දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනාගත් නිළියක වන ජෙනිෆර් ලෝරන්ස්ගේ නිවසින් පිටත මේ වනවිට දස දෙනෙකු නිදාගෙන සිටින බැව් වාර්තා වෙයි. කෙසේ නමුත් තමාට සෑම උදයකම දකින්න ලැබෙන මෙම අසෝබන දසුන සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කිරීමට ලෝරන්ස් උනන්දු නොවීමද කැපී පෙනෙයි. මේ පිළිබඳ විමසීමේදී ඇය පවසා ඇත්තේ තමාගේ වෘත්තියට ඇති ගරුත්වයත්, තමාට ඇති ආදරයත් නිසා තමා එම අසරණයන්ට කිසිවක් නොකරන බැව් ඔවුන් දන්නා බැවින් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට තරම් තමා අකාරුණිකයෙක් නොවන බවය. අනෙක් අතට මෙය තමාට පමණක් සිදුවූ අකරතැබ්බයක් නොවන බව සඳහන් කරන ලෝරන්ස්, මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ පෑ නළු නිළියන් සමගින් තමන් මේ ගැන කතිකාවක නිරත වූ බව සඳහන් කළේය. ඒ අනුව මෙවැනි සුළු සිදුවීම්වලට නඩු පැවරීම හෝ පොලීසිය වෙත යාම තමාට අනුව විහිළුවක් බව ඇගේ අදහස වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd