IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජොන්ස්ටන්ගේ නඩු 4 ක් ඉල්ලා අස්කර ගනී

(නිමන්ති රණසිංහ)
 

වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු වත්කම් බැරකම් නඩු 4 ක් අද (19) එම කොමිසන් සභාව විසින් අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබිණි.

2010, 2011, 2012, 2013 යන වර්ෂවලට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළැයි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව නඩු පවරා තිබිණි.

එම සිද්ධියට අදාළව නඩු ඉදිරියට පවත්වාගෙන නොහැකි තාක්ෂණික දෝෂ මතුවී තිබීම හේතුවෙන් මෙම ඉල්ලා අස්කර ගැනීම සිදුකරන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.



අදහස් (34)

ජොන්ස්ටන්ගේ නඩු 4 ක් ඉල්ලා අස්කර ගනී

sena Tuesday, 19 March 2019 08:34 AM

මොන විහිලුවක්ද - චුදිතයෙකුට විරුද්දව නඩුවක් ගොනු කරගන්න බැරි මිනිස්සුන්ට මහජන මුදලින් පඩි නඩි දී සැප සම්පත් ආදිය දෙන්නේ මොකටද?

:       0       578

pathirana Tuesday, 19 March 2019 08:36 AM

වැඩ බැරි මේ මිනිස්සු මහජන මුදලින් පඩි ගන්නේ නැතුව පාරේ හිගාකවනම් මිට වඩා හොදය නේද - අනික මේ මිනිස්සු පත් කලේ කව්ද?

:       0       463

ගල්කටස් Tuesday, 19 March 2019 08:47 AM

ඇයි එහෙනම් නඩු දැම්මෙ

:       0       184

Dubai SanathTuesday, 19 March 2019 09:17 AM

දේශපාලනඥයින් විසින් කාබාසිනියා කරන ලද මගේ රට ගැන තිබුණ එකම බලාපොරොත්තුව අධිකරණය විතරයි. ඒ බලාපොරොත්තුවත් බොඳ වෙලා යනවා. දැන්නම් ඉතින් මේ රට සදහටම අතැරලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ වගේ.

:       1       638

මාවිල්මඩ වජිර හිමිTuesday, 19 March 2019 09:47 AM

බලාපොරොත්තු අත්හැර ගන්න එපා . කවදාහරි දවසක ඉදිරි පරම්පරාව හරි මොලේ පාවිච්චි කරලා මේ අය අතුගාලා දාන දවසක් එයි. නන්දා මාලනිගේ පවනේ සින්දුවක් තියෙනවා "මගේ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගලවනු මැනවි" කියලා. ජනතාව වැඩිකල් නොගිහින් අවුරුදු හැත්තෑවක් තිස්සේ ආපු පාර වෙනස් කරලා විකල්පයක් ගැන හිතනවා.

:       61       1113

VajiraTuesday, 19 March 2019 09:21 AM

මේකට තමා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය ඔක්කොම එයා අතට ගත්තේ කතාව නම් බුදු වෙලා වගේ.

:       178       871

RanjanTuesday, 19 March 2019 01:09 PM

නඩුව ගොනු කලේ UNP කාලේදී නේද?

:       44       75

BamunuarachchiTuesday, 19 March 2019 01:02 PM

ගල්කටස් මහත්තයෝ මිනිසුන්ගේ හැටියක් තමයි තව කොටසක් තම පැත්තට හරවා ගැනීමට වුවමනා වූ විට අනිකාට විරුද්ධව බොරු චෝදනාවක් ඉදිරිපත් කිරීම... එ්ක එදිනෙදා ජීවිතයේ කෙරෙනවා. මෝඩ තකතීරු මිනිස්සු අතරේ එය මිනිසුන් බින්දවීමේ සාර්ථක උපක්‍රමයක්. 2015දී ඡන්දය ලබා ගැනීමේදී එජාපයින් සාර්ථක ලෙස එය ඉටුකළා. ඡන්දය දිනුවා අර අමන 62 ඉල්ලීමට නඩුපැවරුවා. නමුත් පෙන්වීමට තරම් දූෂණ කර නොමැති නිසා හැම නඩුවෙන්ම නිදොස් කොට නිදහස් වෙනවා. මේ අමන රැල තාමත් අර දූෂණ ගැන හිතනවා. මේ අමන රැල ක්‍රිකට් තරගයක් නරඹනවා නම් 3 වෙනි අම්පයර් දෙන තීන්දුවත් පිළිගන්නේ නැත. මොවුන් තමයි පිට්ටනිය මැදට පැන යකා නටන්නේ....

