(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබේ.

සෝභිත රාජකරුණා සහ  ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීම ආරම්භ වී ඇත.

මෙහි පෙත්සම්කාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ය .

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වළකන ආඥාවක් නිකුත් කරන්නැයි පැමිණිලිකරු මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ ඊයේ අට දිනයේදීය.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.