කොළඹ කොම්පඤ්ඤවීදීයේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි කළ සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙසේ වන්දි නියම වුයේ වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වන දොන් පීටර් නානයක්කාරටය.2012 දී එම වීදුරු දොර කඩා හානි කර තිබිණි. සතොසේ මුදල් හා විගණන අංශයේ පිවිසුම් දොරටුව පිහිටියේ ඒ මහලේය.
ඔහු ඊට හානි කළ බව සොයා ගැනුණේ ඔහුගේ ඇඟිලි සලකුණු තුනක් එහි සටහන් වී තිබීමෙනි.2013 ජුලී 31 වැනිදා එම ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් ගින්නට කලින් එම දොර කඩා ඇති බවට කොම්පඤ්ඤවීදියේ පොලීසියට පැමිණිලි කළ බවත් අධිකරණයේදී කියැවිණි.
දෙපාර්ශවයේම එකඟත්වයෙන් සිද්ධිය සමථකට පත් විය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජොන්ස්ටන්ගේ ලේකම් සතොසෙ දොරක් කඩයි
ලලින්ද්‍ර Tuesday, 01 July 2014 10:01 AM
ගින්නට ඉස්සරවෙලා විගණන අස්සේ දොර කඩලා නම් ඉතින් නිකම් නෙමේනේ දොර කඩලා ඇත්තේ. ලිපි ගොනු එහෙමත් අතුරුදහන් වෙලා ඇතිනේ. ඊට පස්සේ එ්ක වහන්නයි ගින්න පටන්ගන්න ඇත්තේ. ඒ ගැන හොයල නැද්ද? අනේ මන්දන්නේ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (නදී)
නිශාන්ත Monday, 30 June 2014 07:54 PM
අතිගරු ජනාධිපති තුමනි මේ සිද්දිය ගැන සොයාබලන්න (දී)
සිරා Monday, 30 June 2014 08:09 PM
ඔච්චර කල් යන්නෙ නැහැ 2012දිම හයවෙනි මහලෙ ඉඳන් පොලවට තියන දුර එයාටම මනින්න කිව්ව නම්.ජනතා දේපල මේ විදියට විනාශ කරන්න කවුද බලපත්‍ර දුන්නෙ... (දී)
සුනිල් Monday, 30 June 2014 11:10 PM
මේ දන්නේ නැති නිසා අහන්නේ. එහෙමත් නඩු සමතයකට පත් කොරගන්න පුලුවනිද? දැන් කවුද ඔය කියන දෙපාර්සවේ? (දී)
අජන්ත Tuesday, 01 July 2014 12:00 AM
මෙහෙම සමථයකට පත්වුණ එක හොඳයි එක අතකට (නි)
කාන්ති Tuesday, 01 July 2014 04:15 AM
මොනවා වුණත් රාජ්‍ය දේපළකට හානිකිරීම වැරදියි (නි)
එරංග Tuesday, 01 July 2014 04:35 AM
අනේ ඇත්තට, මෙහෙමත් දේවල්? (නි)
එඩ්වර්ඩ් Tuesday, 01 July 2014 04:52 AM
මොකටද දන්නෙ නැහැ දොර කැඩුවේ? (නි)
පෙරේරා Tuesday, 01 July 2014 04:53 AM
සුනිල්, මටත් තියෙන ප්‍රශ්නය ඒකම තමයි. ඔහොම යමු. ආශ්චර්යය අපේ අත ළඟ. (නි)
ටෙනිසන් Tuesday, 01 July 2014 06:24 AM
නඩුයි බඩුයි කාගේ වුණත් මේ දේපල අපේ. (මහජනතාවගේ) (නි)
චමින්ද Monday, 30 June 2014 05:23 PM
වෙන කෙනක් කරා නම් එහෙම, සමතය කෙසේ වෙතත් සැහෙන කාලයක් ඇතුලේ ඉන්න වේවි. (දී)
ගාමිණී - සිරි Monday, 30 June 2014 05:27 PM
ඔය කියන සම්භන්ධී කරණ ලේකම් වරයා ස.තො.ස. කරාටේ සංගමයේ බ්ලැක් බෙල්ට් කාරයෙක් වෙන්න ඇති.! (දී)
නිල්මිණි Monday, 30 June 2014 05:29 PM
ලංකාවේ නඩුවක් ඉවර වෙන්න යන කලක් අප්පා,මෙතරම්ම උසාවිය කාර්ය බහුලද (දී)
ලුම්බිණි Tuesday, 01 July 2014 08:34 AM
ගොඩනැගිල්ලේ ගින්න සහ අලාභය ගැන තවත් හොයන්න දෙයක් නැහැ. නඩුව සමතයකට පත් වෙලා නේ. (නදී)
තරිඳු Monday, 30 June 2014 05:52 PM
වෙන කෙනෙක් කළා නම් හිරේ.(දී)
සත්‍යයා Tuesday, 01 July 2014 07:36 PM
මේ වාගේ සත්ගුණවත් පුද්ගලයන් සම්බන්ධීකරණ ලේකම්ලා හැටියට පත් කරගැනීමම මදෑ ඉතින්... (නි)
ඉසුරන්දි Tuesday, 01 July 2014 09:28 AM
නිතිය වල්වැදිලද? නැත්තම් ඕන ඕන අය මේ නිතිය ඕන ඕන විදිහට පරිහරණය කරනවද? (නදී)
මහින්ද Tuesday, 01 July 2014 07:44 PM
මෙහෙම පුලුවන්ද රාජ්‍ය දේපළ වනසන්න? (නි)
නලින් Monday, 30 June 2014 06:33 PM
මට මතක් වෙන්නේ අම්බලමේ පිනාගේ කතාව. (දී)