(නිමන්ති රණසිංහ)
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු වත්කම් බැරකම් නඩු 4 ක් අද (19) එම කොමිසන් සභාව විසින් අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබිණි.
2010, 2011, 2012, 2013 යන වර්ෂවලට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළැයි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව නඩු පවරා තිබිණි.
එම සිද්ධියට අදාළව නඩු ඉදිරියට පවත්වාගෙන නොහැකි තාක්ෂණික දෝෂ මතුවී තිබීම හේතුවෙන් මෙම ඉල්ලා අස්කර ගැනීම සිදුකරන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිලුවක්ද - චුදිතයෙකුට විරුද්දව නඩුවක් ගොනු කරගන්න බැරි මිනිස්සුන්ට මහජන මුදලින් පඩි නඩි දී සැප සම්පත් ආදිය දෙන්නේ මොකටද?
වැඩ බැරි මේ මිනිස්සු මහජන මුදලින් පඩි ගන්නේ නැතුව පාරේ හිගාකවනම් මිට වඩා හොදය නේද - අනික මේ මිනිස්සු පත් කලේ කව්ද?
ඇයි එහෙනම් නඩු දැම්මෙ
ඔය අහනවා කියන කිසිම නඩුවක් අහන්නේ නැහැ. ඇහුවත් නිවැරදි කාරයෝ වෙනවා.
කියන්න වෙන්නේ ඉක්බිතිව සියල්ලෝ සතුටින් විසිර ගියහ කියල තමා
පාලකයන්ගේ හවුලේ ප්‍රතිඵල තමා මේ. අපේ රට කවදාවත් හොරු තක්කඩි නැති රටක් කරන්න ලැබෙන්නේ නැහැ. මේ තක්කඩි රුලම එලවා අලුත්ම 225 ක් පත් කලොත් රටට හොඳ කලක් උදාවේවි.
අත්අඩංගුවට ගන්නකොට මහා විශාල ප්‍රචාර වොයිස්කට්....... සැකකරු අපරාදකාරයෙක් කරලත් ඉවරයි .... ඒවා බොරු අසත්‍ය බව ඔප්පු උනාම ඒ ප්‍රචාක යාන්ත්‍රණයක්.... ඇයි අද නිහඩ
දිල්රුක්ෂි ඩයස් දාපු නඩු අස් කරගෙන අරහේ බාල් නටනවා ලක්ෂ ගාණක් ජනතා මුදල් විනාශ කරලා. දුෂණය වලක්වන ආයතනයේ ප්‍රධානියා දුෂණය කරනවා.
තව මාස 6 යි. ඊට පස්සේ ඔය නඩු දාපු අයට තමයි ගස් යන්න වෙන්නේ. එතකොට කිසිදවසක " තාක්ෂණික දෝෂ" කියල ජාතියක් ගැන අහන්න වෙන්නේ නැහැ ෂුවර්.
ඒ කියන්නේ එතුමා අල්ලස් එකට වත්කම් බැරකම් ප්‍රකාශ කරලද?... යකාගේ තාක්ෂණික දෝෂ මේවා.. ඕකට හපන් වැරදි වැඩක් කරලා තාක්ෂණික දෝෂ තිබ්බොත් ඒ මිනිහ නිදහස් වේවිනේ ... අල්ලස් එක හිතනවද දන්නේ නැහැ ලංකාව බබා ලන්තේ කියල..
මෙතුමා හොද සල්ලි කාරයෙක් හොරෙක් නෙමෙයි...... ඒ බව කුරුණෑගලම දන්නවා
සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් ක්‍රියාත්මක නීතිය , මේවා ගැන කතා කරන්ඩ ක්‍රියාත්මක වේන්ඩ් රටේ කව්රුත් නැහැ . සාක්ෂරතාව 94% , පරිගණක සාක්ෂරතාවය 45% ලෝකේ තියෙන හොදම ආගම හතරක් අදහන මිනිස්සු ඉන්න රට , හැබැයි කරුමක්කාර විදියට විනය පිරිහිලා තියෙන්නේ එක හදන්ඩ අධ්‍යාපනය ක්‍රමයම වෙනස් කරන්ඩ ඕන . පග ගන්න එක පිළිකාවක් වෙලා මිනිස්සු එකට පුරුදු වෙලා . මේක පොඩි මිනිහගේ ඉදන් ජනාධිපති දක්වාම ඉහලට ගිහිල්ල ඉවරි . ට්‍රැෆික් පොලිසි දඩ කොලයක් දුන්නොත් කටවාගෙන ගන්නේ සුළු මිනිස්සු සෙට් එකක විතරයි . ඉස්පිරිතාලෙදිත් එකටත් ජරාව දෙනවා.....