:       372       165

V.warnakulasuriyaTuesday, 19 March 2019 04:00 PM

වහල්කම උරුම කරගත් අන්ධයන්ද අප අතර සිටින බවට බමුණුආරච්චි තුමාගේ අදහසින් මම තේරුම් ගතිමි.

:       151       185

Chanak Los angelesTuesday, 19 March 2019 04:13 PM

සුරංගනා කතා, කව්රු බේරුණත් සාටකයන්ට නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ...

:       94       123

BamunuarachchiTuesday, 19 March 2019 05:34 PM

වර්ණකුලසූරිය අදහස් ඉදිරිපත් කරන පුද්ගලයාට වහලෙක් කියනවට වඩා ඒ කියන අදහස වැරදියි... මෙන්න හරිදේ කියා ඔබට අදහසක් ඉදිරිපත් කිරීමට ඔබ ඉස්කෝලේ ගියානම් ඒ ඉස්කෝලේ උගන්වා නැද්ද? ඔබලා වැනි අමනයන් සිටින රටකට හරියාවිද?

:       66       106

BamunuarachchiTuesday, 19 March 2019 05:26 PM

නඩු දැම්මේ ඡන්දෙ ගන්න කියපු බොරු වහගන්න. චෝදනා බොරු නිසා නිදොස් කොට නිදහස් වෙනවා. 62 අමන රැල හතර වටේටම බනිමින් ඔලුවේ අතතියාගෙන අධිකරණයට බනිමින් අඬනවා.

:       222       154

V.warnakulasuriyaTuesday, 19 March 2019 07:47 PM

රටේ සිටින විඝණකාධිපතිතුමා කියනවා සිදුවී ඇති වංචා, දූෂණ ගැන වයිමාගෙන් ඇසිය යුතුබව... ජනාධිපතිතුමා වංචා, දූෂණ ගැන කියමින් හඬාවැළපෙනවා. බමුණුතුමා කියනවා " පෙන්වීමට තරම් දූෂණ නොමැති නිසා හැම නඩුවෙන්ම නිදොස් කොට නිදහස් කරනවා" කියලා. ගමේ ඉස්කෝලෙන් ඉගෙනගත් නිසාදෝ මට නම් මේවා තේරුම් ගත නොහැකියි...

:       40       68

HRWednesday, 20 March 2019 04:58 AM

විගණකාධිපතිතුමා වයිමාගෙන් ඇසීමට කියන වංචා, දූෂණ සහ ජනාධිපතිතුමා කියමින් හඬා වැලපෙන වංචා දූෂණ 2015න් පසු සිදු වුණු ඒවානේ.. ඒවට නම් පියවර ගන්නේ නෑ හැබැයි කවුරුත්.. අධිකරණය ස්වාධීන නිසාද මන්දා..

:       42       15

ලුම්බිණි Tuesday, 19 March 2019 09:02 AM

ඔය අහනවා කියන කිසිම නඩුවක් අහන්නේ නැහැ. ඇහුවත් නිවැරදි කාරයෝ වෙනවා.

:       5       304

prabha Tuesday, 19 March 2019 09:14 AM

කියන්න වෙන්නේ ඉක්බිතිව සියල්ලෝ සතුටින් විසිර ගියහ කියල තමා

:       0       310

Sarath Silva Tuesday, 19 March 2019 09:20 AM

පාලකයන්ගේ හවුලේ ප්‍රතිඵල තමා මේ. අපේ රට කවදාවත් හොරු තක්කඩි නැති රටක් කරන්න ලැබෙන්නේ නැහැ. මේ තක්කඩි රුලම එලවා අලුත්ම 225 ක් පත් කලොත් රටට හොඳ කලක් උදාවේවි.

