(ඩයනා උදයංගනී)
ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා තෙදින නිල සංචාරයක් සදහා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
නව රජයට සුබ පැතුම් එක්කිරීමට හා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.
ජපාන විදේශ කටයතු ඇමතිවරයා ලබන 14 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකී රක්‍ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවටවත් නෙවෙයි අමෙරිකාවට කඩේයන්න. ඒ වෙනුවෙන් ගෝකණ්ණ තොටුපොල කල්තියා ඉල්ලගන්න. MCC බැරිවුණොත් ඒ හරහා ලංකාවට ගොඩබහින්න. මොන සංවර්ධිත රටක් වුණත් සදාකල් අමෙරිකාවට යටවෙලා ඉන්න සහ එහි බළල් අත වෙලා ඉන්න වහල් රටක්...