(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජා-ඇළ පොලිස් ස්ථානයේ ගරාජය තුළ නතර කර තිබූ පොලිස් ජිප් ජීප් රථයක අසභ්‍ය වචන ලියන ලදැයි කියන එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට රාජකාරියට වාර්තා නොකර සැඟව සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචනලිවීමෙන් පසු ජා ඇල පොලීසියේ නිලධාරීන් ගණනාවකගේ ඇඟිලි සලකුණු සහ ජිප් රථයේ තිබූ ඇඟිලි සළකුණු ද මතුකරගෙන ඒවා ඡායාරූප ගත කර ගෙන තිබිණි.
පොලිස් ජිප් රථයේ සටහන්ව තිබියදී මතුකරගත් ඇඟිලි සලකුණු හා පොලිස් නිලධාරීන්ගෙන් ලබා ගත් ඇඟිලි සලකුණු එකිනෙක සසඳා බලා ඇතැයි පොලිසිය කියයි.
ඇඟිලි සලකුණු සසදා බැලීමේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඇඟිලි සලකුණු හා ජිප් රථයෙන් මතුකරගත් ඇඟිලි සලකුණු එකිනෙකට සමාන වී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම ඇඟිලි සලකුණු වාර්තාව මීට දින කිහිපයකට හේතු දී උසස් පොලිස් නිලධාරීන් වෙත එවා ඇත.
ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යැයි පැවසෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
කිසියම් උල් ආයුධයක් උපයෝගී කරගෙන පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචන ලියා ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිය කියව්වාම කුණුහරුප ලියපු කෙනා මානසික රෝගයකින් පෙලෙනවා කියලා පැහැදිලියි ඉතින් මිනිහා අත් අඩංගුවට ගැනීමට කිසිම අවශ්‍යතාවක් නැහැ නිදහසට කරුණු විමසීමක් කරන්න තමයි ඕන කරන්නෙ නිදහසට කරුණු විමසා ගෙදරට ලිපියක් යැවීම ප්‍රමාණවත් වෙනවා ඒකට නිවැරදියි කියනවානම් විධිමත් විනය පරීක්ෂණයක් කරන්න පුළුවන් නැත්නම් ඔහු වයිද්‍ය මණ්ඩලය කට යොමුකිරීම කරන්න ඕන එහි තීරණය අනුව කටයුතු කිරීම තමයි නිවැරදි වෙන්නෙ රජයේ සේවයේ පාලනය සම්බන්ධ නීති ආයතන සංග්‍රහයේ තියෙනවා නැහැ කියන නිළධාරියෙක් ඉන්නවා නම් තමන්ගෙ පත්වීම් ලිපිය බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි ඒවා අනුව කටයුතු කිරීම මිස හැම දේකටම අපරාධකරුවකු ලෙසට අත් අඩංගුවට ගන්න වගේ අත් අඩංගුවට ගන්න අවශ්‍යතාවක් නැහැ
මෙවැවනි සුලු සිද්ධීන් පොලිසිය තුලම විසදන්න . මේව මධ්‍යයට දාපු උන්ට දඩුවම් දෙන්න.
ලියපු කුනුහරුප කියවන්නේ නැතිව මොකුත් කියන්න අමාරුයි.
නොදන්වා සේවයට නොපැමිණීම සේවය අත් හැරයාමක් වෙනවා ඉතින් ලිපියක් යවල සේවය අත් හිටුවීම කරන්න තියෙන්නෙ