(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කරනු ලැබ තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පක්ෂයේ සිටින දුර්වල සංවිධායකවරුන් ඉවත් කර නව සංවිධායකවරුන් පත්කිරීම ඉදිරියේදී සිදුවනු ඇතැයි සන්ධාන මහලේකම්වරයා කීවේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය කළ විමසීමකදීය.
COMMENTS
අප්පච්චියේ මෙයාට වුන වැඩේ.
ඔන්න ඔහොම ටික ටික ශුද්ධ වෙනවා නම් අපටත් හිතට පොඩි ගතියක් දැනෙනවා ! ජය වේවා.
ඔය දෙන්නම හොඳ ගජ යාලුවෝ. කවුරු ආවත් ඒ දෙන්නට අවුලක් නැහැ. අවුල හැමදාම අසරණ සාමාන්‍ය මිනිස්සුන්ට
ඉතා හොද වැඩක්
මෙයාගේ නඩු ටිකත් ඉක්මනට අහන්න.
ලොකු දෙයක්
නඩු අසා වැරදිකාරයන්ට දඩුවම් දෙන්නේ කවදද?
මොන පක්ෂයෙන් ඉල්ලුවත් තැබෑරුම් කාරයන්ට කුඩු මුදලාලිලාට චන්දය දෙන්න එපා. සුළු ලාබයකට දරුවන්ගේ අනාගතය පවා දෙන්න එපා. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලකයන්ගේ වැරැද්දෙන් නොව ඡන්ද දායකයන්ගේ වැරැද්දෙන් බව නිතර සිතන්න.
රටද ? පක්ෂයද? නිල් කොළ රතු පක්ෂ බේද දුරලා රට හදමු. හිතන්න එපා කිසිම දේශපාලකයෙක් රටට ආදරෙයි කියල.
ගානට වැඩිය දැගලුවා හොඳ වැඩේ
දැන් මෙයාට තියෙන්නෙ ආයෙමත් මුදුන්කොටුවට වෙලා යුග ගීයක් ගයාගෙන ඉන්න එක තමයි.