්. දැන් මේකටත් ඉතින් රජ කාලයේ ඉඳලා මේ දක්වාම පවතින ආණ්ඩු වලට බනින්න.මේ උදවියට අතේපයේ හිරි ඇරගන්න බැරිවුණත් පළි රජයයි බදු ගෙවන ජනතාවයි. (නි)
දැන් පසුගිය කාලයේ බෙරිහන් දුන්නේ නේවාසිකාගාර පහසුකම් නැහැ කියලා. දැන් මේ තියන එකේවත් පිළිවෙලකට ඉන්නවද? මම නම් කියන්නේ එක්කෝ මේගොල්ලන්ට හැමෝටම අර්ධකාලීන රැකියා කරනන් ඉඩ සළසන්න ඕනෑ. නැත්නම් ගාස්තුවක් අය කරන්න ඕනෑ. (නි)
Z- ස්කෝර් එක විතරක් බලල ගත්තම කැම්පස් එන්නේ මදාවියෝ . ඒකනිසා සරසවි වලට ළමයි තොඅරන ක්‍රමවේදය වහාම වෙනස් කරන්න ඕන. (ම)
නේවාසිකාගාරයේ දේපල වලට අලාභහානි කර තිබෙනවා නම් අදාළ උදවියගෙන් අයකර ගන්න. අපිට බැහැ මේගොල්ලන්ට රණ්ඩු වේවි ඉගෙනීම් පාඩුකරගන්න බදු ගෙවන්නයි අපේ බදු සල්ලි වතුරේ යනවා බලා ඉන්නයි දෙකක්. (නි)
සරසවියේ යම පාලනය (බ)