දේශපාලන රැකවල් ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයෙකු සඳහා සරණාගතභාවය ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් ජපාන අධිකරණ අමාත්‍යාංශය දුන් තීරණය එරට අධිකරණය විසින් අවලංගු කර ඇතැයි එරට පළවන ජපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ජපාන අධිකරණ අමාත්‍යාංශ සිය ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එලෙස අගතියට පත් ලාංකික සරණාගතයෙකු විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ල විභාගයට ගෙන අවසන් කරමින් ටෝකියෝ දිසා අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇතැයි එම පුවත්පත් වාර්තා වේ වැඩිදුරටත් සඳහන්වේ.
නම් ගම් හෙළි කිරීමට අකැමැති පනස් අට හැවිරිදි මෙම ලාංකිකයා තමන්ට රජයේ ආරක්ෂක අංශ වලින් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියමින් 2006 වසරේදී ජපානයේ දේශපාලන රැකවල් ඉල්ලා ඇත. එම වසරේ ඔක්තෝබර් මාසයේදී සරණාගතභාවය ඉල්ලා යොමු කළ අයදුම්පත ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
එසේ තිබියදී මෙම සරණාගතයා කැනඩාවේ පදිංචිව සිටින සිය සහෝදරයා සමඟ වාසය කිරීමට ජපානයේ අචී ගුවන්තොටුපළේ සිට කැනඩාව බලා ගුවන්ගත වීමෙන් සිටයදී නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් නොමැති බව සඳහන් කරමින් ජපාන බලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.පසුව මෙම ලාංකිකයා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ගේ බාරයට පත්ව තිබේ.
එක්සත් ජාතීන් ගේ රැකවල් මධ්‍යයේ සිටි මෙම ලාංකිකයා ඉන්පසුව තවත් අවස්ථා දෙකකදී ම එරට සරනාගතභාවය ඉල්ලා සිටියද එම අවස්ථා දෙකම ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ජපාන රජයේ මෙම ක‍්‍රියාවට එරෙහිව 2011 වසරේදී ටෝකියෝ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු විභාගය අවසන් කරමින් මෙම ලාංකිකයාට එරෙහි එරට අධිකරණ අමාත්‍යාංශ තීන්දුව අවලංගු කිරීමට අධිකරණය තීන්දු කළේය.
එසේම ඔහුට එරට සරණාගත තත්ත්වය ලබා දීමට ද ටෝකියෝ දිසා අධිකරණය තීන්දු කර ඇතැයි ජපෑන් ටයිම්ස් පුවත්පත කියා සිටී. මෙය ඉතාම දුර්ලභ නඩු තීන්දුවක් වන බවද මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සරණාගතයාගේ නෑදෑයෝ කැනඩාවෙත් ඉන්න බව පේනවා. යුද්දේ ඉවරවෙලා අවුරුදු හයකට පස්සේ සරණාගතභාවය ඉල්ලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ මිනිස් අපනයන ජාවාරමේ කොනක් මෙතන තියෙනවා කියලයි. ජපාන අධිකරණ අමාත්‍යාංශය කරුණු හොයලා බලලනේ තීරණය දෙන්න ඇත්තේ. උසාවිය ඉතින් මොනවා බැලුවද අපි දන්නේ නැහැ.
ගොඩක් ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ රට පාවාදෙනවා නොයෙක් බොරු කියමින්... සල්ලි වලට රට පාවා දෙන කාලකන්නි තමයි.
බොහෝවිට, මුලින්ම සරණාගතභාවය ඉල්ලූ වේලාවේදී ජපානයේ ආයතන මගින් වැරදීමක් වන්නට ඇති. එනිසා තමා අධිකරණය ලාංකිකයා වාසිවන ලෙස තීන්දුව ලබාදුන්නේ. සාමාන්‍යයෙන් ජපානයේ නඩු තීන්දු පිටරැටියන් ට වාසිසහගත වන්නේ නැහැ. කෙසේ වුවත්, ලාංකික සරණාගත වීසා ඉල්ලන්නන් සහ ජපන් භාෂා විද්‍යාල සඳහා ශිෂ්‍ය වීසා ඉල්ලුම් කරන්නන් ගැන ජපානය තීරණයක් ගනීවි. මෙම අවුරුද්දේ වැඩි දෙනෙකුගේ ඉල්ලුම්පත් කුණූකූඩෙට දාලා තියෙන්නේ. පසුගිය අවුරුද්දේ ශ්‍රී ලාංකිකයින්ගේ උත්සවයේදී ඇතිවූ ගැටුම් නිසා කොහොමත් දැන් නරක නාමයක් තමා තියෙන්නේ.