ජපන් රජයෙන් මෙරටට ප්‍රදානය කරන ලද නවීන ගිනි නිවන රථ පහක් හා උපකරණ තොගයක් ජපන් තානාපති නොහිබුතෝ හෝබෝ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාට කටුනායක අපනයන සැකසුම් කලාපයේදී අද සවස නිල වශයෙන් බාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපනයන සැකසුම් කලාපයන්හි ගිනි නිවන ඒකක ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය‘ වෙනුවෙන් ජපන් රජයේ මානව ආරක්ෂනය උදෙසා ආධාර ව්‍යාපෘතිය යටතේ මෙය ප්‍රදානය කර ඇත.
ජපාන තානාපති නොහිබුතෝ හෝබෝ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අතට එම ගිනි නිමන රථවල යතුරු පළමුව බාර දුන් අතර අනතුරුව අමාත්‍යවරයා විසින් එම ගිනි නිවන රථ කටුනායක, බියගම සහ සීතාවත අපනයන සැකසුම් කලාප වෙත බාර දුන්නේය.
රුපියල් කෝටි පහක් පමණ වටිනා මෙම ගිනි නිවන රථ පහ ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය විසින් ක්‍රියාත්මක කටුනායක, බියගම හා සීතාවක අපනයන සැකසුම් කලාපයන්හි පවතින කර්මාන්ත ශාලා, යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය ගබඩා ආදියේ ආරක්ෂාව සඳහා යොදවනු ඇත.
මීට අමතරව කර්මාන්ත ශාලා ඇතුලත හා පිටතදී ඇති විය හැකි ගිණි නිවීම්, කැලෑ ප්‍රදේශ වල කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානවල, රසායනික ද්‍රව්‍ය ගබඩාවල, බොයිලේරුවල, විදුලි කාන්දුවීම්, අධික රත්වීම් හා අකුණු සැර වැදීම් නිසා ඇතිවන ගිනි ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිනි නිවීමේ අංශය පුහුණු කර ඇති අතර මෙම ගිනි නිවන රථ ලැබීමත් සමගම එම අංශ තවත් ශක්තිමත් වනු ඇත.
මෙහිදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ ආරක්ෂාව වෙනුවෙන් මිලියන 50 ක් වටිනා මෙම රථ ප්‍රදානය කිරීම වෙනුවෙන් ජපන් ජනතාවටත්, ජපාන රජයටත් මෙරට ජපාන තානාපති කාර්්‍යාලයටත් රජය වෙනුවෙන් තම ස්තුතිය පුද කරන බවයි.
එමෙන්ම ජපාන රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් නිරතුරු සහය ලබා දෙන බවත් මෙම පරිත්‍යාගයන් සමග ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ ගිණි නිවීමේ ඒකක වල සේවාව තව දුරටත් පුළුල් වනු ඇති බවත් ඔහු කීය.
මින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කටුනායක, බියගම හා සීතාවත අපනයන සැකසුම් කලාපයන්හි කර්මාන්ත ශාලාවන්හි ආරක්ෂාව ඉහළ නැන්වෙන බවත් කීය.
ආයෝජකයන්ගේත් සේවකයන්ගේත් ආරක්ෂාව පිළිබඳව නිරතුරුවම අවදානය යොමුකොට ආයෝජන කලාප තුළ පහසුකම් ජාත්‍යන්තර මට්ටමට ගෙන එමින් ආයෝජකයින්ගේ ආකර්ෂණය මෙරටට යොමු කරවා ගැනීම තම අරමුණ බවත් ඔහු වැඩි දුරටත් කීවේය.
මෙම ගිනි නිවන රථ ජපන් රජයෙන් ආදාර යටතේ ලබා ගැනීම සඳහා ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අශෝක අමුණුගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර, අධ්‍යක්ෂක ජනරාල් ජයන්ත එදිරිසිංහ යන මහත්වරුන් වෙහෙසී ක්‍රියා කර ඇත.
මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්්‍ය ලක්ෂමන් ජයවීර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන්ද, ජපන් තානාපති නොහිබුතෝ හෝබෝ මහතා ඇතුළු ජපන් තානාපති කාර්යලයේ නිලධාරීන්ද කටුනායක අපනයන කලාපයේ කර්මාන්ත ශාලා හිමියෝ ඇතුළු එහි නිලධාරීන් රැසක් සහභාගී වුහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැවොම ජීවත්වන්නේ විපරිත සමාජයක විපරිත මිනිසුන් සමඟය (නි)
ලංකාවේම මේවා හදන්න බැරිද අපිට? (නි)
සතුටට කරුණක්. මේ ගිනි නිවන ඒකක හැම නගරයකම ඇති කරනවා නම් හොඳ දෙයක්. (නදී)
[සේවකයන්ගේත් ආරක්ෂාව] කෑම විෂ වෙන එකටත් පිළියමක් වශයෙන් ජපන් රජයෙන් ආදාර යටතේ කෝකියෝ ටිකක් ගෙනාවානම් නරකද හෑබෑට. දුප්පත් ජනතාවගේ බෙිත් ටික ඉතිරි වෙනවා රොහල් වල (නදී)
සේවකයන්ගේත් ආරක්ෂාව වෙුනවෙන් කෑම විෂවෙන එකටත් පිළියමක් වශයෙන් ජපන් රජයෙන් ආධාර යටතේ කෝකියෝ ටිකක් ගෙනාවා නම් නරකද හෑබෑට? (නි)
සංජය ඒ ජපන් මිනිහගේ තියන නිහතමානිකම කොහොමද? (නදී)
වාහන මොඩල අනුව නම් මේ ගිණි නිවන රථවල වයස අවුරුදු 15 ක් 20 විතර වෙන්න ඕනා. ඒ කියන්නෙ ජපානෙ පාවිචියෙන් ඉවත දාන ඒවා. එතකොට නඩත්තුවට බර වියදම්. (නදී) එහෙව් කුණු ගන්න තියාපු උත්සවේ වියදම් කාගෙන්ද?
මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාලය ගිනිගත් අවස්ථාවේ නාගරික ගිනි නිවීමේ ඒකකය අල්ලුපු ඉඩමේ තිබිලත් නිවාගන්න බැරිවුනා. කවුරැත් වැරදි නෑ. දඩුවමුත් නෑ. නැවත හදන්නෙත් නෑ. (නදී)
ඒක නම් හොඳ වැඩක් (නි)
රතු කාර්පට් එකේ යන්නේ යන්න ඕන අය නෙමේ, ජපන් මහත්තය අයිනෙන් යන්නේ? (ර)
'යතුරේ ලියලා තියෙන්නේ ජපන් ජනතාවගෙන් කියලයි. ජපන් රජයෙන් කියලවත් සඳහන් නෑ." රජයත් මේවා ජනතා අයිතියට පත් කරනවා. රජය තියා ගන්නේ නැත. (නදී) කොහොම උනත් චන්දයට කලින් ලැබුන එක හොඳයි
යතුරේ ලියල තියෙන්නේ ජපන් ජනතාවගෙන් කියලයි. ජපන් රජයෙන් කියලවත් සඳහන් නෑ.. (ර)
ජපානයට තුති. මේවායින් රටක නියම ප්‍රයෝජනය ගැනීමට හැකි වේවා ! [ අපතේ නොයවා ] (අ)
මේ වාහන අලුත් වාහන නොවේ. සියලුම වාහන අනුව දශකයේ අග නිෂ්පාදනය කරන ලද ඒවා (නදී)
ජපාන ආර්ථිකය පිලිබඳ SOM පර්යේෂණය ලංකාවේ ජපං භාෂාවේං පළ කලොත් යහපතක් වේවි(අ)