:       1       221

nihal c k Tuesday, 19 March 2019 09:27 AM

අත්අඩංගුවට ගන්නකොට මහා විශාල ප්‍රචාර වොයිස්කට්....... සැකකරු අපරාදකාරයෙක් කරලත් ඉවරයි .... ඒවා බොරු අසත්‍ය බව ඔප්පු උනාම ඒ ප්‍රචාක යාන්ත්‍රණයක්.... ඇයි අද නිහඩ

:       722       327

Nishan Tuesday, 19 March 2019 09:29 AM

දිල්රුක්ෂි ඩයස් දාපු නඩු අස් කරගෙන අරහේ බාල් නටනවා ලක්ෂ ගාණක් ජනතා මුදල් විනාශ කරලා. දුෂණය වලක්වන ආයතනයේ ප්‍රධානියා දුෂණය කරනවා.

:       0       257

sirimal Tuesday, 19 March 2019 09:30 AM

තව මාස 6 යි. ඊට පස්සේ ඔය නඩු දාපු අයට තමයි ගස් යන්න වෙන්නේ. එතකොට කිසිදවසක " තාක්ෂණික දෝෂ" කියල ජාතියක් ගැන අහන්න වෙන්නේ නැහැ ෂුවර්.

:       84       601

Uditha - London Tuesday, 19 March 2019 10:01 AM

ඒ කියන්නේ එතුමා අල්ලස් එකට වත්කම් බැරකම් ප්‍රකාශ කරලද?... යකාගේ තාක්ෂණික දෝෂ මේවා.. ඕකට හපන් වැරදි වැඩක් කරලා තාක්ෂණික දෝෂ තිබ්බොත් ඒ මිනිහ නිදහස් වේවිනේ ... අල්ලස් එක හිතනවද දන්නේ නැහැ ලංකාව බබා ලන්තේ කියල..

:       0       316

chamath Tuesday, 19 March 2019 10:05 AM

මෙතුමා හොද සල්ලි කාරයෙක් හොරෙක් නෙමෙයි...... ඒ බව කුරුණෑගලම දන්නවා

:       1072       442

casmir Tuesday, 19 March 2019 10:35 AM

සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් ක්‍රියාත්මක නීතිය , මේවා ගැන කතා කරන්ඩ ක්‍රියාත්මක වේන්ඩ් රටේ කව්රුත් නැහැ . සාක්ෂරතාව 94% , පරිගණක සාක්ෂරතාවය 45% ලෝකේ තියෙන හොදම ආගම හතරක් අදහන මිනිස්සු ඉන්න රට , හැබැයි කරුමක්කාර විදියට විනය පිරිහිලා තියෙන්නේ එක හදන්ඩ අධ්‍යාපනය ක්‍රමයම වෙනස් කරන්ඩ ඕන . පග ගන්න එක පිළිකාවක් වෙලා මිනිස්සු එකට පුරුදු වෙලා . මේක පොඩි මිනිහගේ ඉදන් ජනාධිපති දක්වාම ඉහලට ගිහිල්ල ඉවරි . ට්‍රැෆික් පොලිසි දඩ කොලයක් දුන්නොත් කටවාගෙන ගන්නේ සුළු මිනිස්සු සෙට් එකක විතරයි . ඉස්පිරිතාලෙදිත් එකටත් ජරාව දෙනවා.....

:       0       435

සේන Tuesday, 19 March 2019 10:46 AM

තනිකරම විහිලු..... මේ රවටන්නෙ ජනතාව.....විනාශ කරන්නෙ රටේ සල්ලි

:       0       216

රවින් Tuesday, 19 March 2019 10:51 AM

දේශපාලුවෝ විසින්ම නුසුදුස්සා ඉහළ තනතුරු වලට පත් කිරීමේ ප්‍රතිඵල. වැටත් නියරත් ............. කාට කියම්දෝ?

