ජෙනිෆර් ඇනිස්ටන් හොලිවුඩ් නිළියක් ලෙස නමක් දිනා ගෙන සිටින තැනැත්තියක්. එසේ නමක් දිනා සිටියත් පුංචි කාලයේ සිටම තමාට හොරකම් කිරීමේ නරක පුරුද්දක් තිබූ බව ඇය පවසනවා. ඇය සොරකම් කර ඇත්තේ ඇගේම මවගේ මුදලුයි. හැබැයි ලොකු මුදලක් නම් නොවන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
ජෙනිෆර් විසින් සිදුකරනු ලැබූ ඒ වැරැද්ද පිළිබඳව ඇය කියා සිටියේ ඇමෙරිකාවේ ‘චැනල් 24’ නම්වූ රූපවාහිනී නාළිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. “නොදැන තමයි මම ඒ වරද කළේ. මම, අම්මාගෙ පර්ස් එකෙන් ඩොලර් එකක් විතර හොරෙන් අරගත්තා. වීඩියෝ ගේම්ස්වලට තමයි ඒක වියදම් කළේ. ඩොලර් එක අරගෙන මමයි, තව යාළුවෝ දෙතුන් දෙනෙකුයි එක්ක වීඩියෝ ක්‍රීඩා කරන්න ගියා. අපි පොඩි කාලෙ ඩොලර් එකක් ගොඩක් වටිනවා.”
අනූද ඩිනිල්දු
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජෙනිෆර්ගේ හොරකමක් මාට්ටු