ජපානයේ 7 හැවිරිදි දරුවකුට දඬුවමක් වශයෙන් දෙමාපියන් ඔහු කැලයක අතරමං කර දමා පැමිණ ඇතැයි එරට පුවත් සේවා පවසයි. මේ සිදුවීම එරට වැසියන් කෝප ගැන්වීමට හේතුවී ඇතැයි කියති.
දරුවාගේ දෙමාපියන් පොලිසියට පවසදා ඇත්තේ ඔවුන් කැලයේ එළවළු සොයා පැමිණි අවස්ථාවේ දරුවා නැතිවී ඇති බවයි. නමුත් දඬුවමක් ලෙස ඔහු කැලයේ දමා පැමිණ ඇතැයි පසුව අනාවරණය වී ඇත.
යමටෝ ටනූකා නමැති දරුවා ජපානයේ හොක්කයිඩෝ කඳුකරයක එසේ අතරමංව ඇති අතර එහි වලසුන්ද සිටින බව කියති. වැඩිමහල් සොයුරිය, මව හා පියා සමග එම කැලෑව අසල ඇති උද්‍යානයකට පසුගිය සෙනසුරාදා ඔවුන් පැමිණි යමටෝ පාරේ යන එන්නන්ට හා වාහනවලට ගල් විසිකිරීම හේතුවෙන් දෙමාපියන් ඔහු සමග උරණවී ඇතැයි ජපාන පොලිසිය පවසයි. ඒ හේතුවෙන් ඔවුන් පැමිණි කාරයෙන් කැලය තුළට ගොස් දරුවා එහි දමා පැමිණ ඇතැයි කියති.
ගලවා ගැනීමේ නිලධාරීන් 180ක් හා පොලිසිය එම ප්‍රදේශය පීරමින් දරුවා සොයා ගැනීමට වෙහෙසවී ඇති අතර පොලිස් සුනඛයන් හා අශ්වයන්ද ඉව අනුව දරුවා සොයා වනාන්තරය ඇතුළට යවා ඇත. හෙලිකෝප්ටරයක්ද වනාන්තරයට ඉහළින් යවා පරීක්ෂා කර ඇතැයි කියති. ඉරිදා රාත්‍රියේ දී දරුවා සොයා ගැනීමට මෙහෙයුම්කරුවෝ සමත්වූහ.
තමාගේ දරුවා පිළිබඳ දුක්වන බව යමටෝගේ පියා මාධ්‍යයට පවසා ඇත.
දරුවාගේ දෙමාපියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන බව ද පොලිසිය පවසයි.
මේ අතර එම සිදුවීමට විරෝධය පළ කරමින් ජපාන ජනතාව සමාජ මාධ්‍ය ආදියෙහි විවිධ අදහස් පළ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වෙලා තියෙන්නේ ළමය වෙනත් වාහන වලට ගල් ගසා තිබෙනවා කන්දක් උඩ සිට . පියා වරක් ළමයාව වාහනෙන් බස්සවා තරයේ අවවාද කර නැවත එසේ කලොත් කැලයේ දමා යන බව පවසා තිබෙනවා . එහිදී ළමයා පියාට එකඟ වී සමාව ගෙන වාහනයට ගොඩ වුවත් නැවත වාහනය තුල බහින්බස්වීමක් ඇතිවී තිබෙනවා . එහිදී පියා අසා තිබෙන්නේ නිශ්ශබ්දවි වාහනයේ යනවාද නැත්නම් අතරමග දමායන්නද කියයි . ළමයා මුරණ්ඩු කමට හැකිනම් එසේ දමා යන ලෙස කියා තිබෙන බවයි එම පියා මව සහ සහෝදරිය මෙහෙයුම් කණ්ඩායමට කියා තිබෙන්නේ. එහිදී පියා ළමයාව බස්සවා මීටර් 500ක් පමණ දුර නොපෙනී ගොස් නැවත හරවන් එන විට ළමයා එම ස්ථානයෙන් අතුරුදන් වී තිබෙනවා . ඔවුන් මද වෙලාවක් සෙවුවත් ළමයා නැති නිසා තමයි පොලිසියට දැනුම් දී මේ ප්‍රශ්නය නොසිතු පැත්තකට ගියේ .(අ)
අපේ මුළු අරනායකටම හමුදාවෙන් 200 යි . (අ)
අපොයි මෙහෙමත් දෙමව්පියෝ? (නි)
ජපානය මනුස්සකමින් දියුණු නැහැ (නි)
මෙන්නේ මේ වගේ දෙමව්පියන්ව නම් බලු කුඩුවලට දාලා වැහුවට කමක් නැහැ.(කෞ)