හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
විෂය භාර අමාත්‍යවරයාව සිටි කාලයේ දී සතොසෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඔහු අද (5) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබුණි.
උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පස්වරු 3.20ට ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රනාන්දු මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටියත් එන ඡන්දෙදි උඩින්ම දිනාවි (නි)
මේ දේශපාලුවන්ව අත් අඩංගුවට ගත්තම මාංචු පෙන්වන්නේ හරියට ජාතික වීරයෝ කියලා හිතාගෙන. ඒක අලුත් ස්ටයිල් එකක් වෙලාද කොහෙද.(බ)
මේවාට වගකියන්නේ ඕනෑ කවුද? තමාගේ ගෝලයන් වැරදි කරනකොට වැරදි, නිවැරදි නොකළාට දැන් ගෙවන්න වෙලා (නි)
හිරගෙවල් වෙනුවට හදමු හදමු රෝහල් වල ගෙවන වාට්ටු (නි)
මෙහෙම කරන එක හොඳ නැහැනේ. හිනාවෙන් පෙනෙන්නේ නැද්ද? මේ අය සුපිරියටම රටට වැඩකළ අයනේ (නි)
මාංචු දමන්න ඕනෑ අත පිටුපසට තියලයි. (නි)
දැන් ඉතින් නටපු කාලේ ඉවරයි වගේ.(හේ)
ලක්ෂ 50 නම් අත්අඩංගුවේ. බිලියන ගණනක් නම් නිදහස්ද? (නි)
බඩුත් එක්ක ඔක්කොම හොරු රොත්ත පිටින් නීතියට අහුවෙන්නි යන්නේ .(හේ)
මේ දෑත් ශක්තිමත් කරන්න ආපු කට්ටියනේ! (ම)
දැන් භාණ්ඩ ටික එතකොට මුදුන්කොටුවේද ?(හේ)
තම සැකකරුවෙක් විතරයි.වරඳකරුවකු නොවේ.(හේ)
ඇතුගල නගරයේදී බැඳී හාද - ඔබේ වදන් කොතරම් නම් රස වීද - රජෙකුට වුවත් කළ කම් පලදෙද්ද - ජොන්ස්ටන් හෙට දවසේ මා මෙහි තනිවේද (නි)
ලෙඩ වෙන්න එපෝ. (හේ)
ඉස්පිරිතාල ඇඳන් වල තව ඉඩ තියෙනවද??(හේ)
අද රෑ වෙනකොට මෙයත් රෝහල් ගත වෙයි.(හේ)
දැන් ඉතින් අසනීප වේවි. (නි)
මොනවටද අත් අඩංගුවට ගන්නේ.. කෙළින්ම රෝහල්ගත කරන්නකෝ. (බ)
හැබැයි සතොසින් පොන්නි සම්බා රුපියල් 60ට දෙනකොට කට්ටිය කිසි කතාවක් නැතුව ඒවා පොරකකා ගත්තා (නි)
සිදු විය යුතු දේවල් පරක්කු වෙලා හෝ සිදුවෙනවා ,(හේ)
හෙට ලෙඩ්ඩු බලන්න මැදමුලනෙන් එයි. (බ)
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා.....ඔබ සායම් මකාගන්න වෑයම් කළා....... (නි)