ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට ජපානයේ නිෂ්පාදිත ‘සීරෝ මොස්‘ නම් බෙහෙත් කුට්ටි වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පෞද්ගලික ආයතනයක් වසර කිහිපයක සිට රජයේ අවසරය පතයි. බොරැල්ල රාජ්‍ය වෛද්‍ය පර්යේෂණායතනයේ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය එම බෙහෙත ශ්‍රී ලංකාවට සුදුසු බව නිර්දේශ කර ඇත. පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ දේශීය හා මහජන සෞඛ්‍ය අනු කමිටුව 2014.1.29 වැනි දින ලියාපදිංචි ක්‍රියාවලිය සඳහා අවසර ලබාදී ඇතැයි එහි වෛද්‍ය අනුර විජේසේකර මහතා කියයි. එහෙත් මෙම ඩෙංගු නාශක බෙදා හැරීමට අවසරය මෙතෙක් නොලැබුණු බව එම බෙහෙත බෙදාහැරීමට යන ජපන් ලංකා මිත්‍රත්ව ළමා හා මාතෘ පෞද්ගලික රෝහලේ සභාපති බී.ජී.හේරත් බංඩා මහතා පවසයි.
මේ වසරේ පසුගිය මාස දෙක ඇතුළතදී මෙරට තුළ ඩෙංගු රෝගීන් 9576 ක් වාර්තාවී ඇතැයි වසංගත රෝග ඒකකය සඳහන් කරයි. එයින් 46.19% ක ප්‍රතිශතයක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. පසුගිය සති 5 ක කාලය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව 11 කි.
‘සීරෝ මොස්‘ බෙහෙත නිෂ්පාදනය කරන ජපානයේ සමාගම එය ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමට ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලට අවසර ලබාදීමටත් රුපියල් මිලියන 1.6 ක බෙහෙත් කුට්ටි රජයට නොමිලේ දීමට කැමැත්ත පළ කර සිටින බව සමාගම් අධ්‍යක්ෂ ඉවසිතා පේරාදෙණිය පළිබෝධ රෙජිස්ටාර් කාර්යාලයේ වෛද්‍ය අනුර විජේසේකර මහතාට ලිඛිතව දන්වා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියනුයේ පයිරිප්‍රොක්සිෆන් රසායනය අඩංගු මෙම බෙහෙත මැස්සන්, මදුරුවන්, කැරපොත්තන් වැනි කෘමීන් මර්දනයට යොදා ගත හැකි බවයි.
මෙම බෙහෙත් පෙත්තේ පයිරිප්‍රොක්සිෆන් නමැති රසායනය 1%ක් අන්තර්ගත වන බවත් කොඳු ඇට පෙළ නොමැති කෘමීන් වඳකිරීමට හැකියාව ඇති බවත් 1996 වසරේදී ඇමරිකාවේ කපු වගාවට බෝවූ සුදු මැසි වසංගතය තුරන් කිරීමට සාර්ථකව අත් හදා බලා ඇති බවත් විද්‍යාඥයෝ පවසති.
පීරු රාජ්‍යයේ ඩෙංගු වසංගතය සඳහා බෙහෙවින් සැර බාල කළ සාන්ද්‍රණයක් වතුරට යෙදූ බවත් මාස 5කට පසුවද එම ස්ථානවල මදුරු බිත්තර හා මදුරු පිළවුන්ට එම සාන්ද්‍රණය මාරක ප්‍රතිඵල ගෙනදුන් බවත් පර්යේෂකයෝ කියති.
මෙරට ඩෙංගු මදුරුවන් හා අනෙකුත් අහිතකර මදුරුවන් විනාශ කිරීමට සාර්ථක විකල්පයක් ලෙස ‘සීරෝමොස්‘ නමැති බෙහෙත 2011 වසරේ සිට පාවිච්චි කරන බවටස විජේසේකර මහතා කියයි.
මෙම බෙහෙත මෙරටට ගෙන්වා ගැනීමට තමාට හැකියාව තිබියදීත් ඒ සඳහා ඇතැම් සෞඛ්‍ය ආයතන කල් මැරීම ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද දැනුම්වත් කර ඇති බවත් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සමාගමේ ප්‍රධානී හේරත් බංඩා මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පව්කාර වැඩක්ද මේක.. සත්තු මැරුවාම පව් සිද්ධ වෙනවා. (හේ)
හොඳයි කියලා අනුමත වෙන දේවල් වලට ක්‍රියාත්මක වෙන්න පමා වෙන්නේ රටේ දුප්පත් ජනතාවගේ කරුමයද? නැත්නම් අදාල බලධාරීන්ගේ සාක්කුව පිරෙන්න ප්‍රමාද වීමද? අහෝ යහපලනයවත් මේවා පෙනේවා. දුශීතයින් එලවා පිරිසිදු පාලකයෝ පත්කරත්වා.(හේ)
පන්සිල් පද පහක් තියනවනේ එනිසා අනුමත කරන්න බෑ පද පහ නැති දවසක අනුමත කරලා දෙන්නම් මදුරුවෝ කන්නේ දුප්පත් එවුන් විතරයි. මෙහෙ ඉන්න අමාරු නම් ජපානයට යමු. හේරත් බංඩා මහතානෙනි මදුරුවෝ වැඩියෙන් කන බෙහෙතක් ගෙන්න මල් තියල පිළිගනී තැන්ක්ස් පුවතට (ස)
මිනිසු ලෙඩ වුනේ නැත්තන් පාඩු වෙන කට්ටිය තමයි ඕවාට විරුද්ධ වෙන්නේ.(හේ)
හොඳින් සොයාබලා මේ රටට ගෙන්වන්න (නි)
පසුගිය කාලේ අපේ කට්ටියක් පාකිස්තානයේ ඩෙංගු මර්දනය කරන්න ගියා නේද? මම හිතුවේ මෙහෙ ඩෙංගු ඉවරයි කියලා. (නි)
අපේ රටේ විශ්ව විද්‍යාල තිබෙනවා. මහාචාර්යවරු ඉන්නවා. ඔවැනි රසායනිකයක් නිපදවන්න උත්සාහ නොකරන්නේ මන්ද? (නි)
මේ ඩෙංගුත් හිඟන්නාගේ තුවාලය වගෙයි. පාර පාරා තියාගන්නවා (නි)
හිටපු සෞඛ්‍ය ඇමතිට හා අලුත් ඇමතිට පුලුවන්නම් ඩෙංගු නෙති කරන්න කියන්න. (ර)
මේකට කිසි දවසක දේශපාලකයින්ගේ නම් අනුමැතිය බලාපොරොත්තු වෙන්න එපා. (ර)
මේවාට විරුද්දවන්නන්ට ප්‍රතිපාදන සපයන්නේ මදුරුදගර මාෆියාව. මේකට විරුද්දව ක්‍රියාකරන්න හොඳම කට්ටිය තමා ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න. ඔන්න කරොත් හොඳම පින් අතේ වැඩක් (නදී)
කොඳු ඇට තියන කෘමීන් ඉන්නවද ? නදී)