IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජපාන තානාපතිත් අනුර කුමාර හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී   අද (19) පෙරවරුවේ පැවැත්විණි.

මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා සහ දෙවැනි ලේකම් ඉමායි කඔරි මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමු කළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කළ බවද එම පක්ෂය කීය.

ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බවද ජාතික ජන බලවේගය වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (9)

ජපාන තානාපතිත් අනුර කුමාර හමුවෙයි

Hafeel Tuesday, 19 March 2024 12:49 PM

යම් පිරිසක් මෙච්චර කල් කියා ගැන හිටියේ රනිල්ට පමණයි ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය තියනවා කියලා. ජ වි පෙ ට ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය නැහැ කියලත්. එහමනම්, දැන් මොනවාද කියන්නේ? එහම රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය තියනවා නම්, මේ දක්වා ලැබුණු ප්‍රතිලාභය කුමක්ද? එහම පිළිගැනීමක් තියනවා නම්, ඇයි අයිඑම්එෆ් එක මෙච්චර කොන්දේසි දාන්නේ? මතක තියා ගන්න ජාත්‍යන්තර ප්‍රජාව, රටවල්, ආයතනවල් කටයුතු කරන්නේ පවතින බලයේ ඉන්න ආණ්ඩුව සමග මිස පරාජිත පිරිසත් එක්ක නොවේ. මෙතන ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් දන ගැන ඉන්නේ ඉදිරියේදී බලයට පත් වන්නේ ජාතික ජන බල වේගය කියල.

:       2       0

Vithana Tuesday, 19 March 2024 01:23 PM

අපි ජනාධිපතිවරණ කීපයක් දැකලා තියෙනවා. ඒත් මේ වගේ විගඩම්, කෝලම්, විහිළු නම් දැක්කේ නෑ. කිසිම ජනාධිපතිවරණෙක අපේක්ෂකයෙක් චන්දෙට කලින් තානාපතිලා හම්බවෙන්න ඉල්ලීම් කරලා ඔවුන්ට තමුන්ගේ වැඩපිළිවෙල ගැන කියනවා දැකලා නෑ. අපි දැක්කේ චන්දෙන් පස්සේ දිනපු අපේක්ෂකයාව හම්බ වෙලා සුබ පතන්න තානාපතිලා ආවම අළුත් ජනාධිපති ඔවුන්ට තමන්ගේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පැහැදිලි කරලා දෙන එක. මේ කරන්නේ බොරු සෝබන වැඩක් වගේ ම තානාපතිලා ඉස්සරහා ඕනෙවට වඩා අපේ රට හෑල්ලු කිරීමක්. බාල දේශපාලනයක් කරන අයගේ වැඩ තමයි මේ.

:       53       194

RamaniTuesday, 19 March 2024 06:37 PM

එක එක තානාපති කාර්යාලවලින් සමීක්ෂණ කරනවා රහසිගතව. එවන් ඒ ය නිගමනයකට එනවා කවුද ජයග්‍රහණය කරන්නේ කියා. ඊට පසු ඒ අය ඒ ජයග්‍රහණය කරවී යයි සිතන පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට එනවා.නැතුව ඔබ කියනවා වගේ මේ පක්ෂය ජපාන තානාපති කාර්යාලයට ආරාධනා කරලා නැහැ. හැබැයි ඔබට මේවා ලියන්න අසුචි සහ හොර සල්ලි දෙන හිරුනිකා වගේ අය එහෙම කරනවා වෙන්න පුළුවන් පරාජය හමුවේ.

:       60       0

sumanasiriTuesday, 19 March 2024 08:09 PM

දැන් රට ලෝකයේ හිඟන රටක් බවට පත් කර අවසානයි තවත් මොනවා නැතිවෙන්නද ?මේ තානාතිපතිවරුන් ජවිපෙ ගෙදරට ඇවිත් හමුවෙනවා මිස ජවිපෙ ඔවුන්ගේ නිල නිවාස වලට ගොස් හමුවී නොමැත.

:       60       0

සෙනෙවිරත්න Tuesday, 19 March 2024 09:14 PM

විතාරන, හෑල්ලුවෙන්න දෙයක් තියෙනවාද? ජපානෙන් පගාව අමුවෙන්ම ඉල්ලපු ඇමති තවම කැබිනට් එකේ. එතකොට අපි හෑල්ලු නෙවෙයි අමුඩෙත් නැහැ. තමුන්නාන්සේ කුහකකමට ඔහොම කතා කියකිය වංසෙ කබල් ගගා ඉන්නකෝ.

:       66       0

tharushi Tuesday, 19 March 2024 11:55 PM

මාලිමාවට ජයවේවා !!! මේවා පෙනෙනකොට හිරුනිකා කුඩු අම්මන්ඩිට ඇහේ කටු අනිනවා වගේලු...

:       59       0

Nishan Wednesday, 20 March 2024 04:39 AM

විතාන මහතාගේ අදහස සමග සම්පූර්ණයෙන් එකඟ වෙන අතරම එකට තවත් යමක් එකතු කරන්න කැමතියි. මේ තානාපතිලා හම්බවෙන නාඩගම නටන්නේ අනෙක් පක්ෂ මානසිකව වට්ටන්න සහ මේ පක්ෂයේ නූගත් සාමාජිකයන් කූල්මත් කරන්න. එහෙම නැතුව මේ හමුවීම් වල එච්චර වැදගත් දෙයක් කතා කරනවා ඇතැයි හිතන්න බෑ මේ අයගේ ඉංග්‍රිසි භාෂා දැනුමේ දුර්වලතාව අනුව.

:       0       97

Bunny Preena Wednesday, 20 March 2024 09:33 AM

ඡාත්‍යන්තරය රටේ සිදු වෙන්නේ මොනවාද කියලා හොද විමසිල්ලෙන් ඉන්න බවට හොදම නිදසුනක් මෙවැනි හමුවිම්

:       65       1

Bamunuarachchi Wednesday, 20 March 2024 07:55 PM

ගෙදරට එන්න කියලා ආරාධනා කළාම එනවා. ජෙප්පෝ එකට‍ ඉඳලා ගහනවා. ඊට පස්සේ අපිව හම්බවෙන්න ආවා කියලා පින්තූර දානවා. මහින්ද, රනිල් තානාපතිලා හම්බවුනේ බොහෝම ඉස්සර හැබැයි මෙහෙම පින්තූර පලකරේ නැහැ. ඒ හමුවීම් සාමාන්‍ය දේවල් නිසා. ජෙප්පන්ට මේ හමුවීම් වෙන්නේ අවුරුදු 58 කට පස්සේ. අපිට නම් ජෙප්පෝ කවදත් චේගුවේරා ත්‍රස්තයෝ...!

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site