:       3       237

Amila Tuesday, 19 March 2019 11:52 AM

හරියට වැඩ කරන්න බැරි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙදර යැවිය යුතුයි. අනික ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ට හෝ හිටපු මැති ඇමතිලාට විරුද්ධව කිසිම නඩුවකින් දඩුවම් නොලැබෙනු ඇත. හේතුව ඔවුන් සියලුම දෙනා වගේ ඩීල් කාරයන්ය. මෙය වෙනස් කිරීමට නම් අලුත්ම උගත් බුද්ධිමත් පලපුරුදු තරුණ කණ්ඩායමකට රටේ පාලනය ලැබිය යුතුය.

:       0       218

buddhi Tuesday, 19 March 2019 12:36 PM

මේවා මොනවද? ඔය මහ දවාලේ කුරුවිට හන්දියේ දෙනෝදාහක් මැද්දේ නාලන්ද එල්ලාවල වෙඩිතියලා මැරුවේ.. අද වෙනකම් මරපු කෙනෙක් නැහැනේ. මෙයාලා හීනෙන් අවදි වෙලාද?

:       11       42

buddhi Tuesday, 19 March 2019 12:39 PM

මේවා මොනවද? ඔය මහා දවාලේ දෙනෝදාහක් සෙනග මැද්දේ නාලන්ද එල්ලාවල වෙඩි තියලා මරලා දැම්මේ... අද වෙනකන් මරපු එකෙක්ට දඩුවම් දීල තියේද? නිකන් හීනෙන් වගේ සමහරු කතා කරන්නේ...

:       0       16

lal Tuesday, 19 March 2019 12:59 PM

අංගොඩට තමයි යවන්න වෙන්නේ...

:       0       0

Praba Tuesday, 19 March 2019 01:16 PM

කරුණාකර ලංකාවේ නීති පද්ධතිය විවේචනය කරන්න එපා. මතකද පොල්ගෙඩි කිහිපයක් හොරකම් කළ පාසල් දැරියකටත් අපේ අධිකරණය දඬුවම් කළා..

:       0       70

Ranjith Tuesday, 19 March 2019 01:17 PM

නාගානන්ද මහත්තයා අධිකරණයට අපහස කරාලු ....... එතකොට පාලකයන්ට ඕනේ විදියට නඩු වෙනස් කිරීම අපහාස නොවෙයිද? විනිසුරුවෝ මේවාට ඉඩ දීලා කරන්නේ අධිකරණයට අපහාස නොවෙයිද? අවුරුදු 70 දේශපාලනය වෙනස් කරන්නට කාලය පැමිණ ඇත. අධිකරණයේ ක්‍රියාදාමයද වෙනස් විය යුතුයි.

:       43       21

Hafeel Tuesday, 19 March 2019 01:53 PM

කලින් රටේ වැසියෝ දොස් කිව්වේ කාලගුණ දෙපාර්තුමේන්තුවට. දැන් බලනකොට අල්ලස් කොමිසමත්, නීතිපති දෙපාර්තමේන්තුවත් එකට සමානයි වගේ...

:       0       20

Ruwan Wednesday, 20 March 2019 04:10 AM

වෙන දේවල් දිහා බැලුවම සමහරු ජාත්‍යන්තර අධිකරණය සාධාරණ නේද කියලා හිතෙනවා... මේ විදියට දෝෂ සහිතව කී දෙනෙකුට නඩු දාලද දන්නේ නෑ. තුවක්කුව පොල්ලක් ලෙස බාවිතා කර ඇත...

:       0       14

ajith Wednesday, 20 March 2019 05:51 AM

පැමිණිල්ලෙහි තාක්ෂණ දෝෂ නිසා නඩු ඉල්ලා අස්කරගන්න පුළුවනි. ඒත් එහෙම වුණාම නැවත සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අධිකරණයෙන් අවසර ඉල්ලන්න නේද ඕනේ? මෙතැනදී චූදිතයා වරදක් කලේ නැහැ කියලා ඔප්පු වෙලා නැහැ. නිදහස් වී තියෙන්නේ චෝදනාවෙන් නොවෙයි.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 465 0

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 584 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 297 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 570 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3006 5

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 8269 8

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1012 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 248 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site