IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජ’පුර කලාප දක්ෂතම මලල කී‍්‍රඩකයා තරිඳු

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාප ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ වයස 19න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ ඩබ්.ඞී. තරිඳු ජයංග  කුසලාන දිනාගත්තේය. මෙම තරගාවලියේදී මීටර් 800, මීටර් 1500 සහ මීටර 5000 යන බාලක ඉසව් තුනම ජයග‍්‍රහණය හිමිකර ගනිමින් දස්කම් දැක්වූ ඔහු පැවැති කඩුවෙල කොට්ඨාස ක‍්‍රීඩා උළෙලේදීද එම ඉසව් ජයග‍්‍රහණය කිරීමට සමත් වෙමින් දක්ෂතම ක‍්‍රීඩකයාට සම්මාන දිනා ගැනීම කැපී පෙනේ. තරිඳු විදුහලේ  ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් කටයුතු කරයි. මෙම ක‍්‍රීඩා උළෙල නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණ සිටීම කාගේත් අවධානයට යොමුවිය. කලාප ක‍්‍රීඩා අධ්‍යක්ෂ රනුක මිනිතන්ත‍්‍රි මහතා ශ්‍රී ජයවර්ධනපුර කලාප ක‍්‍රීඩා උළෙලේදී තරිඳුට කුසලාන පිරිනමන අයුරු. මාලබේ පිරිමි ආදර්ශ විදුහලේ විදුහල්පතිනි තුසිතා එස්. විජයතුංග හා එහි ක‍්‍රීඩා උපදේශක සරත් ජයසිංහ යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.



අදහස් (0)

ජ’පුර කලාප දක්ෂතම මලල කී‍්‍රඩකයා තරිඳු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site