තනිකරම විහිලු..... මේ රවටන්නෙ ජනතාව.....විනාශ කරන්නෙ රටේ සල්ලි
දේශපාලුවෝ විසින්ම නුසුදුස්සා ඉහළ තනතුරු වලට පත් කිරීමේ ප්‍රතිඵල. වැටත් නියරත් ............. කාට කියම්දෝ?
හරියට වැඩ කරන්න බැරි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙදර යැවිය යුතුයි. අනික ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ට හෝ හිටපු මැති ඇමතිලාට විරුද්ධව කිසිම නඩුවකින් දඩුවම් නොලැබෙනු ඇත. හේතුව ඔවුන් සියලුම දෙනා වගේ ඩීල් කාරයන්ය. මෙය වෙනස් කිරීමට නම් අලුත්ම උගත් බුද්ධිමත් පලපුරුදු තරුණ කණ්ඩායමකට රටේ පාලනය ලැබිය යුතුය.
මේවා මොනවද? ඔය මහ දවාලේ කුරුවිට හන්දියේ දෙනෝදාහක් මැද්දේ නාලන්ද එල්ලාවල වෙඩිතියලා මැරුවේ.. අද වෙනකම් මරපු කෙනෙක් නැහැනේ. මෙයාලා හීනෙන් අවදි වෙලාද?
මේවා මොනවද? ඔය මහා දවාලේ දෙනෝදාහක් සෙනග මැද්දේ නාලන්ද එල්ලාවල වෙඩි තියලා මරලා දැම්මේ... අද වෙනකන් මරපු එකෙක්ට දඩුවම් දීල තියේද? නිකන් හීනෙන් වගේ සමහරු කතා කරන්නේ...
අංගොඩට තමයි යවන්න වෙන්නේ...
කරුණාකර ලංකාවේ නීති පද්ධතිය විවේචනය කරන්න එපා. මතකද පොල්ගෙඩි කිහිපයක් හොරකම් කළ පාසල් දැරියකටත් අපේ අධිකරණය දඬුවම් කළා..
නාගානන්ද මහත්තයා අධිකරණයට අපහස කරාලු ....... එතකොට පාලකයන්ට ඕනේ විදියට නඩු වෙනස් කිරීම අපහාස නොවෙයිද? විනිසුරුවෝ මේවාට ඉඩ දීලා කරන්නේ අධිකරණයට අපහාස නොවෙයිද? අවුරුදු 70 දේශපාලනය වෙනස් කරන්නට කාලය පැමිණ ඇත. අධිකරණයේ ක්‍රියාදාමයද වෙනස් විය යුතුයි.
කලින් රටේ වැසියෝ දොස් කිව්වේ කාලගුණ දෙපාර්තුමේන්තුවට. දැන් බලනකොට අල්ලස් කොමිසමත්, නීතිපති දෙපාර්තමේන්තුවත් එකට සමානයි වගේ...
වෙන දේවල් දිහා බැලුවම සමහරු ජාත්‍යන්තර අධිකරණය සාධාරණ නේද කියලා හිතෙනවා... මේ විදියට දෝෂ සහිතව කී දෙනෙකුට නඩු දාලද දන්නේ නෑ. තුවක්කුව පොල්ලක් ලෙස බාවිතා කර ඇත...
පැමිණිල්ලෙහි තාක්ෂණ දෝෂ නිසා නඩු ඉල්ලා අස්කරගන්න පුළුවනි. ඒත් එහෙම වුණාම නැවත සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අධිකරණයෙන් අවසර ඉල්ලන්න නේද ඕනේ? මෙතැනදී චූදිතයා වරදක් කලේ නැහැ කියලා ඔප්පු වෙලා නැහැ. නිදහස් වී තියෙන්නේ චෝදනාවෙන් නොවෙයි.