(අංජුල මහික වීරරත්න)

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාලය කියයි.

'‘2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලි වල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාලය කියයි.