(ඩයනා උදයංගනී)
මෙරට දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුව එරට ක්‍ෂේත්‍ර 14ක රැකියා සඳහා අයදුම්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව පවතින බවත් ඒ සඳහා අයදුම් කිරීමට ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරි වසර 5ක කාලයේදී ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 3,45,000ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් ජපානය සමඟ ගිවිසුම්ගත වී ඇති බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
එම රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාව මෙරට වැසියන්ට ලබාදීමේ ආරම්භයක් ලෙස ජපන් භාෂාව ඉගැන්වීම සඳහා පියවර ගන්නා බවත්, මීට අමතරව එරට රැකියා ඉලක්ක කරගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැගිලි පිරිසිඳු කිරීම්, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික ආදී ක්‍ෂේත්‍රයන්හි කුසලතා වර්ධනය කිරීමටත් පියවර ගැනීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපිව රටවල යවලා උඹලා හොරකම් කරපියව්.
ලැජ්ජයි යකෝ, පිටරට වහල් සේවයට යවන්න ලංකාවේ පාසල් ළමයි කුඩා අවදියේ ඉඳන් පුහුණු කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කම්බා හොරු බංකොලොත් කරපු රටේ ණය ගෙවන්න පොඩි කලේ ඉඳන් ළමයි වහල් සේවයට හුරු කරනවා. පුළුවන්නන් හදපන් වෘතිකයෝ!! අඩු පඩි වලට වහල් සේවයට ළමයි යවන්නේ නැතුව.
ඔය ගමන්ම ජර්මන් භාෂාව, නෝර්වේජියානු භාෂාව, යුදෙව් භාෂාව වගේ භාෂා ඉගැන්නුවොත් ඒ රටවලත් ඔය කියන රැකියා අවස්ථා එමට තියෙනවා
මං හිතන්නේ හොඳ ආරම්භයක් තමන්ගේ දරුවන් ඉහළට අරගෙන යන්න දෙමාපියන් විදිහට අපේ ලොකු හීනයක් අධිෂ්ඨානයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වුණොත් හොඳයි
ජාත්‍යන්තරය සමග සම්බන්ධ වී විදේශ වෙළඳාම සහ ඒ හා සම්බන්ධ කටයුතු සඳහා මෙවැනි කටයුතු උදව්වක් කරගැනීම හොඳ වැඩක්... ඒ වගේම මේ කටයුතු සිදුකළ යුත්තේ නියමාකාර විදේශ ප්‍රතිපතියක් සහ විශ්වවිදයාල හා සම්බන්ධ වූ අධ්‍යයන කටයුත්තක්ද සමගයි. ආර්ථික සමාජීය අධ්‍යයනයක් කරන ගමන්ම මේ වැනි කටයුතු ඉදිරියට කරගෙන ගියොත් හොඳයි. ඒ වැනි අධ්‍යයනයක් නොකඩවා කිරීමේදී ඒ ඒ කාලයට අවශ්‍ය නීති යාවත් කාලින කිරිමේදී එම අධ්‍යයන වල වාර්තාද උදව්වක් කරගනිමට පුළුවන් වෙයි කියලා හිතනවා. රටවල් දෙක අතර සම්බන්ධතා වර්ධනයට මානුෂිය ක්‍රියාකාරකම් අවශ්‍යයි. වෙළඳාම පමණකින් රටවල් සම්බන්ධ වෙන අවස්ථා තිබුණත්, ලංකාව විදේශ වෙළඳම වර්තමානයට ගැලපෙන විදියට යාවත් කාලීන වී නොමැත. බැලූබැල්මට සංවර්ධනය වූ වහල් වෙළඳාමක් හා සමානයි. නමුත් ලංකාව ලෝක ආර්ථිකයේ පසුගාමී රටක් බැවින්ද, ලෝකය සමග සටන් කළහැකි ආරක්ෂක හා තාක්ෂණික සවියක් නොමැති බැවින්ද මෙවැනි කටයුතු හරහා හෝ සම්බන්ධ වී ස්මාර්ට් ලෙස කටයුතු කළොත් "වින් වින්" තත්වයක් ඇතිකර ගැනීමට පුළුවන් වෙයි කියලා හිතනවා....